1. පලොකධම්මසුත්තවණ්ණනා අට්ඨකථා
1. පලොකධම්මසුත්තවණ්ණනා
1. පලොකධම්ම සූත්‍ර වර්ණනාව
ඡන්නවග්ගස්ස පඨමෙ පලොකධම්මන්ති භිජ්ජනකසභාවං. එවමෙත්ථ අනිච්චලක්ඛණමෙව කථිතං.
ඡන්න වග්ගයේ පළමු වැන්නෙහි පලොක ධම්මං යනු බිඳී යන ස්වභාවයයි. මෙසේ මෙහි අනිත්‍ය ලක්ෂණයම කියන ලදී.
2. සුඤ්ඤලොකසුත්තවණ්ණනා
2. සුඤ්ඤතලොක සූත්‍ර වර්ණනාව
දුතියෙ අත්තනියෙනාති අත්තනො සන්තකෙන පරික්ඛාරෙන. එවමෙත්ථ අනත්තලක්ඛණමෙව කථිතං.
දෙවැන්නෙහි අත්තනීයෙන යනු තමාට අයත් පිරිකරවලින් යන්නයි. මෙසේ මෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
3. සංඛිත්තධම්මසුත්තවණ්ණනා
3. සඞ්ඛිත්තධම්ම සූත්‍ර වර්ණනාව
තතියං ඛන්ධියවග්ගෙ ආනන්දොවාදෙ (සං· නි· 3.83) වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තෙවැන්න ඛන්ධවග්ගයෙහි ආනන්දොවාද (සූත්‍ර) යෙහි කියන ලද ක්‍රමයෙන් ම දතයුතුය.
4. ඡන්නසුත්තවණ්ණනා
4. ඡන්න සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ඡන්නොති එවංනාමකො ථෙරො, න අභිනික්ඛමනං නික්ඛන්තථෙරො. පටිසල්ලානාති ඵලසමාපත්තිතො. ගිලානපුච්ඡකාති ගිලානුපට්ඨාකා. ගිලානුපට්ඨානං නාම බුද්ධපසත්ථං බුද්ධවණ්ණිතං, තස්මා එවමාහ. සීසවෙඨං දදෙය්යාති සීසෙ වෙඨනං සීසවෙඨං, තඤ්ච දදෙය්ය. සත්ථන්ති ජීවිතහාරකසත්ථං. නාවකඞ්ඛාමීති න ඉච්ඡාමි. පරිචිණ්ණොති පරිචරිතො. මනාපෙනාති මනවඩ්ඪනකෙන කායකම්මාදිනා. එත්ථ ච සත්ත සෙඛා පරිචරන්ති නාම, අරහා පරිචාරී නාම, භගවා පරිචිණ්ණො නාම.
සිවු වැන්නෙහි ඡන්න යනු එම නම ඇති තෙර නමකි. අබිනික්මනයෙහිදී (කැටුව) නික්ම ගිය, (පසුව මහණ වූ ඡන්න) තෙරහු නො වෙති. පටිසල්ලාන යනු පල සමවතින් යන්නයි. ගිලාන පුච්ඡකා යනු ගිලන් උවටැන වනාහී බුදුන් විසින් ප්‍රශංසා කරන ලදී. බුදුන් විසින් වර්ණනා කරන ලදී. එබැවින් මෙසේ කීය යන අදහසයි. සීස වෙඨං දදෙය්ය යනු හිසෙහි වෙලනය හෙවත් වෙලන රෙද්ද) සීස වෙඨ (හෙවත් හිස් වෙළුම) නම් වෙයි. එය වුවද (අවශ්‍ය වූ විටෙක) දෙන්නේය යන අදහසයි. සත්ථං යනු දිවි නසන ආයුධ යි. නාවකඞ්ඛාමි නො කැමැත්තෙමි. පරිච්චණ්ණො පුරුදු කළ (හෙවත් පුරුදු වූ) මනාපෙන යනු සිත්හි සතුට වර්ධනය කරන කායික ක්‍රියා ආදියෙන් යන අදහසයි. මෙහි (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මාර්ග තුන අවබෝධ කරගත් තිදෙනා ද එම ඵල තුන අවබෝධ කරගත් තිදෙනා ද, අර්හත් මාර්ගයට ප්‍රවිෂ්ට වූ තැනැත්තා ද යන) ශෛක්ෂ්‍යයෝ සත් දෙනා පාරිචාරිකව හැසිරෙත් යනු (ශෛක්ෂ්යයන් සත් දෙනා විසින් පාරිවාරිකව බුදුන් වහන්සේ අනුව හැසිරෙනු, ලබත් යන අදහසයි. රහතන් වහන්සේ පාරිවාරිකව හැසුරුනහ යනු රහතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනු ලැබූහ යන අදහසයි.)
