සමිද්ධි-දුක‍්ඛපඤ‍්හසුත‍්තං
1. 7. 5.
1. 7. 5.
සමිද්ධි-දුක‍්ඛපඤ‍්හසුත‍්තං
සමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය
67. දුක‍්ඛං දුක‍්ඛන‍්ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, දුක‍්ඛං වා අස‍්ස දුක‍්ඛපඤ‍්ඤත‍්ති වාති?
67. වහන්ස, ‘දුඃඛ යැ දුඃඛ යැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
යත්‍ථ ඛො සමිද‍්ධි අත්‍ථි චක‍්ඛු, අත්‍ථි රූපා, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණං, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ දුක‍්ඛං වා දුක‍්ඛපඤ‍්ඤත‍්ති වා. -පෙ- අත්‍ථි ජිව‍්හා, අත්‍ථි රසා -පෙ- අත්‍ථි මනො, අත්‍ථි ධම‍්මා, අත්‍ථි මනොවිඤ‍්ඤාණං, අත්‍ථි මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ දුක‍්ඛං වා දුක‍්ඛපඤ‍්ඤත‍්ති වා.
සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇති.
යත්‍ථ ච ඛො සමිද‍්ධි නත්‍ථි චක‍්ඛු, නත්‍ථි රූපා, නත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණං, නත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, නත්‍ථි තත්‍ථ දුක‍්ඛං වා දුක‍්ඛපඤ‍්ඤත‍්ති වා. -පෙ- නත්‍ථි ජිව‍්හා, නත්‍ථි රසා, -පෙ- නත්‍ථි මනො, නත්‍ථි ධම‍්මා, නත්‍ථි මනොවිඤ‍්ඤාණං, නත්‍ථි මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, නත්‍ථි තත්‍ථ දුක‍්ඛං වා දුක‍්ඛපඤ‍්ඤත‍්ති වාති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති, හෝ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද … මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ නැති.
1. 7. 6.
1. 7. 6.
සමිද‍්ධි-ලොකපඤ‍්හසුත‍්තං
සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය
68. ලොකො ලොකොති භන‍්තෙ වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, ලොකො වා අස‍්ස ලොකපඤ‍්ඤත‍්ති වාති?
68. වහන්ස, ‘ලෝක’ යැ ‘ලෝක’ යැ යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
යත්‍ථ ඛො සමිද‍්ධි, අත්‍ථි චක‍්ඛු, අත්‍ථි රූපා, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණං, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වා -පෙ- අත්‍ථි ජිව‍්හා අත්‍ථි රසා -පෙ- අත්‍ථි මනො අත්‍ථි ධම‍්මා අත්‍ථි මනොවිඤ‍්ඤාණං අත්‍ථි මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වා.
සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ ඇත.
යත්‍ථ ච ඛො සමිද‍්ධි නත්‍ථි චක‍්ඛු නත්‍ථි රූපා නත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණං නත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, නත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වා -පෙ- නත්‍ථි ජිව‍්හා නත්‍ථි රසා -පෙ- නත්‍ථි මනො නත්‍ථි ධම‍්මා නත්‍ථි මනොවිඤ‍්ඤාණං නත්‍ථි මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, නත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වාති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ලෝක හෝ ලෝකප්‍රඥප්ති හෝ නැතැ’යි.