යෙදුමෙන් කියවන්න

5-6. පුණ‍්ණසුත‍්තාදිවණ‍්ණනා අට‍්ඨකථා

5-6. පුණ‍්ණසුත‍්තාදිවණ‍්ණනා

5-6. පුණ්ණ ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ තඤ‍්චෙති තං චක‍්ඛුඤ‍්චෙව රූපඤ‍්ච. නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයොති තණ‍්හාය සමොධානෙන පඤ‍්චක‍්ඛන්‍ධදුක‍්ඛස‍්ස සමොධානං හොති. ඉති ඡසු ද‍්වාරෙසු “නන්‍දිසමුදයා දුක‍්ඛසමුදයො”ති ඉමිනා ද‍්වින‍්නං සච‍්චානං වසෙන වට‍්ටං මත්‍ථකං පාපෙත්‍වා දස‍්සෙසි. දුතියනයෙ නිරොධො මග‍්ගොති ද‍්වින‍්නං සච‍්චානං වසෙන විවට‍්ටං මත්‍ථකං පාපෙත්‍වා දස‍්සෙසි. ඉමිනා ත්‍වං පුණ‍්ණාති පාටියෙක‍්කො අනුසන්‍ධි. එවං තාව වට‍්ටවිවට‍්ටවසෙන දෙසනං අරහත‍්තෙ පක‍්ඛිපිත්‍වා ඉදානි පුණ‍්ණත්‍ථෙරං සත‍්තසු ඨානෙසු සීහනාදං නදාපෙතුං ඉමිනා ත්‍වන‍්තිආදිමාහ.

පස් වැන්නෙහි - තඤ්චෙව යනු එය ඇසද රූපය ද වෙයි නන්‍දි සමුදයා දුක්ඛ සමුදයො : තෘෂ්ණාවගේ රැස් වීමෙන් පඤ්චස්කන්ධ දුඃඛයන්ගේ රැස්වීම සිදු වේ. මෙසේ (ඇස්, කන් ආදී) දොරටු සය කෙරෙහි තෘෂ්ණාව ඉපදීමෙන් සිදු වන සසරෙහි පැවැත්ම දුකය, දුක ඉපදීමය යන මෙම දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් මස්තක ප්‍රාප්ත කොට දැක්වීය. දෙවන න්‍යායයෙහිදී නිරෝධයය මාර්ගයය යන දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් (සසරෙහි) පැවැත්ම මස්තකප්‍රාප්ත කොට දැක්වීය. ඉමිනා ත්‍වං පුණ්ණ : මෙසේ. නැවතීම හා නිරුද්ධ වීම වශයෙන් දේශනය අර්හත් භාවය තුළට යොමු කොට පුණ්ණ තෙරුන් ලවා ස්ථාන සතකදී සිංහ නාද පැවැත්වීම පිණිස “ඉමිනා ත්‍වං” යන ආදිය කීහ.

චණ‍්ඩාති දුට‍්ඨා කිබ‍්බිසා. ඵරුසාති කක‍්ඛළා අක‍්කොසිස‍්සන‍්තීති දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසිස‍්සන‍්ති. පරිභාසිස‍්සන‍්තීති “කිං සමණො නාම ත්‍වං, ඉදඤ‍්චිදඤ‍්ච තෙ කරිස‍්සාමා”ති තජ‍්ජෙස‍්සන‍්ති. එවමෙත්‍ථාති එවං මය‍්හං එත්‍ථ භවිස‍්සති. දණ‍්ඩෙනාති චතුහත්‍ථදණ‍්ඩෙන වා ඛදිරදණ‍්ඩෙන වා ඝටිකමුග‍්ගරෙන වා. සත්‍ථෙනාති එකතොධාරාදිනා සත්‍ථෙන. සත්‍ථහාරකං පරියෙසන‍්තීති ජීවිතහාරකසත්‍ථං පරියෙසන‍්ති. ඉදං ථෙරො තතියපාරාජිකවත්‍ථුස‍්මිං අසුභකථං සුත්‍වා අත‍්තභාවෙන ජිගුච‍්ඡන‍්තානං භික‍්ඛූනං සත්‍ථහාරකපරියෙසනං සන්‍ධායාහ. දමූපසමෙනාති එත්‍ථ දමොති ඉන්‍ද්‍රියසංවරාදීනං එතං නාමං.

චණ්ඩා = දුෂ්ටක්‍රියා කරන්නී. නපුරු ක්‍රියා කරන්නී. ඵරුසා නපුරු තැනැත්තිය. අක්කොසිස්සන්ති = දශවිධ ආක්‍රෝශ කථාවන්ගෙන් අපහාස කරති. පරිභාසිස්සන්ති: කිම ශ්‍රමණයෙක් නම් වේද? ඔබට මේ මේ දෙය කරන්නෙමුයි තර්ජනය කෙරෙති. එවමෙත්‍ථ මා හට මෙහිදී මෙසේ සිදුවන්නේය. දණ්ඩෙන සිවුරියන් දඬුවකින් හෝ කිහිරි මුගුරකින් සත්‍ථෙන = එක් තලයක් ඇති ආයුධයෙන් සත්‍ථහාරකං පරියෙසන්ති = දිවි තොර කරන අවියක් සොයති. තෙවන පාරාජිකා වස්තුවෙහි අසුභ වූ මෙම කථාව අසා ආත්මභාවයෙන් පිළිකුල් වූ භික්ෂූන්ගේ ආයුධ ගෙනයාම පිරික්සීම සඳහා තෙරණුවෝ (මෙය) කීහ. දමුපසමෙන මෙහි “දම” යන මේ නාමය ඉන්‍ද්‍රිය සංවර ආදිය සඳහා යෙදේ

