යෙදුමෙන් කියවන්න

සබ‍්බුපාදානපරිඤ‍්ඤාසුත‍්තං

1. 6. 8.

1. 6. 8.

සබ‍්බුපාදානපරිඤ‍්ඤාසුත‍්තං

සබ්බුපාදානපරිඤ්ඤා සූත්‍රය

60. සබ‍්බුපාදානපරිඤ‍්ඤාය වො භික‍්ඛවෙ, ධම‍්මං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරිඤ‍්ඤාය ධම‍්මො:

60. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:

චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවංපස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා පරිඤ‍්ඤාතං මෙ උපාදානන‍්ති පජානාති.

ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. සද‍්දෙසුපි නිබ‍්බින්‍දති, සොතවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, සොතසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරිඤ‍්ඤාතං මෙ උපාදාන”න‍්ති පජානාති.

කනත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කනෙහිත් කලකිරෙයි. ශබ්දයන්හිත් කලකිරෙයි. සෝතවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.

ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච උප‍්පජ‍්ජති, ඝානවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවංපස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ගන්‍ධෙසුපි නිබ‍්බින්‍දති, ඝානවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, ඝානසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරිඤ‍්ඤාතං මෙ උපාදාන”න‍්ති පජානාති.

නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැහැයෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. ඝානවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝානසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.

ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හා විඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො ජිව‍්හායපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ජිව‍්හාවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, ජිව‍්හාසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති,

දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශයයි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.

වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරිඤ‍්ඤාතං මෙ උපාදාන”න‍්ති පජානාති. කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො කායෙපි නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බෙසුපි නිබ‍්බින්‍දති, කායවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, කායසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරිඤ‍්ඤාතං මෙ උපාදාන”න‍්ති පජානාති.

කයත් ඵොට්ඨබ්බත් නිසා කායවිඤ්ඤාණ උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කයෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බයන්හිත් කලකිරෙයි, කායවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.

මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමොක‍්ඛා “පරිඤ‍්ඤාතං මෙ උපාදාන”න‍්ති පජානාති. අයං ඛො භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරිඤ‍්ඤාය ධම‍්මොති.

සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි, මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය යි.