යෙදුමෙන් කියවන්න

පුණ‍්ණසුත‍්තං

1. 9. 5.

1. 9. 5.

පුණ‍්ණසුත‍්තං

පුණ්ණ සූත්‍රය

88. අථ ඛො ආයස‍්මා පුණ‍්ණො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා පුණ‍්ණො භගවන‍්තං එතදවොච “සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

88. එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු ) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා” යි.

සන‍්ති ඛො පුණ‍්ණ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති, අභිවදති, අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයො පුණ‍්ණාති වදාමි.

පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූ ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටී ද, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. පුණ්ණ සප්‍රීතික තෘෂ්ණාවේ ඉපැද්මෙන් දුකේ ඉපැද්ම වේ යයි කියමි.

සන‍්ති ඛො පුණ‍්ණ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති ඛො පුණ‍්ණ, මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයො පුණ‍්ණාති වදාමි.

පුණ්ණ සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය. ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ දහම් ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටි ද, පුණ්ණ, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. සප්‍රීතික තෘෂ්ණාව ඉපැද්මෙන් දුක් ඉපැද්ම වේ යයි කියමි.

සන‍්ති ච ඛො පුණ‍්ණ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති, තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො නන්‍දි නිරුජ‍්ඣති, නන්‍දිනිරොධා දුක‍්ඛනිරොධො, පුණ‍්ණාති වදාමි.

පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වු කමනීය වූ, මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු රූ ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද, පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව නිරුද්ධ වෙයි. සප්‍රීතික තෘෂ්ණාව නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ යයි කියමි.

සන‍්ති ච ඛො පුණ‍්ණ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති ච ඛො පුණ‍්ණ, මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති, තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො නන්‍දි නිරුජ‍්ඣති. නන්‍දි නිරොධා දුක‍්ඛනිරොධො පුණ‍්ණාති වදාමි.

පුණ්ණ, සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය ... ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස් … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන පියදෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු දහම් ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ යයි කියමි.

ඉමිනා ත්‍වං පුණ‍්ණ, මයා සඞ‍්ඛිත‍්තෙන ඔවාදෙන ඔවදිතො කතමස‍්මිං ජනපදෙ විහරිස‍්සසීති? අත්‍ථි භන‍්තෙ, සුනාපරන‍්තො නාම ජනපදො, තත්‍ථාහං විහරිස‍්සාමීති.

පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සැකෙවින් අවවාද කරන ලද තෙපි කවර දනව්වෙක වසන්නහු දැ යි. වහන්ස, සුනාපරන්ත නම් දනව්වෙක් ඇත එහි මම වෙසෙන්නෙමි යි.

චණ‍්ඩා ඛො පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා, ඵරුසා ඛො පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා. සචෙ ඛො ත්‍වං පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා අක‍්කොසිස‍්සන‍්ති පරිභාසිස‍්සන‍්ති, තත්‍ර තෙ පුණ‍්ණ, කින‍්ති භවිස‍්සතීති? සචෙ මං භන‍්තෙ, සුනාපරන‍්තකා මනුස‍්සා අක‍්කොසිස‍්සන‍්ති, පරිභාසිස‍්සන‍්ති, තත්‍ර මෙ එවං භවිස‍්සති, භද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, සුභද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන‍්තීති. එවමෙත්‍ථ භගවා භවිස‍්සති, එවමෙත්‍ථ සුගත භවිස‍්සතීති.

පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු චණ්ඩයහ. පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු පරුෂයහ. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්තක මිනිස්සු අක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් මට සුනාපරන්තක මිනිස්සු ආක්‍රෝශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට අතින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සචෙ පන තෙ පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා පාණිනා පහාරං දස‍්සන‍්ති, තත්‍ර පන තෙ පුණ‍්ණ, කින‍්ති භවිස‍්සතීති? සචෙ මෙ භන‍්තෙ, සුනාපරන‍්තකා මනුස‍්සා පාණිනා පහාරං දස‍්සන‍්ති තත්‍ර මෙ එවං භවිස‍්සති:

පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට අතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු අතින් මට පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය.