එතඤ්හි, ආවුසො, සාවකස්ස පතිරූපන්ති, ආවුසො, සාවකස්ස නාම එතං අනුච්ඡවිකං. අනුපවජ්ජන්ති අප්පවත්තිකං අප්පටිසන්ධිකං. පුච්ඡාවුසො සාරිපුත්ත, සුත්වා වෙදිස්සාමාති අයං සාවකපවාරණා නාම. එතං මමාතිආදීනි තණ්හාමානදිට්ඨිග්ගාහවසෙන වුත්තානි. නිරොධං දිස්වාති ඛයවයං ඤත්වා. නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති සමනුපස්සාමීති අනිච්චං දුක්ඛං අනත්තාති සමනුපස්සාමි. එත්තකෙසු ඨානෙසු ඡන්නත්ථෙරො සාරිපුත්තත්ථෙරෙන පුච්ඡිතං පඤ්හං අරහත්තෙ පක්ඛිපිත්වා කථෙසි. සාරිපුත්තත්ථෙරො පන තස්ස පුථුජ්ජනභාවං ඤත්වාපි තං “පුථුජ්ජනො”ති වා “ඛීණාසවො”ති වා අවත්වා තුණ්හීයෙව අහොසි. චුන්දත්ථෙරො පනස්ස පුථුජ්ජනභාවං සඤ්ඤාපෙස්සාමීති චින්තෙත්වා ඔවාදං අදාසි.
එතංහි ආවුසො සාවකස්ස පටිරූපං = ඇවැත්නි, ශ්රාවකයාට වූ කලී මෙය සුදුසු වේ. අනුපවජ්ජං = පැවැත්මක් නැති, පිළිසිඳ ගැනීමක් නැති. පුච්ඡාවුසො සාරිපුත්ත සුත්වා වෙදිස්සාම = (ඇවැත් ශාරිපුත්‍රයෙනි, ප්‍රශ්න කරන්න, ශ්‍රවණයකොට දැන ගන්නෙමු” යන) මෙය ශ්‍රාවක පවාරණය නම් වේ. එතං මම යන ආදිය තෘෂ්ණා මාන, දෘෂ්ටි ගැනීම (ආදි) වශයෙන් කියන ලදී. නිරෝධංදිස්වා ක්ෂය වීම, වැය වීම දැන ගෙන නෙතං මම නෙසො හමස්මි නමෙසො අත්තාති සමනුපස්සාමි අනිත්‍යය දුඃඛය, අනාත්මය යනුවෙන් දක්නෙමි. මෙතෙක් තන්හි ඡන්න ස්ථවිර තෙමේ සැරියුත් තෙරුන් විසින් ඇසූ ඇසූ ප්‍රශ්න වලට තමා තුළ ඇතැයි හඟවන) රහත් බැව්හි ඇතුළත් කොට පිළිතුරු) කීය. (හෙවත් තමා රහත් කෙනෙකැයි හැඟවෙන සේ පිළිතුරු දුන්හ) සැරියුත් තෙරුන් වහන්සේ වනාහී ඔහුගේ පුහුදුන් බව දැනගෙන වුව ද ඔහු පුහුදුන් අයකුයයි හෝ රහත් කෙනකු යයි හෝ නො කියා නිහඬවූ සේක්මය. චුන්ද ස්ථවීර තෙමේ වනාහී (සැරියුත්) තෙරුන් පුහුදුන් යයි හඟවන්නෙමියි සිතා අවවාද දුන්නේය.
