යෙදුමෙන් කියවන්න

දුතිය ඡඵස‍්සායතනසුත‍්තං

1. 7. 10.

1. 7. 10.

දුතිය ඡඵස‍්සායතනසුත‍්තං

දුතිය ඡඵස්සායතන සූත්‍රය

72. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති, අවුසිතං තෙන බ්‍රහ‍්මචරියං, ආරකාව සො ඉමම‍්හා ධම‍්මවිනයාති.

72. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නොවසන ලද, හේ මෙසස්නෙන් දුරු මැ වෙයි.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: එත්‍ථාහං භන‍්තෙ අනස‍්සාසිං, අහඤ‍්හි භන‍්තෙ ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාමීති.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහනස්, “මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තත් සේ නො දනිමි” යි.

තං කිම‍්මඤ‍්ඤසි භික‍්ඛු, චක‍්ඛුං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසීති? එවං භන‍්තෙ. සාධු භික‍්ඛු, එත්‍ථ ච තෙ භික‍්ඛු චක‍්ඛුං “නෙතං මම නෙසො හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං භවිස‍්සති. එවන‍්තෙ එතං පඨමං ඵස‍්සායතනං පහීනං භවිස‍්සති ආයතිං අපුනබ‍්භවාය -පෙ-

මහණ, ඒ කුමැ, යි හඟිහි ද? ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මා නුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ පළමුවන ස්පර්‍ශායතනය මතු නූපදනා (නිවන) පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...

ජිව‍්හං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසීති? එවං භන‍්තෙ. සාධු භික‍්ඛු, එත්‍ථ ච තෙ භික‍්ඛු, ජිව‍්හා “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා භවිස‍්සති. එවන‍්තෙ එතං චතුත්‍ථං ඵස‍්සායතනං පහීනං භවිස‍්සති ආයතිං අපුනබ‍්භවාය -පෙ-

දිව “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ සිව්වැනි ඵස්සායතනය මතු නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...

මනං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසීති? එවං භන‍්තෙ. සාධු භික‍්ඛු, එත්‍ථ ච තෙ භික‍්ඛු, මනො “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨො භවිස‍්සති. එවන‍්තෙ එතං ඡට‍්ඨං ඵස‍්සායතනං පහීනං භවිස‍්සති ආයතිං අපුනබ‍්භවායාති.

සිත “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ය. මෙසේ තාගේ මේ සවැනි ඵස්සායතනය මත්තෙහි නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ යි.