“සච‍්චෙන දන‍්තො දමසා උපෙතො, වෙදන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො”ති. (සං· නි· 1.195; සු· නි· 467) –

“සච්චෙන දන්තො දමසා උපෙතො - වෙදන්තගූ වුසිත බ්‍රහ්ම චරියො” (සත්‍යයෙන් දමනය වූයේ සංවරයෙන් යුතුවූයේ දතයුතු දෙයෙහි අන්තයට පැමිණියේ, වැස නිම කළ බ්‍රහ්ම චර්‍ය්‍යය ඇත්තේ) යන

එත්‍ථ හි ඉන්‍ද්‍රියසංවරො දමොති වුත‍්තො. “යදි සච‍්චා දමා චාගා, ඛන‍්ත්‍යා භිය්‍යොධ විජ‍්ජතී”ති (සු· නි· 191; සං· නි· 1.246) එත්‍ථ පඤ‍්ඤා දමොති වුත‍්තා. “දානෙන දමෙන සංයමෙන සච‍්චවජ‍්ජෙනා”ති (දී· නි· 1.165; ම· නි· 2.226) එත්‍ථ උපොසථකම‍්මං දමොති වුත‍්තං. ඉමස‍්මිං පන සුත‍්තෙ ඛන‍්ති දමොති වෙදිතබ‍්බො. උපසමොති තස‍්සෙව වෙවචනං.

මෙහි දී ඉන්‍ද්‍රිය සංවරය “දම” යයි කියන ලදී. “යදි සච්චා දමා චාගා ඛන්න්‍යා භීයො න විජ්ජති” (යම් සේ සත්‍යය ප්‍රඥාව. ත්‍යාගය, ඉවසීම යන මේවා බහුලව නො පවතී ද) යන මෙහි ප්‍රඥාව “දම” යයි කියන ලදී. “දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවාචෙන” (දානයෙන්, සීලයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන්) යන මෙහි උපොෂථ කර්මය හෙවත් සීල සමාදානය “දම” යයි කියන ලදී. මේ සූත්‍රයෙහි දී ක්ෂාන්තිය “දම” යන්නෙන් දත යුත්තේය උපසම යනු එයටම පර්යාය පදයකි.

අථ ඛො ආයස‍්මා පුණ‍්ණොති කො පනෙස පුණ‍්ණො, කස‍්මා ච පනෙත්‍ථ ගන‍්තුකාමො අහොසීති? සුනාපරන‍්තවාසිකො එව එස, සාවත්‍ථියං පන අසප‍්පායවිහාරං සල‍්ලක‍්ඛෙත්‍වා තත්‍ථ ගන‍්තුකාමො අහොසි.

අථඛො ආයස්මා පුණ්ණො - මෙම පුණ්ණ නම් කවරෙක් ද? කවර හේතුවක් නිසා මෙහි යාමට කැමති වූයේද? මේ තෙමේ සුනාපරන්තයෙහි වැසියෙක්මය. සැවැත් නුවර වූ කලී වාසයට නොගැලපේ යයි සලකා එහි (සුනාපරන්තයෙහි) යනු කැමැත්තේ විය.

තත්‍රායං අනුප‍්පුබ‍්බිකථා – සුනාපරන‍්තරට‍්ඨෙ කිර එකස‍්මිං වාණිජගාමෙ එතෙ ද‍්වෙ භාතරො. තෙසු කදාචි ජෙට‍්ඨො පඤ‍්ච සකටසතානි ගහෙත්‍වා ජනපදං ගන‍්ත්‍වා භණ‍්ඩං ආහරති, කදාචි කනිට‍්ඨො. ඉමස‍්මිං පන සමයෙ කනිට‍්ඨං ඝරෙ ඨපෙත්‍වා, ජෙට‍්ඨභාතිකො පඤ‍්ච සකටසතානි ගහෙත්‍වා, ජනපදචාරිකං චරන‍්තො අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා, ජෙතවනස‍්ස නාතිදූරෙ සකටසත්‍ථං නිවෙසෙත්‍වා භුත‍්තපාතරාසො පරිජනපරිවුතො ඵාසුකට‍්ඨානෙ නිසීදි.

මේ එහි අනුපිළිවෙළ කථාවයි. සුනාපරන්ත රටෙහි වනාහී එක් වෙළඳ ගමෙක්හි මේ දෙබෑයෝ විසුහ. ඇතැම් විටෙක ඔවුන් අතුරෙහි දෙටු බෑයා ගැල් පන්සියයක් ගෙන ජනපදයකට ගොස් බඩු ගෙන එයි. (තවත්) ඇතැම් විටෙක කණිටු බෑයා එය කරයි. මෙ කියන අවස්ථාවෙහි කණිටු බෑයා නිවසෙහි රඳවා, දෙටු බෑයා ගැල් පන්සියයක් ගෙන ජනපද චාරිකාවෙහි යන්නේ අනුපිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට නුදුරෙහි ගැල් සාත්තුව නවතා උදෑසන අහර වැළඳූයේ සේවක ජනයා විසින් පිරිවරන ලදුයේ පහසු තැනෙක්හි හිඳගත්තේය.

