යෙදුමෙන් කියවන්න

ඡන‍්නසුත‍්තං

1. 9. 4.

1. 9. 4.

ඡන‍්නසුත‍්තං

ඡන්න සූත්‍රය

87. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාචුන්‍දො ආයස‍්මා ච ඡන‍්නො ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ විහරන‍්ති. තෙන ඛො පන සමයෙන යෙන ආයස‍්මා ඡන‍්නො ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා මහාචුන්‍දො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාචුන්‍දං එතදවොච: “ආයාමාවුසො චුන්‍ද, යෙනායස‍්මා ඡන‍්නො තෙනුපසඞ‍්කමිස‍්සාම ගිලානපුච‍්ඡකා”ති. එවමාවුසොති ඛො ආයස‍්මා මහාචුන්‍දො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසි.

87. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් වෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැඟී ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කරුණ වදාළහ: ‘යම්හ ඇවැත්නි චුන්‍දයෙනි, ආයුෂ්මත් ඡන්න තෙරුන් කරා ගිලන්උවටැන් පුළුවුස්නමෝ එළැඹෙම්හ’යි. ‘එසේ යැ, ඇවැත්නි’යි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

අථ ඛො ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාචුන්‍දො යෙනායස‍්මා ඡන‍්නො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදිංසු. නිසජ‍්ජ ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං ඡන‍්නං එතදවොච:

එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ පනවනලද අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට තෙල කරුණ වදාළහ.

“කච‍්චි තෙ ආවුසො ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති, නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති.

කිම ඇවැත්නි, තොපට ඉවැසියහැකි ද, කිම යැපියහැකි ද, කිම දුක් වේදනාවෝ බැසයෙත් ද, නො වැඩෙත් ද, බැස යෑමේ අවසානය පැනේ ද, වැඩීමෙක් නො පැනේ දැ? යි.

න මෙ ආවුසො සාරිපුත‍්ත ඛමනීයං, න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමො. සෙය්‍යථාපි ආවුසො, බලවා පුරිසො තිණ‍්හෙන සිඛරෙන මුද‍්ධානං අභිමන්‍ථෙය්‍ය, එවමෙව ඛො ආවුසො අධිමත‍්තා වාතා මුද‍්ධානං උපහනන‍්ති.

ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මට ඉවැසිය නො හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො බැසයෙති, වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙකු තියුණු සැතෙකින් මුදුන පෙළා ද එපරිද්දෙන් මැ ඇවැත්නි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළති.

න මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං -පෙ- නො පටික‍්කමො. සෙය්‍යථාපි ආවුසො බලවා පුරිසො දළ‍්හෙන වරත‍්තඛණ‍්ඩෙන සීසෙ සීසවෙඨං දදෙය්‍ය, එවමෙව ඛො ආවුසො, අධිමත‍්තා සීසෙ සීසෙ වෙදනා.

ඇවැත්නි, මට ඉවැසිය නො හෙයි යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙක් දැඩි වරපටෙකින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ ද, එපරිද්දෙන්ම ඇවැත්නි, මාගේ ශීර්‍ෂවේදනා අධිමාත්‍ර වෙයි.

න මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං -පෙ- නො පටික‍්කමො. සෙය්‍යථාපි ආවුසො දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා තිණ‍්හෙන ගොවිකන‍්තනෙන කුච‍්ඡිං පරිකන‍්තෙය්‍ය, එවමෙව ඛො ආවුසො අධිමත‍්තා වාතා කුච‍්ඡිං පරිකන‍්තන‍්ති.

ඇවැත්නි, මට ඉවසිය නොහෙයි. යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක ඇතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි, අධිමාත්‍ර වාතයෝ කුස කපති.

න මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං, -පෙ- නො පටික‍්කමො. සෙය්‍යථාපි ආවුසො, ද‍්වෙ බලවන‍්තො පුරිසා දුබ‍්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුයා සන‍්තාපෙය්‍යුං, සම‍්පරිතාපෙය්‍යුං, එවමෙව ඛො ආවුසො, අධිමත‍්තො කායස‍්මිං ඩාහො.

