උපසෙනසුත‍්තං
1. 7. 7.
1. 7. 7.
උපසෙනසුත‍්තං
උපසේන සූත්‍රය
69. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච උපසෙනො රාජගහෙ විහරන‍්ති සීතවනෙ සප‍්පසොණ‍්ඩික පබ‍්භාරෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො උපසෙනස‍්ස කායෙ ආසීවිසො පතිතො හොති.
69. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් උපසේන තෙරණුවෝත් රජගහ නුවරැ සීත වෙනෙහි සප්පසොණ්ඩික පර්‍වතගුහාවෙහි වැඩ විසූහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කයෙහි ආශීර්විෂයෙක් වැටුණේ වෙයි.
අථ ඛො ආයස‍්මා උපසෙනො භික‍්ඛූ ආමන‍්තෙසි: එථ මෙ ආවුසො, ඉමං කායං මඤ‍්චකං ආරොපෙත්‍වා බහිද‍්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්‍යථාපි භුසමුට‍්ඨීති. එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං උපසෙනං එතදවොච: න ඛො පන මයං පස‍්සාම ආයස‍්මතො උපසෙනස‍්ස කායස‍්ස වා අඤ‍්ඤථත‍්තං ඉන්‍ද්‍රියානං වා විපරිණාමං. අථ ච පනායස‍්මා උපසෙනො එවමාහ: එථ මෙ ආවුසො ඉමං කායං මඤ‍්චකං ආරොපෙත්‍වා බහිද‍්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්‍යථාපි භුසමුට‍්ඨීති.
එකල්හි ආයුෂ්මත් උපසේන තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, “එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙය වදාළහ: ආයුෂ්මත් උපසේනයන්ගේ කයෙහි වෙනස්බවක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකුම්හ. එහෙත් ආයුෂ්මත් උපසේන මෙසේ කියයි. “ඇවැත්නි, එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි.
යස‍්ස නූන ආවුසො සාරිපුත‍්ත, එවමස‍්ස: අහං චක‍්ඛුන‍්ති වා මම චක‍්ඛුන‍්ති වා, අහං සොතන‍්ති වා මම සොතන‍්ති වා, අහං ඝානන‍්ති වා මම ඝානන‍්ති වා, අහං ජිව‍්හාති වා මම ජිව‍්හාති වා, අහං කායොති වා මම කායොති වා, අහං මනොති වා මම මනොති වා. තස‍්ස නූන ආවුසො සාරිපුත‍්ත, සියා කායස‍්ස වා අඤ‍්ඤථත‍්තං ඉන්‍ද්‍රියානං වා විපරිණාමො. මය‍්හඤ‍්ච ඛො ආවුසො සාරිපුත‍්ත, න එවං හොති: අහං චක‍්ඛුන‍්ති වා මම චක‍්ඛුන‍්ති වා, අහං සොතන‍්ති වා මම සොතන‍්ති වා, අහං ඝානන‍්ති වා මම ඝානන‍්ති වා, අහං ජිව‍්හාති වා මම ජිව‍්හාති වා, අහං කායොති වා මම කායොති වා, අහං මනොති වා මම මනොති වා. තස‍්ස මය‍්හං ආවුසො සාරිපුත‍්ත, කිං කායස‍්ස වා අඤ‍්ඤථත‍්තං භවිස‍්සති, ඉන්‍ද්‍රියානං වා විපරිණාමොති?
ඇවැත්නි සාරිපුත්‍රයෙනි, යමකුට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ ය කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ ඒකාන්තයෙන්යෙන් මෙබඳු සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඔහුගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ ඒකාන්තයෙන් වන්නේ ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වූකලි “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ යැ කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ” කියා හෝ බෙමඳු සිතෙක් නො වේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම? ඒ මාගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ වන්නේ ද? (නො වන්නේ ම ය.)
තථා හි පනායස‍්මතො උපසෙනස‍්ස දීඝරත‍්තං අහංකාරමමිංකාර මානානුසයො සුසමූහතා. තස‍්මායස‍්මතො උපසෙනස‍්ස න එවං හොති: ‘අහං චක‍්ඛුන‍්ති වා මම චක‍්ඛුන‍්ති වා -පෙ- අහං ජිව‍්හාති වා මම ජිව‍්හාති වා -පෙ- අහං මනොති වා මම මනොති වා’ති.
ඒ එසේ මැ යි. ආයුෂ්මත් උපසේනයන් විසින් දිගුකලක සිට අහංකාර දෘෂ්ටිය මමීකාර තෘෂ්ණාව හා මානානුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් උපසේනයන්ට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ … දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ … සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ මෙබඳු සිතෙක් නො වේ.
අථ ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො උපසෙනස‍්ස කායං මඤ‍්චකං ආරොපෙත්‍වා බහිද‍්ධා නීහරිංසු. අථ ඛො ආයස‍්මතො උපසෙනස‍්ස කායො තත්‍ථෙව විකිරි සෙය්‍යථාපි භුසමුට‍්ඨීති.
ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය ඇඳක නඟා බැහැර ගෙන ගියහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය බොල්මිටක් මෙන් එතැන ම විසිර ගියේ යි.