සමිද්ධි-මාරපඤ්හසුත්තං
1. 7. 3.
1. 7. 3.
සමිද්ධි-මාරපඤ්හසුත්තං
සමිද්ධි මාරපඤ්හ සූත්‍රය
65. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. අථ ඛො ආයස්මා සමිද්ධි යෙන භගවා තෙනුපසංකමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච: මාරො, මාරොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ මාරො වා අස්ස මාරපඤ්ඤත්ති වාති?
65. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවන අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළමියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.: “වහන්ස, ‘මාර යැ මාර යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් මාර හෝ මාර ප්රඥප්ති වන්නේ දැ”යි.
යත්ථ ඛො සමිද්ධි අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි ජිව්හා, අත්ථි රසා, අත්ථි ජිව්හාවිඤ්ඤාණං, අත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි මනො, අත්ථි ධම්මා, අත්ථි මනොවිඤ්ඤාණං, අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා.
සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥානය ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්රඥප්ති හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිව්හාවිඥාන ඇද්ද, ජිව්හාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ ඇත ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති ඇති.
යත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි ජිව්හා, නත්ථි රසා, නත්ථි ජිව්හාවිඤ්ඤාණං, නත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වාති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්ෂුර්විඥානය නැද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... ජිව්හා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ නැතැ යි.