තෙන ච සමයෙන සාවත්‍ථිවාසිනො භුත‍්තපාතරාසා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය සුද‍්ධුත‍්තරාසඞ‍්ගා ගන්‍ධපුප‍්ඵාදිහත්‍ථා යෙන බුද‍්ධො, යෙන ධම‍්මො, යෙන සඞ‍්ඝො, තන‍්නින‍්නා තප‍්පොණා තප‍්පබ‍්භාරා හුත්‍වා, දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමිත්‍වා ජෙතවනං ගච‍්ඡන‍්ති. සො තෙ දිස‍්වා “කහං ඉමෙ ගච‍්ඡන‍්තී”ති එකං මනුස‍්සං පුච‍්ඡි. කිං ත්‍වං, අය්‍යො, න ජානාසි? ලොකෙ බුද‍්ධධම‍්මසඞ‍්ඝරතනානි නාම උප‍්පන‍්නානි, ඉච‍්චෙසො මහාජනො සත්‍ථු සන‍්තිකං ධම‍්මකථං සොතුං ගච‍්ඡතීති. තස‍්ස “බුද‍්ධො”ති වචනං ඡවිචම‍්මාදීනි ඡින්‍දිත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච අට‍්ඨාසි. සො අත‍්තනො පරිජනපරිවුතො තාය පරිසාය සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා, සත්‍ථු මධුරස‍්සරෙන ධම‍්මං දෙසෙන‍්තස‍්ස පරිසපරියන‍්තෙ ඨිතො, ධම‍්මං සුත්‍වා පබ‍්බජ‍්ජාය චිත‍්තං උප‍්පාදෙසි. අථ තථාගතෙන කාලං විදිත්‍වා පරිසාය උය්‍යොජිතාය සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා, වන්‍දිත්‍වා, ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා, දුතියදිවසෙ මණ‍්ඩපං කාරෙත්‍වා, ආසනානි පඤ‍්ඤාපෙත්‍වා, බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා, භුත‍්තපාතරාසො උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය භණ‍්ඩාගාරිකං පක‍්කොසාපෙත්‍වා, “එත‍්තකං ධනං විස‍්සජ‍්ජිතං, එත‍්තකං ධනං න විස‍්සජ‍්ජිත”න‍්ති සබ‍්බං ආචික‍්ඛිත්‍වා, “ඉමං සාපතෙය්‍යං මය‍්හං කනිට‍්ඨස‍්ස දෙහී”ති සබ‍්බං නිය්‍යාතෙත්‍වා, සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා, කම‍්මට‍්ඨානපරායණො අහොසි.

එවේලෙහිම සැවැත් නුවර වාසීහු උදය අහර වළඳා සීල සමාදානයෙහි අංගයන් පිළිබඳව අදිටනින් සුදු උතුරු සලු දරමින්, සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව, බුදුන්, දහම්, සඟුන් යම් දිසාවෙක් හි ද, ඒ දෙසට යොමු වීමෙන්, ඒ දෙසෙහි සිත් අලවා ගෙන, ඒ දෙසට නැමී ගෙන, දකුණු දොරටුවෙන් නික්ම දෙව්රම යති. ඒ (වෙළඳ) තෙමේ (යන්නාවූ) ඔවුන් දැක මොවුන් කොහි යෙත් දැයි එක් මිනිසකුගෙන් විචාළේය. “උතුමාණනි, ඔබ නො දන්නෙහිද? ලෝකයේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නයෝ පහළවූහ, මේ මහා ජනතාව ධර්ම ශ්‍රවණය සඳහා ශාස්තෲන් වහන්සේ වෙතට යතියි හෙතෙම පිළිතුරු දුන්නේය. “බුද්ධ” යන වචනය ඔහුගේ උඩුහම, යටිහම, ආදිය විනිවිදගොස් ඇට මිඳුළුවල ගැටී සිටියේය. හෙතෙම තම පිරිස පිරිවරා, (යමින් සිටි) ඒ පිරිස ද සමග විහාරයට ගොස් මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන ශාස්තෲන් වහන්සේගේ පිරිස කෙළවර සිටිමින්ම දහම් අසා පැවිදි වීම සඳහා සිත යොමු කළේය. ඉක්බිති තථාගතයන් වහන්සේ විසින් (සුදුසු) කල් දැන පිරිස යවනු ලැබූ කල්හි (වෙළඳ තෙමේ) ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ පසු දිනය සඳහා (දානයට) ආරාධනා කොටා දෙවන දිනයෙහි මණ්ඩපයක් කරවා අසුන් පනවා බුදුන් ප්‍රමුඛ සංඝයාට මහ දන් දී තමා එදින පළමු අහර වැළඳූයේ සීල සමාදානයෙහි අංගයන් පිළිබඳව අදිටන් කොට භාණ්ඩාගාරික කැඳවා “මෙපමණ ධනය වියදම් විය, මෙ පමණ ධනය වැය නොවී ඇත” යනුවෙන් සියල්ල කියා “මේ වස්තුව මාගේ මළණුවනට දෙව”යි (කියා) සියල්ල භාර දී ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මහණ වී කමටහන්හි පිහිට පතන්නේ වූයේය.

