යෙදුමෙන් කියවන්න

අවිජ‍්ජාපහානසුත‍්තං

1. 6. 1.

1. 6. 1.

අවිජ‍්ජාපහානසුත‍්තං

අවිජ්ජාපහාන සූත්‍රය

53. සාවත්‍ථියං–

53. සැවැත්නුවර–

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජතීති?

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී දැ? යි මෙය සැලකළේ ය.

චක‍්ඛුං ඛො භික‍්ඛු අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. රූපෙ අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. චක‍්ඛුසම‍්ඵස‍්සං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති.

මහණ, චක්‍ෂුස අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රූපයන් අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුර්විඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.

සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. රසෙ අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. ජිව‍්හා විඤ‍්ඤාණං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. ජිව‍්හාසම‍්ඵස‍්සං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති.

නැහැය … දිව අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රස අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.

කායං -පෙ- මනං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. ධම‍්මෙ අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. මනොවිඤ‍්ඤාණං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. මනොසම‍්ඵස‍්සං අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති. එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජතීති.

කය ... මනස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. දහම් අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනෝවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මහණ, මෙසේ දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී යි.