යෙදුමෙන් කියවන්න

පඨම ඡඵස‍්සායතනසුත‍්තං

1. 7. 9.

1. 7. 9.

පඨම ඡඵස‍්සායතනසුත‍්තං

පඨම ඡඵස්සායතන සූත්‍රය

71. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති: අවුසිතං තෙන බ්‍රහ‍්මචරියං, ආරකා සො ඉමම‍්හා ධම‍්මවිනයාති.

71. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ හටගැන්මත් විනාශයත් විඳගැන්මත් දෝෂයත් නික්මයෑමත් තතු සේ නො දනී ද, ඔහු විසින් මඟබඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් දුරු වෙයි.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: එත්‍ථාහං භන‍්තෙ, අනස‍්සාසිං, අහඤ‍්හි භන‍්තෙ ඡන‍්නං ආයතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාමීති.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි යි.

තං කිම‍්මඤ‍්ඤසි භික‍්ඛු චක‍්ඛුං: “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සසීති? නොහෙතං භන‍්තෙ. සාධු භික‍්ඛු එත්‍ථ ච තෙ භික‍්ඛු චක‍්ඛුං: “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං භවිස‍්සති. එසෙවන‍්තො දුක‍්ඛස‍්ස -පෙ-

මහණ ඒ කුමැ යි හඟිහි ද? ඇස “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දකිහි දැ? යි. වහන්ස, එය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ යි”යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක්හි කෙළවර (නිවන) මෙය මැ යි ...

ජිව‍්හං: “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛු එත්‍ථ ච තෙ භික‍්ඛු ජිව‍්හා: “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා භවිස‍්සති. එසෙවන‍්තො දුක‍්ඛස‍්ස -පෙ-

දිව: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දී වන්නේ නම් දුක් කෙළෙවර මෙය මැ යි ...

මනං: “එතං මම, එසො’හමස‍්මි එසො මෙ අත‍්තාති සමනුපස‍්සසී”ති. නොහෙතං භන‍්තෙ. සාධු භික‍්ඛු එත්‍ථ ච තෙ භික‍්ඛු මනො “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨො භවිස‍්සති. එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති.

සිත: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක් කෙළවර මෙය මැ යි.