යෙදුමෙන් කියවන්න

6. අවිජ‍්ජාවග‍්ගො අට‍්ඨකථා

6. අවිජ්ජා වර්ගය

1-10. අවිජ‍්ජාපහානසුත‍්තාදිවණ‍්ණනා

1-10. අවිජ්ජාපහාන ආදි සූත්‍ර වර්ණනා

අවිජ‍්ජාවග‍්ගෙ අවිජ‍්ජාති චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණං. විජ‍්ජාති අරහත‍්තමග‍්ගවිජ‍්ජා. අනිච‍්චතො ජානතො පස‍්සතොති දුක‍්ඛානත‍්තවසෙනාපි ජානතො පස‍්සතො පහීයතියෙව, ඉදං පන අනිච‍්චවසෙන කථිතෙ බුජ‍්ඣනකපුග‍්ගලස‍්ස අජ‍්ඣාසයෙන වුත‍්තං. එසෙව නයො සබ‍්බත්‍ථ. අපි චෙත්‍ථ සංයොජනාති දස සංයොජනානි. ආසවාති චත‍්තාරො ආසවා. අනුසයාති සත‍්ත අනුසයා. සබ‍්බුපාදානපරිඤ‍්ඤායාති සබ‍්බෙසං චතුන‍්නම‍්පි උපාදානානං තීහි පරිඤ‍්ඤාහි පරිජානනත්‍ථාය. පරියාදානායාති ඛෙපනත්‍ථාය. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අවිජ්ජා වර්ගයෙහි - අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය නොදැනීමයි. විජ්ජා යනු අර්හත් මාර්ගය පිළිබඳ දැනුමයි. අනිච්චතො ජානතො පස්සතො යනු දුඃඛ සහ අනාත්ම වශයෙන් දැනගන්නාවූත්, දකින්නාවූත්, තැනැත්තාගේ (කෙළෙස්) ප්‍රහීන වේමය යන අදහසයි. මෙය අනිත්‍ය වශයෙන් කියන ලද කලින් අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ අදහසින් කියන ලදී. සියලු තන්හිම මේ ක්‍රමය වේ. තව ද මෙහි සඤ්ඤොපනා යනු දස සංයෝජනයන්ය. ආසවා යනු (කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන) ආශ්‍රවයන් සතරයි. අනුසය යනු (කාමරාග, පටිඝ ආදී) අනුසය සතයි. සබ්බූපාදාන පරිඤ්ඤාය යනු සියලු සිවු වැදෑරුම් උපාදාන තුන් ආකාර වූ පූර්ණ දැනුමෙන් අවබෝධ කර ගැනීම පිණිස යන අදහසයි. පරියාදානාය යනු ක්ෂය කිරීම සඳහා යන අදහසයි. සෙස්ස පහසුවෙන් අවබෝධ වේවය.

අවිජ‍්ජාවග‍්ගො ඡට‍්ඨො.

පළමු වන අවිජ්ජා වර්ගය නිමි.