තත්ථ තස්මාති යස්මා මාරණන්තිකං වෙදනං අධිවාසෙතුං අසක්කොන්තො සත්ථං ආහරාමීති වදති, තස්මා පුථුජ්ජනො ආයස්මා, තෙන ඉදම්පි මනසිකරොහීති දීපෙති. යස්මා වා ඡන්නං ආයතනානං නිරොධං දිස්වා චක්ඛාදීනි තිණ්ණං ගාහානං වසෙන න සමනුපස්සාමීති වදසි. තස්මා ඉදම්පි තස්ස භගවතො සාසනං ආයස්මතා මනසිකාතබ්බන්තිපි පුථුජ්ජනභාවමෙව දීපෙන්තො වදති.
එහි තස්මා “යම් හෙයකින් මරණාන්තික වේදනාවක් ඉවසීමට නොහැකිව (ඔබ) ආයුධයක් ගෙන එමියි කියන්නෙහි ද එහෙයින් පෘථග්ජනයෙක් වන ආයුෂ්මත් හු ඒ හේතුව නිසා මෙය ද සිහි කරන්නැ” යි දැක්වේ. යම් හෙයකින් වනාහී (චක්ඛු සොත ආදී) සළායතනයන්ගේ නිරුද්ධ වීම දැක ඇස් ආදිය (අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන) ත්‍රිවිධ ආකාරයෙන් සලකා බලන්නෙමි යයි කියන්නෙහි ද, ඒ හේතුවෙන් මේ කරුණ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනයකැයි ආයුෂ්මතුන් විසින් සිහි කළ යුතුයයි (තමාගේ) පුහුදුන් බවම දක්වමින් (සැරියුත් තෙරුන් වහන්සේට) කියයි.
නිච්චකප්පන්ති නිච්චකාලං. නිස්සිතස්සාති තණ්හාමානදිට්ඨීහි නිස්සිතස්ස. චලිතන්ති විප්ඵන්දිතං හොති. යථයිදං ආයස්මතො උප්පන්නං වෙදනං අධිවාසෙතුං අසක්කොන්තස්ස “අහං වෙදයාමි, මම වෙදනා”ති අප්පහීනග්ගාහස්ස ඉදානි විප්ඵන්දිතං හොති, ඉමිනාපි නං “පුථුජ්ජනොව ත්ව”න්ති වදති.