ඇවැත්නි, මට ඉවසිය නො හෙයි. යැපිය නො හෙයි ... බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයක්හු වෙන වෙන අත්හි ගෙන සහළඟුරු වළෙකලා තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද එපරිද්දෙන් මැ ඇවැත්නි, කයෙහි අධිමාත්‍ර දාහ වෙයි.

න මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා. අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමො. සත්‍ථං ආවුසො සාරිපුත‍්ත, ආහරිස‍්සාමි නාවකඞ‍්ඛාමි ජීවිතන‍්ති.

ඇවැත්නි, මට ඉවසිය නො හෙයි යැපිය නො හෙයි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති. නො බැස යෙති. වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවන්නෙමි, ජීවිතය නො කැමැත්තෙමි’යි.

මා ආයස‍්මා ඡන‍්නො සත්‍ථං ආහරෙසි. යාපෙතායස‍්මා ඡන‍්නො, යාපෙන‍්තං මයං ආයස‍්මන‍්තං ඡන‍්නං ඉච‍්ඡාම. සචෙ ආයස‍්මතො ඡන‍්නස‍්ස නත්‍ථි සප‍්පායානි භොජනානි, අහං ආයස‍්මතො ඡන‍්නස‍්ස සප‍්පායානි භොජනානි පරියෙසිස‍්සාමි. සචෙ ආයස‍්මතො ඡන‍්නස‍්ස නත්‍ථි සප‍්පායානි භෙසජ‍්ජානි, අහං ආයස‍්මතො ඡන‍්නස‍්ස සප‍්පායානි භෙසජ‍්ජානි පරියෙසිස‍්සාමි. සචෙ ආයස‍්මතො ඡන‍්නස‍්ස නත්‍ථි පතිරූපා උපට‍්ඨාකා, අහං ආයස‍්මන‍්තං ඡන‍්නං උපට‍්ඨහිස‍්සාමි. මායස‍්මා ඡන‍්නො සත්‍ථං ආහරෙසි. යාපෙතායස‍්මා ඡන‍්නො, යාපෙන‍්තං මයං ආයස‍්මන‍්තං ඡන‍්නං ඉච‍්ඡාමාති.

ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ නහමක් ශස්ත්‍රාහරණ කෙරෙත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය භෝජන සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය බෙහෙසත් නැත් නම් මම සත්ප්‍රාය බෙහෙසත් සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට ප්‍රතිරූප උපස්ථායකෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරණුවනට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ සැතක් නො එළවත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ’යි.

න මෙ ආවුසො සාරිපුත‍්ත නත්‍ථි සප‍්පායානි භොජනානි, අත්‍ථි මෙ සප‍්පායානි භොජනානි. නපි මෙ නත්‍ථි සප‍්පායානි භෙසජ‍්ජානි, අත්‍ථි මෙ සප‍්පායානි භෙසජ‍්ජානි. නපි මෙ නත්‍ථි පතිරූපා උපට‍්ඨාකා, අත්‍ථි මෙ පතිරූපා උපට‍්ඨාකා. අපි ච මෙ ආවුසො සත්‍ථා පරිචිණ‍්ණො දීඝරත‍්තං මනාපෙනෙව නො අමනාපෙන. එතං හි ආවුසො, සාවකස‍්ස පතිරූපං යං සත්‍ථාරං පරිචරෙය්‍ය මනාපෙනෙව නො අමනාපෙන. තං අනුපවජ‍්ජං ඡන‍්නො භික‍්ඛු සත්‍ථං ආහරිස‍්සතීති, එවමෙතං ආවුසො සාරිපුත‍්ත ධාරෙහීති.

ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට නිසි බොජුන් නැත්තේ නො වෙයි, මට නිසි බොජුන් ඇත. මට නිසි බෙහෙත් නැත්තේ ද නො වෙයි. මට නිසි බෙහෙත් ඇත. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු ද නො වෙති, මට ප්‍රතිරූප උපස්ථායකයෝ ඇත. එතෙකුදුවත් ඇවැත්නි, මා විසින් දිගුකලක් මුළුල්ලෙහි අමනාප කායකර්‍මාදියෙන් නො වැ මනාප වූ කායකර්‍මාදියෙන් මැ ශාස්තෲන් වහන්සේ ඇසුරුකරන ලදහ. ඇවැත්නි, අමනාප වූ කායකර්‍මාදියෙන් නො ව මනාප වූ මැ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යමෙක් ඇද්ද, තෙල කරුණ මැ ශ්‍රාවකයක්හට නිසි වෙයි. එහෙයින් ඡන්න මහණ (අප්‍රතිසන්‍ධික වැ) ශස්ත්‍රාහරණ කරන්නේ යයි යන තෙල කරුණ ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ධරනසේක්වා යි.

පුච‍්ඡෙය්‍යාම මයං ආයස‍්මන‍්තං ඡන‍්නං කඤ‍්චිදෙව දෙසං, සචෙ ආයස‍්මා ඡන‍්නො ඔකාසං කරොති පඤ‍්හස‍්ස වෙය්‍යාකරණායාති.

ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ප්‍රශ්නව්‍යාකරණයට අවකාශ කෙරෙත් නම් ඇපි ආයුෂ්මත් ඡන්න තෙරුන් අතින් කිසි කරුණක් පුළුවුසුම්හ’ යි.

පුච‍්ඡාවුසො සාරිපුත‍්ත සුත්‍වා වෙදිස‍්සාමාති.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, පුළුවුස්නා මැනැවැ, අසා දන්නමෝ වේ දැ යි.

චක‍්ඛුං ආවුසො ඡන‍්න, චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සසි. සොතං ආවුසො ඡන‍්න -පෙ- ඝානං ආවුසො ඡන‍්න -පෙ- ජිව‍්හං ආවුසො ඡන‍්න -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණංජිව‍්හාවිඤ‍්ඤාණ විඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ: “එතං මම, එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සසි කායං ආවුසො ඡන‍්න -පෙ- මනං ආවුසො ඡන‍්න, මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සසීති.

ඇවැත්නි, ඡන්නයෙනි, චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රය … ඇවැත්නි, ඡන්නයෙනි ඝ්‍රාණය ... ඇවැත්නි, ඡන්නයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, කය … ඇවැත්නි, ඡන්නයෙනි මනස, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු දැ යි.

චක‍්ඛුං ආවුසො සාරිපුත‍්ත, චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ: “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සාමි, සොතං ආවුසො සාරිපුත‍්ත, -පෙ- ඝානං ආවුසො සාරිපුත‍්ත -පෙ- ජිව‍්හං ආවුසො සාරිපුත‍්ත, ජිව‍්හාවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සාමි, කායං ආවුසො සාරිපුත‍්ත -පෙ- මනං ආවුසො සාරිපුත‍්ත, මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සාමීති.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නොවෙමි, තෙලෙ මාගේ ආත්ම නොවේ ය”යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඝ්‍රාණය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නොවෙයි, තෙලෙ මම නොවෙමි තෙලෙ මාගේ ආත්ම නො වේ ය යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කය … ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි දක්මි’යි.

චක‍්ඛුස‍්මිං ආවුසො ඡන‍්න, චක‍්ඛුවිඤ‍්ඤාණෙ චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු කිං දිස‍්වා කිං අභිඤ‍්ඤාය චක‍්ඛුං චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසි? සොතස‍්මිං ආවුසො ඡන‍්න -පෙ- ඝානස‍්මිං ආවුසො ඡන‍්න -පෙ- ජිව‍්හාය ආවුසො ඡන‍්න ජිව‍්හාවිඤ‍්ඤාණෙ ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු කිං දිස‍්වා කිං අභිඤ‍්ඤාය ජිව‍්හං ජිව‍්හාවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසි? කායස‍්මිං ආවුසො ඡන‍්න -පෙ- මනස‍්මිං ආවුසො ඡන‍්න, මනොවිඤ‍්ඤාණෙ මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු කිං දිස‍්වා කිං අභිඤ‍්ඤාය මනං මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සසි?