අථස‍්ස කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තස‍්ස කම‍්මට‍්ඨානං න උපට‍්ඨාති. තතො චින‍්තෙසි – “අයං ජනපදො මය‍්හං අසප‍්පායො, යංනූනාහං සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සකරට‍්ඨමෙව ගච‍්ඡෙය්‍ය”න‍්ති. අථ පුබ‍්බණ‍්හසමයෙ පිණ‍්ඩාය චරිත්‍වා, සායන‍්හෙ පටිසල‍්ලානා වුට‍්ඨහිත්‍වා, භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා, කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා, සත‍්ත සීහනාදෙ නදිත්‍වා, පක‍්කාමි. තෙන වුත‍්තං, “අථ ඛො ආයස‍්මා පුණ‍්ණො…පෙ… විහරතී”ති.

එසේ වුවද කමටහන් මෙනෙහි කරන්නාවූ ඔහුට කමටහන් නොවැටහෙන්නේ වෙයි. එහෙයින් “මේ ජනපදය මා හට ගැළපෙන්නේ නොවෙයි. මා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි කමටහන් (ඉගෙන) ගෙන මා අයත් ස්ථානයට ම යන්නෙම් නම් සුදුසුය යි සිතීය. (එසේ සිතා) පෙරවරු සමයෙහි පිඬු පිණිස හැසිර, සවස් කල්හි විවේකයෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ කමටහන් කියවා ගෙන සිංහනාද සතක් නාද කොට පිටත්ව ගියේය. එහෙයින් අථඛො ආයස්මා පුණ්ණො -පෙ- විහරති යනුවෙන් කියන ලදී.

කත්‍ථ පනායං විහාසීති? චතූසු ඨානෙසු විහාසි. සුනාපරන‍්තරට‍්ඨං තාව පවිසිත්‍වා ච අබ‍්බුහත්‍ථපබ‍්බතං නාම පත්‍වා වාණිජගාමං පිණ‍්ඩාය පාවිසි. අථ නං කනිට‍්ඨභාතා සඤ‍්ජානිත්‍වා භික‍්ඛං දත්‍වා, “භන‍්තෙ, අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා ඉධෙව වසථා”ති පටිඤ‍්ඤං කාරෙත්‍වා තත්‍ථෙව වසාපෙසි.

කත්‍ථපනායං විහාසීති = මේ තෙමේ කොහේ විසුවේද යත් - සිවු තැනෙක්හි වාසය කළේය. සුනාපරන්ත නම් වු රටට පිවිස අබ්භහත්‍ථ නම් පර්වතය (වළාකුළු හැපෙන කන්ද) ට පැමිණ වෙළඳ ගමට පිඬු පිණිස පිවිසියෝය. එහිදී (තෙරුන්ගේ) කණිටු සොහොයුරා ඔහු හැඳින දන් දී “ස්වාමීනි අන් තැනෙක නොගොස් මෙහිම වසනු මැනව” යි කියා ප්‍රතිඥා කරවා ගෙන එහිම වාසය කරවීය.

තතො සමුද‍්දගිරිවිහාරං නාම අගමාසි. තත්‍ථ අයකන‍්තපාසාණෙහි පරිච‍්ඡින්‍දිත්‍වා කතචඞ‍්කමො අත්‍ථි, කොචි තං චඞ‍්කමිතුං සමත්‍ථො නාම නත්‍ථි. තත්‍ථ සමුද‍්දවීචියො ආගන‍්ත්‍වා අයකන‍්තපාසාණෙසු පහරිත්‍වා මහාසද‍්දං කරොන‍්ති. ථෙරො “කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තානං ඵාසුවිහාරො හොතූ”ති සමුද‍්දං නිස‍්සද‍්දං කත්‍වා අධිට‍්ඨාසි.

එතැනින් “සමුද්‍රගිරි” නම් විහාරයට ගියේය. එහි අයස්කාන්ත නම් පාෂාණවලින් සීමා කොට කරන ලද සක්මන් මලුවක් වෙයි. එහි සක්මන් කිරීමට සමත් වූ කවරෙක් හෝ නැත්තේය. මුහුදු රළ එහි අවුත් අයස්කාන්ත පාෂාණයන්හි හැපී මහත් සේ හඬ නංවයි. ස්ථවිර තෙමේ “කමටහන් සිහි කරන්නවුන් හට විහරණ පහසුව සිදුවේවා යි සමුදුර නිහඬ කරවාලනු පිණිස අදිටන් කළේය.