“භද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, සුභද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, යං මෙ නයිමෙ ලෙඩ‍්ඩුනා පහාරං දෙන‍්තී”ති. එවමෙත්‍ථ භගවා භවිස‍්සති, එවමෙත්‍ථ සුගත, භවිස‍්සතීති.

මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට කැටගලින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සචෙ පන තෙ පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා ලෙඩ‍්ඩුනා පහාරං දස‍්සන‍්ති, තත්‍ර පන තෙ පුණ‍්ණ, කින‍්ති භවිස‍්සතීති? සචෙ මෙ භන‍්තෙ, සුනාපරන‍්තකා මනුස‍්සා ලෙඩ‍්ඩුනා පහාරං දස‍්සන‍්ති, තත්‍ර මෙ එවං භවිස‍්සති: “භද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, සුභද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, යං මෙ නයිමෙ දණ‍්ඩෙන පහාරං දෙන‍්තී”ති. එවමෙත්‍ථ භගවා භවිස‍්සති එවමෙත්‍ථ සුගත භවිස‍්සතීති.

පුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය, මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට දඬින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සචෙ පන තෙ පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා දණ‍්ඩෙන පහාරං දස‍්සන‍්ති, තත්‍ර පන තෙ පුණ‍්ණ, කින‍්ති භවිස‍්සතීති? සචෙ මෙ භන‍්තෙ, සුනාපරන‍්තකා මනුස‍්සා දණ‍්ඩෙන පහාරං දස‍්සන‍්ති, තත්‍ර මෙ එවං භවිස‍්සති: “භද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, සුභද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, යං මෙ නයිමෙ සත්‍ථෙන පහාරං දෙන‍්තී”ති. එවමෙත්‍ථ භගවා භවිස‍්සති, එවමෙත්‍ථ සුගත භවිස‍්සතීති.

පුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට දඬින් පහර දෙන්නාහු නම් පුණ්ණය, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට දඬින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට සැතින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සචෙ පන තෙ පුණ‍්ණ, සුනාපරන‍්තකා මනුස‍්සා සත්‍ථෙන පහාරං දස‍්සන‍්ති, තත්‍ර පන තෙ පුණ‍්ණ කින‍්ති භවිස‍්සතීති? සචෙ මෙ භන‍්තෙ, සුනාපරන‍්තකා මනුස‍්සා සත්‍ථෙන පහාරං දස‍්සන‍්ති තත්‍ර මෙ එවං භවිස‍්සති: “භද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා සුභද‍්දකා වතිමෙ සුනාපරන‍්තකා මනුස‍්සා, යං මං නයිමෙ තිණ‍්හෙන සත්‍ථෙන ජීවිතා වොරොපෙන‍්තීති. එවමෙත්‍ථ භගවා භවිස‍්සති, එවමෙත්‍ථ සුගත භවිස‍්සතීති.

පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට සැතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට සැතින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයෙකින් මොහු මට තියුණු සැතින් මා දිවි තොර නො කෙරෙද් ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සචෙ පන ත්‍වං පුණ‍්ණ සුනාපරන‍්තකා මනුස‍්සා තිණ‍්හෙන සත්‍ථෙන ජීවිතා වොරොපෙස‍්සන‍්ති, තත්‍ර පන තෙ පුණ‍්ණ, කින‍්ති භවිස‍්සතීති? සචෙ මං භන‍්තෙ සුනාපරන‍්තකා මනුස‍්සා තිණ‍්හෙන සත්‍ථෙන ජීවිතා වොරොපෙස‍්සන‍්ති, තත්‍ර මෙ එවං භවිස‍්සති: “සන‍්ති ඛො තස‍්ස භගවතො සාවකා කායෙන ච ජීවිතෙන ච අට‍්ටීයමානා හරායමානා ජිගුච‍්ඡමානා සත්‍ථහාරකං පරියෙසන‍්ති, තං මෙ ඉදං අපරයිට‍්ඨමෙව සත්‍ථහාරකං ලද‍්ධන‍්ති”. එවමෙත්‍ථ භගවා භවිස‍්සති, එවමෙත්‍ථ සුගත භවිස‍්සතීති.

පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට තියුණු සැතින් තොප දිවියෙන් තොර කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු තියුණු සැතින් මා දිවියෙන් තොර කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: ඒ භාග්‍යවතුන් වහන්සේගේ සව්වෝ කයින් ද දිවියෙන් ද පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් කරන්නාහු ඇත්තාහ. (ඔහු) සැත් එළවාගැන්මක් සොයත්. ඒ මේ සැත්එළවා ගැන්ම මා විසින් නොසොයන ලදුව ම ලදැ යි, භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.

සාධු සාධු පුණ‍්ණ සක‍්ඛිස‍්සසි ඛො ත්‍වං පුණ‍්ණ ඉමිනා දමූපසමෙන සමන‍්නාගතො සුනාපරන‍්තස‍්මිං ජනපදෙ වත්‍ථුං. යස‍්සදානි ත්‍වං පුණ‍්ණ කාලං මඤ‍්ඤසීති.

පුණ්ණ, මැනවි, මැනවි, පුණ්ණ, මේ ඉන්‍ද්‍රියදමනයෙන් හා සංහිඳීමෙන් යුක්ත වූ තෙපි සුනාපරන්ත දනව්වෙහි වසන්නට හැකිවවු. පුණ්ණ, තෙපි දැන් එයට කල් දනිවු යි.

අථ ඛො ආයස‍්මා පුණ‍්ණො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සුනාපරන‍්තො ජනපදො තෙන චාරිකං පක‍්කමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සුනාපරන‍්තො ජනපදො තදවසරි. තත්‍ර සුදං ආයස‍්මා පුණ‍්ණො සුනාපරන‍්තස‍්මිං ජනපදෙ විහරති.

ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට සෙනසුන සකසා තබා පාසිවුරු ගෙන සුනාපරන්ත දනව්ව වෙත චාරිකාවට නික්ම ගියහ. පිළිවෙළින් චාරිකාව කරන්නේ සුනාපරන්තදනව්වට එළැඹියේ ය. ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ එහි සුනාපරන්තදනව්වේහි වැඩවෙසෙති.

අථ ඛො ආයස‍්මා පුණ‍්ණො තෙනෙවන‍්තරවස‍්සෙන පඤ‍්චමත‍්තානි උපාසකසතානි පටිවෙදෙසි, “තෙනෙව අන‍්තරවස‍්සෙන පඤ‍්චමත‍්තානි උපාසිකාසතානි පටිවෙදෙසි. තෙනෙවන‍්තරවස‍්සෙන තිස‍්සො විජ‍්ජා සච‍්ඡාකාසි. තෙනෙවන‍්තරවස‍්සෙන පරිනිබ‍්බායි.

එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවසුවන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවැසියන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම ත්‍රිවිද්‍යා පසක්කළහ. ඒ ඇතුළුවස ම පිරිනිවියහ.

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු -පෙ- එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “යො සො භන‍්තෙ පුණ‍්ණො නාම කුලපුත‍්තො භගවතා සඞ‍්ඛිත‍්තෙන ඔවාදෙන ඔවදිතො සො කාලකතො තස‍්ස කා ගති? කො අභිසම‍්පරායොති? පණ‍්ඩිතො භික‍්ඛවෙ, පුණ‍්ණො, කුලපුත‍්තො අහොසි පච‍්චපාදි ධම‍්මස‍්සානු ධම‍්මං, න ච මං ධම‍්මාධිකරණං විහෙසෙසි පරිනිබ‍්බුතො භික‍්ඛවෙ පුණ‍්ණො කුලපුත‍්තොති.

එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “පුණ්ණ නම් යම් ඒ කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬු අවවාදයකින් අවවාද කරන ලද්දේ ද හේ කලුරිය කළේ ය. ඔහුගේ ගති කවර? පරලොව කිමෙක් දැ” යි. මහණෙනි, පුණ්ණ කුලපුත් පණ්ඩිත විය. නවලොවුතුරුදහමට අනු ව පිළිපන්නේ ය. ධර්‍මාවබෝධය නිමිති කොට මට වෙහෙස ද නො කෙළේ ය. මහණෙනි, පුණ්ණ කුලපුත් පිරිනිවියේ යි.