යෙදුමෙන් කියවන්න

දුතිය මිගජාලසුත‍්තං

1. 7. 2.

1. 7. 2.

දුතිය මිගජාලසුත‍්තං

දුතිය මිගජාල සූත්‍රය

64. අථ ඛො ආයස‍්මා මිගජාලො යෙන භගවා තෙනුපසඞ‍්කමි, -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මිගජාලො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ භගවා, සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

64. එකල්හි, ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.

සන‍්ති ඛො මිගජාල චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයො, මිගජාලාති වදාමි. -පෙ-

මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ යයි කියමි.

සන‍්ති ඛො මිගජාල ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, -පෙ- මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයො, මිගජාලාති වදාමි.

මිගජාල ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳීමට සුදුසු දිවෙන් දත යුතු රස ... ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ ය යි කියමි.

සන‍්ති ච ඛො මිගජාල චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු න අභිනන්‍දති න අභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො නන්‍දී නිරුජ‍්ඣති. නන්‍දිනිරොධා දුක‍්ඛනිරොධො මිගජාලාති වදාමි. -පෙ-

මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන, ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ ය යි කියමි.

සන‍්ති ච ඛො මිගජාල ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- සන‍්ති ච ඛො මිගජාල මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො නන්‍දී නිරුජ‍්ඣති. නන්‍දිනිරොධා දුක‍්ඛනිරොධො, මිගජාලාති වදාමීති. අථ ඛො ආයස‍්මා මිගජාලො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

මිගජාල, ... දිවෙන් දත යුතු රස ඇත. මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇත කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ ය යි කියමි යි. ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.

අථ ඛො ආයස‍්මා මිගජාලො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා මිගජාලො අරහතං අහොසීති.

ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ හුදකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසනුවෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර අර්‍හත්ත්‍වය ඉහාත්මයෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට (එයට) එළඹ විසූහ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි අවබෝධ කළහ. ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.