තතො මාතුලගිරිං නාම අගමාසි. තත්‍ථපි සකුණසඞ‍්ඝො උස‍්සන‍්නො රත‍්තිඤ‍්ච දිවා ච සද‍්දො එකාබද‍්ධොව අහොසි. ථෙරො “ඉදං ඨානං න ඵාසුක”න‍්ති තතො මකුලකාරාමවිහාරං නාම ගතො. සො වාණිජගාමස‍්ස නාතිදූරො නච‍්චාසන‍්නො ගමනාගමනසම‍්පන‍්නො විවිත‍්තො අප‍්පසද‍්දො. ථෙරො “ඉමං ඨානං ඵාසුක”න‍්ති තත්‍ථ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානචඞ‍්කමනාදීනි කාරෙත්‍වා වස‍්සං උපගච‍්ඡි. එවං චතූසු ඨානෙසු විහාසි.

එතැනින් මාතුලගිරි නම් පර්වතයට ගියේය. එහි පක්ෂි ගණයා අධික වූයේ දිවා රාත්‍රි දෙකෙහි එකසේම ශබ්දය පවතියි. ස්ථවිර තෙමේ මේ ස්ථානය පහසු නොවේයයි (සිතා) එතැනින් මඞ්කුලකාරාම නම් වූ විහාරයට ගියේය. එය වෙළඳගමට වැඩි දුරෙක නොවීය, වැඩි අසළක ද නොවීය, ගමනාගමනයෙහි පහසුය, විසිතුරු විය, අල්පවු ශබ්ද ඇත්තේ විය ස්ථවිර තෙමේ මේ ස්ථානය පහසුයයි (සිත) එහි රාත්‍රිය ගතකරන තැන, දහවල ගත කරන තැන, සක්මන් කරන තැන ආදිය කරවා වස් එළඹියේය. මෙසේ ස්ථාන සතරෙක්හි වාසය කළේය.

අථෙකදිවසං තස‍්මිංයෙව අන‍්තොවස‍්සෙ පඤ‍්ච වාණිජසතානි “පරසමුද‍්දං ගච‍්ඡාමා”ති නාවාය භණ‍්ඩං පක‍්ඛිපිංසු. නාවාරොහනදිවසෙ ථෙරස‍්ස කනිට‍්ඨභාතා ථෙරං භොජෙත්‍වා, ථෙරස‍්ස සන‍්තිකෙ සික‍්ඛාපදානි ගහෙත්‍වා, වන්‍දිත්‍වා, “භන‍්තෙ, සමුද‍්දො නාම අසද‍්ධෙය්‍යො අනෙකන‍්තරායො, අම‍්හෙ ආවජ‍්ජෙය්‍යාථා”ති වත්‍වා නාවං ආරුහි. නාවා උත‍්තමජවෙන ගච‍්ඡමානා අඤ‍්ඤතරං දීපකං පාපුණි. මනුස‍්සා “පාතරාසං කරිස‍්සාමා”ති දීපකෙ උත‍්තිණ‍්ණා. තස‍්මිං පන දීපකෙ අඤ‍්ඤං කිඤ‍්චි නත්‍ථි, චන්‍දනවනමෙව අහොසි.

ඉක්බිති එම වස් කාලයෙහිම එක් දිනයෙක සත් සියයක් වෙළෙන්දෝ මුහුදෙන් එතෙර යන්නෙමු යයි නැවෙහි බඩු පැටවුහ. නැව් නඟින දිනයෙහි තෙරුන්ගේ කණිටු සොයුරු තෙමේ තෙරුන් වළඳවා තෙරුන් හමුවෙහිදී ශික්ෂාපද සමාදන් වී වැඳ “ස්වාමීනි, මුහුද නම් විශ්වාස කළ නොහැක්කේය. බොහෝ අනතුරු සහිතය, අපගැන සිහිපත් කරන්න” යයි කියා නැවට නැංගේය. අධික වේගයෙන් යන්නාවූ නැව එක්තරා දිවයිනකට පැමිණියේය. මනුෂ්‍යයෝ උදය අහර පිළියෙළ කරන්නෙමු යයි දිවයිනට ගොඩබටහ. ඒ දිවයිනෙහි වනාහී අන් කිසිවක් නොවීය, සඳුන් වනයක් ම විය.

අථෙකො වාසියා රුක‍්ඛං ආකොටෙත්‍වා ලොහිතචන්‍දනභාවං ඤත්‍වා ආහ – “භො, මයං ලාභත්‍ථාය පරසමුද‍්දං ගච‍්ඡාම, ඉතො ච උත‍්තරි ලාභො නාම නත්‍ථි, චතුරඞ‍්ගුලමත‍්තා ඝටිකා සතසහස‍්සං අග‍්ඝති. හාරෙතබ‍්බයුත‍්තකං භණ‍්ඩං හාරෙත්‍වා චන්‍දනස‍්ස පූරෙස‍්සාමා”ති තෙ තථා කරිංසු. චන්‍දනවනෙ අධිවත්‍ථා අමනුස‍්සා කුජ‍්ඣිත්‍වා, “ඉමෙහි අම‍්හාකං චන්‍දනවනං නාසිතං ඝාතෙස‍්සාම නෙ”ති චින‍්තෙත්‍වා – “ඉධෙව ඝාතිතෙසු සබ‍්බං එකකුණපං භවිස‍්සති, සමුද‍්දමජ‍්ඣෙ නෙසං නාවං ඔසීදෙස‍්සාමා”ති ආහංසු.