ඇවැත්නි ඡන්නයෙනි චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ ය යි දකිවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ඡන්නයෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන ජිහ්වා ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිවු ද? ඇවැත්නි ඡන්නයෙනි, කයෙහි ... ඇවැත්නි, ඡන්නයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි දකිවු දැ යි.

චක‍්ඛුස‍්මිං ආවුසො සාරිපුත‍්ත, චක‍්ඛුවිඤ‍්ඤාණෙ චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු නිරොධං දිස‍්වා නිරොධං අභිඤ‍්ඤාය චක‍්ඛුං චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සාමි. සොතස‍්මිං ආවුසො සාරිපුත‍්ත -පෙ- ඝානස‍්මිං ආවුසො සාරිපුත‍්ත -පෙ- ජිව‍්හාය ආවුසො සාරිපුත‍්ත, ජිව‍්හාවිඤ‍්ඤාණෙ ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු නිරොධං දිස‍්වා නිරොධං අභිඤ‍්ඤාය ජිව‍්හං ජිව‍්හාවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සාමි, කායස‍්මිං ආවුසො සාරිපුත‍්ත -පෙ- මනස‍්මිං ආවුසො සාරිපුත‍්ත, මනොවිඤ‍්ඤාණෙ මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු නිරොධං දිස‍්වා නිරොධං අභිඤ‍්ඤාය මනං මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තාති සමනුපස‍්සාමීති.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය’ යී දකිමි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ඝ්‍රාණයෙහි … ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ජිහ්වායෙහි, ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන ජිහ්වාව ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි දකිමි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කයෙහි ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන මනස , මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිමි” යි.

එවං වුත‍්තෙ ආයස‍්මා මහාචුන්‍දො ආයස‍්මන‍්තං ඡන‍්නං එතදවොච: “තස‍්මාතිහ ආවුසො ඡන‍්න, ඉදම‍්පි තස‍්ස භගවතො සාසනං නිච‍්චකප‍්පං සාධුකං මනසිකාතබ‍්බං: “නිස‍්සිතස‍්ස චලිතං, අනිස‍්සිතස‍්ස චලිතං නත්‍ථි. චලිතෙ අසති පස‍්සද‍්ධි හොති. පස‍්සද‍්ධියා සති නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන‍්තරෙන. එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති.

මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරුණුවන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි ඡන්නයෙනි, (යම් හෙයෙකින් මාරණාන්තික වේදනා සිහිය නොහී ශස්ත්‍රාහරණ කෙරෙමි කියහි ද) එහෙයින් මෙ කරුණෙහි ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනය ද නිරතුරු මැනැවින් මෙනෙහි කළයුතු යැ. (තෘෂ්ණා මාන දෘෂ්ටි) නිශ්ශ්‍රිතයහට චලන වෙයි. අනිශ්‍රිතයහට චලන නැති. චලන නැති වත් මැ (කාය චිත්ත) ප්‍රශ්‍රබ්ධි (සන්හිඳීම) වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇති කල්හි භවනිකන්ති නො වෙයි, භවනිකන්තිය නැති කල්හි (ප්‍රතිසන්‍ධි විසින්) ආගමන ද (ච්‍යුති විසින්) ගමන ද නො වෙයි. ආගති ගති නැති කල්හි චුති - උප්පත්ති නො වෙයි, චුති - උප්පත්ති නැති කල්හි මෙලොව්හි නො වෙයි. පරලොව්හි නො වෙයි. දෙලොව්හි නො වෙයි. මෙ මැ දුඃඛයාගේ අන්තය වේ” යයි.