නිච්ච කප්පං = සදා කාලික නිස්සිතස්ස = තෘෂ්ණ, මාන, දෘෂ්ටීන් හා බැඳුන අයත්, චලිතං = කම්පනය වෙයි. යම් හෙයකින්, උපන්නා වූ මෙම වේදනාව ඉවසීමට නොහැකි වන්නා වූ ද, මගේ වේදනාව මම ම විඳගනිමියි යනුවෙන් (අරමුණු) ග්‍රහණය කිරීමෙහි අඩුවක් නො දක්වන්නා වූ ද ආයුෂ්මතුන් හට මෙවිට කම්පනයක් ඇති වෙති, මේ හේතුව නිසා ද ඔබ පුහුදුන් අයෙක්ම යයි ඔහුට කියයි. (සැරියුත් තෙරුන් හට කියයි)
පස්සද්ධීති කායචිත්තපස්සද්ධි, කිලෙසපස්සද්ධි නාම හොතීති අත්ථො. නතියාති තණ්හානතියා. අසතීති භවත්ථාය ආලයනිකන්තිපරියුට්ඨානෙ අසති. ආගතිගති න හොතීති පටිසන්ධිවසෙන ආගති නාම, චුතිවසෙන ගමනං නාම න හොති. චුතූපපාතොති චවනවසෙන චුති, උපපජ්ජනවසෙන උපපාතො. නෙවිධ න හුරං න උභයමන්තරෙනාති න ඉධලොකෙ න පරලොකෙ න උභයත්ථ හොති. එසෙවන්තො දුක්ඛස්සාති වට්ටදුක්ඛකිලෙසදුක්ඛස්ස අයමෙව අන්තො අයං පරිච්ඡෙදො පරිවටුමභාවො හොති. අයමෙව හි එත්ථ අත්ථො. යෙ පන “උභයමන්තරෙනා”ති වචනං ගහෙත්වා අන්තරාභවං ඉච්ඡන්ති, තෙසං වචනං නිරත්ථකං. අන්තරාභවස්ස හි භාවො අභිධම්මෙ පටික්ඛිත්තොයෙව. “අන්තරෙනා”ති වචනං පන විකප්පන්තරදීපනං. තස්මා අයමෙත්ථ අත්ථො – නෙව ඉධ න හුරං, අපරො විකප්පො න උභයන්ති.
පස්සද්ධි යනු කයෙහි ද සිතෙහි ද නිවී යාම කෙළෙස් නිවී යාමක්ම වේය යන අදහසයි. රති තෘෂ්ණාවේ ඇලීමෙහි. අසති (කාම, රූප, අරූප යන) භවයන් තුනෙහි ඇලීමේ බලවත් ආශාව මැඩ ගෙන නැගී සිටීමක් නැති කල්හි යන අදහසයි. ආගති ගති න හොති යනු (මවු කුස පිළිසිඳීම් වශයෙන් සිදුවන මෙලොවට) පැමිණිම හෝ (මෙලොවින්) චුත වීම් වශයෙන් (සිදුවන) ගමන හෝ සිදු නොවේ යන අදහසයි. චුතූපපාතො මරණයට පත් වීම වශයෙන් “චුති” යනු ද, ඉපදීම වශයෙන් උපපාත යනු ද යෙදේ නෙවිධ න හුරං න උභය මන්තරෙන යනු මෙලොවදී නොවේ, පරලොව දී නොවේ, දෙලොවෙහිදීම නොවේ යන අදහසයි. එසෙවන්තො දුක්ඛස්ස පැවැත්ම නිසා ඇතිවන දුකෙහිත්, කෙළෙස් නිසා ඇති වන දුකෙහිත් කෙළවර මෙය ම වන්නේය. පිරිසිඳීම මෙයම වන්නේය, මාර්ගය විවෘත වන්නේය යන මෙයම මෙහි අර්ථයයි. යමකු වනාහී “උභයත්ථමන්තරො” යන වචන ගෙන අන්තරා භවයක් (පිළිගැනීමට) රිසි වෙත් නම් (=කියත් නම්) ඔවුන්ගේ වචන නිරර්ථක වේ. අන්තරාභවය පිළිබඳ අදහස අභිධර්මයෙහි දී ප්‍රතික්ෂේප කරන ලද්දේමය. “අන්තරෙන” යන වචනය වූ කලී අමතර වූ අතරතුරක් (යන අදහස) ගෙන දෙයි. එහෙයින් මෙහි අරුත මෙසේ වන්නේය. (කෙසේදයත්) මෙලොවදී නො වේ, පරලොවදී නොවේ, වෙනත් විකල්පයක් (ලෙස කියත හොත්) දෙලොවදීම නොවේ.