එහිදී එක් තැනැත්තෙක් පිහියකින් ගසකට කොටා එය රත් සඳුන් බව දැන මෙසේ කීය. “පින්වත්නි, අපි ලාභය සඳහා මුහුදෙන් එතෙර යන්නෙමු. මෙයට වඩා වැඩි ලාභයක් නම් නැත. අඟල් සතරක පමණ කැබැල්ලක් ලක්ෂයක් අගනේය. ඉවත දැමිය යුතු බඩු ඉවත් කරවා සඳුන්වලින් (නැව) පුරවා ගනිමු “යි කී........ ඔව්හු එසේ කළහ. සඳුන් වනයෙහි අධිගෘහිත අමනුෂ්‍යයෝ කෝපයට පත්ව “මේ මිනිසුන් විසින් අපගේ සඳුන් වනය වනසන ලදී. ඔවුන් නසන්නෙමු” යයි සිතා “මෙහිදීම මරනු ලැබුව හොත් මුළු වනයම එකම මළ කුණු ගොඩක් වන්නේය. (ඒ නිසා) මුහුද මැදදී ඔවුන්ගේ නැව ගිල්වා දමන්නෙමු” යයි කීහ.

අථ නෙසං නාවං ආරුය‍්හ මුහුත‍්තං ගතකාලෙයෙව උප‍්පාතිකං උට‍්ඨපෙත්‍වා සයම‍්පි තෙ අමනුස‍්සා භයානකානි රූපානි දස‍්සයිංසු. භීතා මනුස‍්සා අත‍්තනො අත‍්තනො දෙවතානං නමස‍්සන‍්ති. ථෙරස‍්ස කනිට‍්ඨො චූළපුණ‍්ණකුටුම‍්බිකො “මය‍්හං භාතා අවස‍්සයො හොතූ”ති ථෙරස‍්ස නමස‍්සමානො අට‍්ඨාසි.

ඉක්බිති ඔවුන් නැවට නැඟී මොහොතක් ගත වූ කල්හිම ඒ අමනුෂ්‍යයෝ දියෙහි උදම් රැල්ලක් උපදවා තුමූ ද බිය එළවන රූප දැක්වූහ. බියපත් මනුෂ්‍යයන් තම තමන්ගේ දෙවිවරුන් නමදිති. තෙරණුවන්ගේ කණිටු සොයුරු චුල්ල පුණ්ණ නම් කෙළෙඹියා “මාගේ සොහොයුරා උපකාර කෙරෙත්වා”යි තෙරුන්ගේ නම සිහි කරමින් සිටියේය.

ථෙරොපි කිර තස‍්මිංයෙව ඛණෙ ආවජ‍්ජෙත්‍වා, තෙසං බ්‍යසනුප‍්පත‍්තිං ඤත්‍වා, වෙහාසං උප‍්පතිත්‍වා, අභිමුඛො අට‍්ඨාසි. අමනුස‍්සා ථෙරං දිස‍්වාව “අය්‍යො පුණ‍්ණත්‍ථෙරො එතී”ති අපක‍්කමිංසු, උප‍්පාතිකං සන‍්නිසීදි.

තෙරුන්වහන්සේ ද එකෙණෙහිම (සිය කණිටු සොහොයුරා) සිහිපත් කොට ව්‍යසනයක් උපන් බව දැන, අහසට පැන නැඟී (නැවියන්ගේ) ඉදිරියෙහි පෙනී සිටියේය. අමනුෂ්‍යයෝ තෙරණුවන් දැක ආර්ය වූ පුණ්ණ තෙරුන් වහන්සේ පැමිණෙතියි ඉවත්ව ගියහ. උදම් රැල්ල සන්සුන් විය.

ථෙරො “මා භායථා”ති තෙ අස‍්සාසෙත්‍වා “කහං ගන‍්තුකාමත්‍ථා”ති පුච‍්ඡි. භන‍්තෙ, අම‍්හාකං සකට‍්ඨානමෙව ගච‍්ඡාමාති. ථෙරො නාවඞ‍්ගණෙ අක‍්කමිත්‍වා “එතෙසං ඉච‍්ඡිතට‍්ඨානං ගච‍්ඡතූ”ති අධිට‍්ඨාසි. වාණිජා සකට‍්ඨානං ගන‍්ත්‍වා, තං පවත‍්තිං පුත‍්තදාරස‍්ස ආරොචෙත්‍වා, “එථ ථෙරං සරණං ගච‍්ඡාමා”ති පඤ‍්චසතාපි අත‍්තනො පඤ‍්චහි මාතුගාමසතෙහි සද‍්ධිං තීසු සරණෙසු පතිට‍්ඨාය උපාසකත‍්තං පටිවෙදෙසුං. තතො නාවාය භණ‍්ඩං ඔතාරෙත්‍වා ථෙරස‍්ස එකං කොට‍්ඨාසං කත්‍වා, “අයං, භන‍්තෙ, තුම‍්හාකං කොට‍්ඨාසො”ති ආහංසු.