අථ ඛො ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාචුන්‍දො ආයස‍්මන‍්තං ඡන‍්නං ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු. අථ ඛො ආයස‍්මා ඡන‍්නො අචිරපක‍්කන‍්තෙසු තෙසු ආයස‍්මන‍්තෙසු සත්‍ථං ආහරෙසි.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහා චුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවනට මේ ඕවායෙන් ඔවා දී හුනස්නෙන් නැගී වැඩියහ. එසඳ ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ඒ ආයුෂ්මතුන් නැඟී වැඩි නොබෝ වේලායෙහි ශස්ත්‍රාහරණ කළහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “ආයස‍්මතා භන‍්තෙ, ඡන‍්නෙන සත්‍ථං ආහරිතං. තස‍්ස කා ගති කො අභිසම‍්පරායොති? නනු තෙ සාරිපුත‍්ත, ඡන‍්නෙන භික‍්ඛුනා සම‍්මුඛායෙව අනුපවජ‍්ජතා බ්‍යාකතාති.

එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ආයුෂ්මත් ඡන්න තෙරුන් විසින් ශස්ත්‍රාහරණ කරන ලද. උන්ගේ ගති කවර? පරලෝ කවරෙ? යයි. ශාරීපුත්‍රයෙනි ඡන්න මහණහු විසින් තොප හමුයෙහි මැ අනුපවද්‍ය (අප්‍රතිසන්‍ධික) බව ප්‍රකාශ කරන ලද නො වේ දැයි.

අත්‍ථි භන‍්තෙ, පුබ‍්බචීරං නාම වජ‍්ජිගාමො. තත්‍ථායස‍්මතො ඡන‍්නස‍්ස මිත‍්තකුලානි සුහජ‍්ජකුලානි උපවජ‍්ජකුලානීති.

වහන්ස, ‘පුබ්බවීර’ වැදෑගමෙක් ඇත. එහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ මිත්‍රකුලයෝ සුහදකුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇතැයි.

හොන‍්ති හෙතෙ සාරිපුත‍්ත, ඡන‍්නස‍්ස භික‍්ඛුනො මිත‍්තකුලානි සුහජ‍්ජකුලානි උපවජ‍්ජකුලානි. න ඛො පනාහං සාරිපුත‍්ත, එත‍්තාවතා සඋපවජ‍්ජොති වදාමි. යො ඛො සාරිපුත‍්ත ඉමඤ‍්ච කායං නික‍්ඛිපති, අඤ‍්ඤඤ‍්ච කායං උපාදියති, තමහං සඋපවජ‍්ජොති වදාමි. තං ඡන‍්නස‍්ස භික‍්ඛුනො නත්‍ථි. අනුපවජ‍්ජං ඡන‍්නෙන භික‍්ඛුනා සත්‍ථං ආහරිතන‍්ති එවමෙතං සාරිපුත‍්ත, ධාරෙහීති.

ශාරිපුත්‍රයෙනි, ඡන්න මහණහට තෙල මිත්‍රකුලයෝ සුහද කුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇත් මැ යි. ශාරීපුත්‍රයෙනි මම මෙතෙකින් ‘සඋපවජ්ජ’ යයි නො කියමි. ශාරිපුත්‍රයෙනි, වැලිදු යමෙක් මේ කයත් (ච්‍යුති වශයෙන්) බහාතබා ද අන් කයකුත් (ප්‍රතිසන්‍ධි වශයෙන්) උපාදාන කෙරේ ද මම ඔහු ‘සඋපවජ්ජ’ යයි කියමි. එය ඡන්න මහණහට නැත. ශාරීපුත්‍රයෙනි, ඡන්න මහණහු විසින් අප්‍රතිසන්‍ධික කොට ශස්ත්‍රාහරණ කරන ලදැ’යි තෙල කරුණ මෙසේ ධරව’ යි.