සබ‍්බුපාදානපරියාදානසුත‍්තං
1. 6. 9.
1. 6. 9.
සබ‍්බුපාදානපරියාදානසුත‍්තං
සබ්බුපාදානපරියාදාන සූත්‍රය
61. සබ‍්බුපාදානපරියාදානාය වො භික‍්ඛවෙ, ධම‍්මං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරියාදානාය ධම‍්මො: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරියාදින‍්නං මෙ උපාදාන”න‍්ති පජානාති, -පෙ-
61. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනි.
ජිව‍්හං ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හාවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො ජිව‍්හායපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ජිව‍්හාවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, ජිව‍්හාසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමොක‍්ඛා “පරියාදින‍්නං මෙ උපාදාන”න‍්ති පජානාති -පෙ-
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී.
මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. එවං පස‍්සං, භික‍්ඛවෙ, සුතවා අරියසාවකො මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමොක‍්ඛා “පරියාදින‍්නං මෙ උපාදාන”න‍්ති පජානාති. අයං ඛො භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරියාදානාය ධම‍්මොති.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.