තෙරුන් වහන්සේ බිය නො වන්නැයි ඔවුන් අස්වසා කොහි යනු කැමැත්තහුදැයි ඇසූහ. “ස්වාමීනි, අපගේ ස්ථානයන් වෙතම යන්නෙමුයි කීහ. තෙරණුවෝ නැවේ පෙණය (වැනි ස්ථානය) මතුයෙහි පය තබා මොවුන් කැමතිවන තැනකට පැමිණේවා යි අධිෂ්ඨාන කළහ. වෙළෙන්දෝ ස්වකීය ස්ථාන කරා ගොස් ඒ පුවත අඹු දරුවනට දැනුම් දී, එම තෙරුන් වහන්සේ සරණ යන්නෙමු යයි පන්සියයක් දෙන තමන්ගේ පන්සියයක් බිරින්දෑවරුන් සමඟ තිසරණයෙහි පිහිටා උපාසක භාවය ප්‍රකාශ කළහ. ඉක්බිති නැවෙහි බඩු ගොඩ බිමට ගෙන, තෙරුන් වහන්සේට එක් කොටසක් වෙන් කොට “ස්වාමීනි, මෙය ඔබ වහන්සේගේ කොටසයයි කීහ.

ථෙරො මය‍්හං විසුං කොට‍්ඨාසකිච‍්චං නත්‍ථි. සත්‍ථා පන තුම‍්හෙහි දිට‍්ඨපුබ‍්බොති. න දිට‍්ඨපුබ‍්බො, භන‍්තෙති. තෙන හි ඉමිනා සත්‍ථු මණ‍්ඩලමාළං කරොථ. එවං සත්‍ථාරං පස‍්සිස‍්සථාති. තෙ සාධු, භන‍්තෙති. තෙන ච කොට‍්ඨාසෙන අත‍්තනො ච කොට‍්ඨාසෙහි මණ‍්ඩලමාළං කාතුං ආරභිංසු.

තෙරණුවෝ “මට වෙනම කොටස් කිරීමක් අවශ්‍ය නැත, ශාස්තෲන් වහන්සේ ඔබ විසින් දැක තිබේද”යි (විචාළහ) “ස්වාමීනි. දැක නැත”යි කීහ. එසේ නම් මෙයින් ශාස්තෲන් වහන්සේ උදෙසා ශාලාවක් කරවන්න එසේ (කරවන්නාවූ ඔබ) ශාස්තෲන් වහන්සේ දකින්නාහු” යයි කීහ. ඔව්හු “යහපති ස්වාමීනි” ය (කියා) ඒ කොටසින් ද, තමන්ගේ කොටස්වලින් ද (වැය කොට) ශාලාව (ඉදි) කිරීම ඇරඹුහ.

සත්‍ථාපි කිර තං ආරද‍්ධකාලතො පට‍්ඨාය පරිභොගං අකාසි. ආරක‍්ඛමනුස‍්සා රත‍්තිං ඔභාසං දිස‍්වා, “මහෙසක‍්ඛා දෙවතා අත්‍ථී”ති සඤ‍්ඤං කරිංසු. උපාසකා මණ‍්ඩලමාළඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සෙනාසනානි නිට‍්ඨාපෙත්‍වා දානසම‍්භාරං සජ‍්ජෙත්‍වා, “කතං, භන‍්තෙ, අම‍්හෙහි අත‍්තනො කිච‍්චං, සත්‍ථාරං පක‍්කොසථා”ති ථෙරස‍්ස ආරොචෙසුං. ථෙරො සායන‍්හසමයෙ ඉද‍්ධියා සාවත්‍ථිං ගන‍්ත්‍වා, “භන‍්තෙ, වාණිජගාමවාසිනො තුම‍්හෙ දට‍්ඨුකාමා, තෙසං අනුකම‍්පං කරොථා”ති භගවන‍්තං යාචි. භගවා අධිවාසෙසි. ථෙරො සකට‍්ඨානමෙව පච‍්චාගතො.

ශාස්තෲන් වහන්සේ වනාහී එය පටන් ගත් කාලයේ සිට ම පරිභෝග කළ සේක. ආරක්ෂක මනුෂ්‍යයෝ රාත්‍රියෙහි ආලෝකය දැක මහේශාක්‍ය දෙවිවරුන් (පැමිණ) ඇතැයි සනිටුහන් කළහ. උපාසකවරු ශාලාව ද, භික්ෂු සංඝයාට වාසස්ථානද (තනා) නිමවා දානොපකරණ ද සකස් කොට “ස්වාමීනි. අප විසින් අපගේ කාර්යය කරන ලදී, ශාස්තෲන් වහන්සේ වැඩමවනු මැනව”යි තෙරුන් වහන්සේට දැන්වූහ. තෙරුන් වහන්සේ සවස් කාලයෙහි ඍද්ධියෙන් සැවැත් නුවරට ගොස් “ස්වාමීනි. වෙළඳගම් වැසියෝ ඔබ වහන්සේ දකිනු කැමැත්තෝය. ඔවුන්ට අනුකම්පා කරනු මැනව” යි භාග්‍යවතුන් වහන්සේට යාච්ඤා කළහ. භාග්‍යවතුන් වහන්සේ (එය) ඉවසා වදාළහ. තෙරණුවෝ පෙරලා ස්වකීය ස්ථානයටම පැමිණියහ.

