යෙදුමෙන් කියවන්න

උපස‍්සට‍්ඨසුත‍්තං

1. 5. 10.

1. 5. 10.

උපස‍්සට‍්ඨසුත‍්තං

උපස්සට්ඨ සූත්‍රය

52. සබ‍්බං භික‍්ඛවෙ උපස‍්සට‍්ඨං කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං උපස‍්සට‍්ඨං:

52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:

චක‍්ඛුං භික‍්ඛවෙ උපස‍්සට‍්ඨං, රූපා උපස‍්සට‍්ඨා, චක‍්ඛුවිඤ‍්ඤාණං උපස‍්සට‍්ඨං, චක‍්ඛුසම‍්ඵස‍්සො උපස‍්සට‍්ඨො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි උපස‍්සට‍්ඨං. සොතං -පෙ-

මහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...

ජිව‍්හා උපස‍්සට‍්ඨා, රසා උපස‍්සට‍්ඨා, ජිව‍්හාවිඤ‍්ඤාණං උපස‍්සට‍්ඨං, ජිව‍්හාසම‍්ඵස‍්සො උපස‍්සට‍්ඨො. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි උපස‍්සට‍්ඨං. කායො උපස‍්සට‍්ඨො -පෙ-

දිව උවදුරු සහිත ය. රස උවදුරු සහිත ය, ජිව්හාවිඤ්ඤාණය උවදුරු සහිත ය. ජිව්හාසම්ඵස්සය උවදුරු සහිත ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.

මනො උපස‍්සට‍්ඨො, ධම‍්මා උපස‍්සට‍්ඨා, මනොවිඤ‍්ඤාණං උපස‍්සට‍්ඨං, මනොසම‍්ඵස‍්සො උපස‍්සට‍්ඨො. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි උපස‍්සට‍්ඨං.

මනස උවදුරු සහිත ය. දහම් උවදුරු සහිත ය, මනෝවිඤ්ඤාණය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී යි.

සබ‍්බානිච‍්චවග‍්ගො පඤ‍්චමො.

පස්වන සබ්බානිච්ච වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා ච අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං උපද‍්දුතං උපසට‍්ඨං වග‍්ගො තෙන පවුච‍්චති.

අනිච්ච, දුක්ඛ, අනත්ත, අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, අභිඤ්ඤෙය්‍යපරිඤ්ඤෙය්‍ය, උපද්දුත, උපස්සට්ඨ යන සූත්‍රදශයෙන් වර්‍ගය කියනු ලැබේ.

පඨමො පණ‍්ණාසකො.

පළමු වන පණ්ණාසක යි.

තස‍්ස වග‍්ගුද‍්දානං:

එහි වර්‍ගනාමාවලිය:

අනිච‍්චවග‍්ගො යමකො සබ‍්බවග‍්ගො ජාතිධම‍්මො සබ‍්බානිච‍්චෙන පඤ‍්ඤාසො පඨමො තෙන පවුච‍්චති.

අනිච්ච වර්‍ගය, යමක වර්‍ගය, සබ්බ වර්‍ගය, ජාතිධම්ම වර්‍ගය යන මොහු ඒ සබ්බානිච්ච වර්‍ගයෙන් පළමු වන පණ්ණාසකය කියනු ලැබේ.