සත්ථං ආහරෙසීති ජීවිතහාරකසත්ථං ආහරි, ආහරිත්වා කණ්ඨනාළං ඡින්දි. අථස්ස තස්මිං ඛණෙ මරණභයං ඔක්කමි, ගතිනිමිත්තං උපට්ඨාසි. සො අත්තනො පුථුජ්ජනභාවං ඤත්වා, සංවිග්ගචිත්තො විපස්සනං පට්ඨපෙත්වා, සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො අරහත්තං පත්වා, සමසීසී හුත්වා පරිනිබ්බුතො. සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතාති කිඤ්චාපි ඉදං ථෙරස්ස පුථුජ්ජනකාලෙ බ්‍යාකරණං හොති; එතෙන පන බ්යාකරණෙන අනන්තරායමස්ස පරිනිබ්බානං අහොසි. තස්මා භගවා තදෙව බ්‍යාකරණං ගහෙත්වා කථෙසි.
සත්ථං ආහාරෙසි දිවි තොර කරන අවියක් ගෙන ආවේය. ගලනාලය සිඳ ලීය. ඉක්බිති ඔහු තුළට එකෙණෙහි මරණ බිය ඇතුල් විය. ගති නිමිත්ත (හෙවත් මතු භවය පිළිබඳව නිමිත්ත) පහළ විය. හෙතෙම තමාගේ පුහුදුන් බව දැක සංවේගයට පත් සිත් ඇත්තේ නිදසුන් පිහිටුවා සංස්කාර ධර්මයන් පිරික්සනුයේ රහත් බවට පත්ව පිරිනිවියේය. සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතා= කෙසේ වුව ද මෙය ඒ තෙරුන්ගේ පුහුදුන් කල්හි ප්‍රකාශයක් වෙයි. මේ ප්‍රකාශයෙන් අනතුරුව උන් වහන්සේගේ පිරිනිවීම සිදු විය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යථොක්ත ප්‍රකාශය ගෙන හැර දක්වා වදාළ සේක.
උපවජ්ජකුලානීති උපසඞ්කමිතබ්බකුලානි. ඉමිනා ථෙරො, “භන්තෙ, එවං උපට්ඨාකෙසු ච උපට්ඨායිකාසු ච විජ්ජමානාසු සො භික්ඛු තුම්හාකං සාසනෙ පරිනිබ්බායිස්සතී”ති පුබ්බභාගපටිපත්තියං කුලසංසග්ගදොසං දස්සෙන්තො පුච්ඡති. අථස්ස භගවා කුලෙසු සංසග්ගාභාවං දීපෙන්තො හොන්ති හෙතෙ සාරිපුත්තාතිආදිමාහ. ඉමස්මිං කිර ඨානෙ ථෙරස්ස කුලෙසු අසංසට්ඨභාවො පාකටො අහොසි. සෙසං සබ්බත්ථ උත්තානමෙව.
උපවජ්ජකුලානි = එළඹිය යුතුව තිබූ පවුල් “ස්වාමීනි මෙසේ උපස්ථායකයන් ද, උපස්ථායිකාවන් ද සිටි කල්හි භික්ෂුව ඔබ වහන්සේගේ සසුනෙහි පිරිනිවීමට පත්වන්නේදැයි (ඒ භික්ෂුවගේ මුල් කාලයේ හැසිරීමෙහි දී (පැවතුනේ යයි සැලකෙන ගිහිපවුල් සමග අනිසි සබඳකම් පැවැත්වීම නම්) වූ කුල සංසර්ග දෝෂය දක්වමින් මේ අයුරින් ඒ තෙරණුවෝ (බුදුන්ගෙන්) විචාරති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම තෙරුන්හට කුල සංසර්ග (දෝෂ) යක් සිදු නොවූ බව දක්වන්නෝ හොන්ති හෙතෙ සාරි පුත්තා හෙවත් මොවුන් ශාරිපුත්‍ර අනුගාමිකයන්ම වෙතියි යන ආදිය වදාළහ. තම තැන්හිදී වනාහී (එම) තෙරුන්ගේ කුල සංසර්ග (දෝෂ)යක් නො තිබූ බව ප්‍රකට විය. සෙසු සියල්ල පහසු වන්නේමය.