යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤොජනපහානසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 6. 2.

1. 6. 2.

සඤ‍්ඤොජනපහානසුත‍්තං

සංයෝජන පහාන සූත්‍රය

54. සාවත්‍ථියං–

54. සැවැත්නුවර–

කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො, සඤ‍්ඤොජනා පහීයන‍්තීති?

වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති. රූපෙ අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති. චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති. චක‍්ඛුසම‍්ඵස‍්සං අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්ති.

මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. රූප අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය, අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් හෙද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ.

එවං ඛො භික‍්ඛු, ජානතො එවං පස‍්සතො සඤ‍්ඤොජනා පහීයන‍්තීති.

මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ යයි.

1. 6. 3.

1. 6. 3.

සඤ‍්ඤොජනසමුග‍්ඝාතසුත‍්තං

සංයෝජන සමුග්ඝාත සූත්‍රය

55. කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තීති?

55. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. රූපෙ අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. චක‍්ඛුවිඤ‍්ඤාණං අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. චක‍්ඛුසම‍්ඵස‍්සං අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති.

මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. රූප අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් ම නැසීමට යේ. චක්‍ෂුස්සංසපර්‍ෂය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ … මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ.

එවං ඛො භික‍්ඛු, ජානතො එවං පස‍්සතො සඤ‍්ඤොජනා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තීති.

මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ යි.

1. 6. 4.

1. 6. 4.

ආසවප‍්පහානසුත‍්තං

ආසවපහාන සූත්‍රය

56. සාවත්‍ථියං–

56. සැවැත්නුවර–

කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ආසවා පහීයන‍්තීති.

වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනිච‍්චතො ජානතො පස‍්සතො ආසවා පහීයන‍්ති. රූපෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො ආසවා පහීයන‍්ති.

මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ. රූ ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස් සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ.

එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො ආසවා පහීයන‍්තීති.

මහණ, මෙසේ දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ යි.

1. 6. 5.

1. 6. 5.

ආසවසමුග‍්ඝාතසුත‍්තං

ආසවසමුග්ඝාත සූත්‍රය

57. කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ආසවා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තීති?

57. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනත‍්තතො ජානතො පස‍්සතො ආසවා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. රූපෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො ආසවා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති.

මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් නැසීම යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් ම නැසීමට යේ.

එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො ආසවා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති.

මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ යි.

1. 6. 6.

1. 6. 6.

අනුසයප‍්පහානසුත‍්තං

අනුසයප්පහාන සූත්‍රය

58. කථන‍්නු ඛො භන‍්තෙ ජානතො කථං පස‍්සතො අනුසයා පහීයන‍්තීති?

58. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනිච‍්චතො ජානතො පස‍්සතො අනුසයා පහීයන‍්ති. රූපෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො අනුසයා පහීයන‍්තීති.

මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුසංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දනන්හුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ.

එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො අනුසයා පහීයන‍්තීති.

මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ යි.

1. 6. 7.

1. 6. 7.

අනුසයසමුග‍්ඝාතසුත‍්තං

අනුසයසමුග්ඝාත සූත්‍රය

59. සාවත්‍ථියං–

59. සැවැත්නුවර–

කථන‍්නු ඛො භන‍්තෙ ජානතො කථං පස‍්සතො අනුසයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තීති?

වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ දැ? යි.

චක‍්ඛුං ඛො භික‍්ඛු, අනත‍්තතො ජානතො පස‍්සතො අනුසයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති, රූපෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො අනුසයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති.

මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ.

එවං ඛො භික‍්ඛු, ජානතො එවං පස‍්සතො අනුසයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තී ති.

මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ යි.