භගවාපි ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි, “ආනන්‍ද, ස‍්වෙ සුනාපරන‍්තෙ වාණිජගාමෙ පිණ‍්ඩාය චරිස‍්සාම, ත්‍වං එකූනපඤ‍්චසතානං භික‍්ඛූනං සලාකං දෙහී”ති. ථෙරො “සාධු, භන‍්තෙ”ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා, “ආකාසචාරී භික‍්ඛූ සලාකං ගණ‍්හන‍්තූ”ති ආහ. තංදිවසං කුණ‍්ඩධානත්‍ථෙරො පඨමං සලාකං අග‍්ගහෙසි. වාණිජගාමවාසිනොපි “ස‍්වෙ කිර සත්‍ථා ආගමිස‍්සතී”ති ගාමමජ‍්ඣෙ මණ‍්ඩපං කත්‍වා දානග‍්ගං සජ‍්ජයිංසු. භගවා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා, ගන්‍ධකුටිං පවිසිත්‍වා, ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා, නිසීදි. සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හං අහොසි. සො “කිං ඉද”න‍්ති ආවජ‍්ජෙත්‍වා සත්‍ථු සුනාපරන‍්තගමනං දිස‍්වා, විස‍්සකම‍්මං ආමන‍්තෙසි, “තාත, අජ‍්ජ භගවා තිංසමත‍්තානි යොජනසතානි පිණ‍්ඩචාරං ගමිස‍්සති. පඤ‍්ච කූටාගාරසතානි මාපෙත්‍වා ජෙතවනද‍්වාරකොට‍්ඨකමත්‍ථකෙ ගමනසජ‍්ජානි කත්‍වා ඨපෙහී”ති. සො තථා අකාසි. භගවතො කූටාගාරං චතුමුඛං අහොසි, ද‍්වින‍්නං අග‍්ගසාවකානං ද‍්විමුඛානි, සෙසානි එකමුඛානි, සත්‍ථා ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා පටිපාටියා ඨපිතකූටාගාරෙසු ධුරකූටාගාරං පාවිසි. ද‍්වෙ අග‍්ගසාවකෙ ආදිං කත්‍වා එකූනපඤ‍්චභික‍්ඛුසතානිපි කූටාගාරගතානි අහෙසුං. එකං තුච‍්ඡං කූටාගාරං අහොසි, පඤ‍්චපි කූටාගාරසතානි ආකාසෙ උප‍්පත‍්තිංසු.

භාග්‍යවතුන් වහන්සේ ද අනඳ තෙරුන් ඇමතූහ. (අමතා) “ආනන්දයෙනි. හෙට දිනයෙහි සුනාපරන්තයේ වෙළඳ ගමෙහි පිඬු පිණිස හැසිරෙන්නෙමු, (ඒ සඳහා) ඔබ එකුන් පන්සියයක් භික්ෂූන්හට සලාක (හෙවත් අවසර පත්) දෙන්න” යයි (වදාළහ) (අනඳ) තෙරහු මැනව ස්වාමීනි යි (පිළිගෙන) භික්ෂු සංඝයනට ඒ බව දන්වා “ස්වාමීනි, අහසින් වඩිනා භික්ෂූන් වහන්සේ සලාක ගනු මැනව”යි ද කීහ. එදින කුණ්ඩධාන නම් තෙරුන් වහන්සේ පළමු සලාකය ගත්හ. වෙළෙඳ ගමෙහි වැසියෝ ද ශාස්තෲන් වහන්සේ හෙට (ගමට) වඩින්නාහ යි (කියා) ගම මැද මණ්ඩපයක් තනවා (එහි) දානසාලාවක් සෑදවුහ. භාග්‍යවතුන් වහන්සේ උදෑසනම සිරුර පිළිදැගුම් කොට ගඳකිළියට පිවිස පල සමවතට සමවැදී වැඩහුන්හ. (ඒ වේලෙහි) සක් දෙවිඳුගේ පඬුපුල් සලසුන උණුසුම් විය. හේ මේ කිමැයි විමසා බලා ශාස්තෲන් වහන්සේගේ සුනාපරන්ත ගමන දැක විස්කම් (දෙව්පුතු) ඇමතීය. දරුව, අද භාග්‍යවතුන් වහන්සේ යොදුන් තුන්දහසක දුරක් පිඬු පිණිස ගමන් කරන්නාහ, කූටාගාර පන්සියයක් මවා ගමනට සුදානම් කොට, දෙව්රමෙහි දොර කොටුව මතුයෙහි තබන්නැයි කීය. හේ එසේ කළේය. භාග්‍යවතුන් වහන්සේගේ කූටාගාරයට දොරටු සතරක් විය. දෙඅග සවුවන්ගේ කූටාගාරවලට දොරටු දෙක බැගින් විය. සෙසු කූටාගාරවලට දොරටු එක බැගින් විය. ශාස්තෲන් වහන්සේ ගඳ කිළියෙන් නික්ම පිළිවෙළින් තබන ලද කූටාගාරයන්හි ප්‍රධාන කූටාගාරයට පිවිස වැඩ හුන් සේක. දෙඅග සවුවන් වහන්සේ ආදි කොට එකුන් පන්සියයක් භික්ෂූන් වහන්සේ වූහ. එක් කූටාගාරයක් හිස්ව තිබිණ. පන්සියයක් වූ කූටාගාර අහසට නැගුණි.

සත්‍ථා සච‍්චබන්‍ධපබ‍්බතං නාම පත්‍වා කූටාගාරං ආකාසෙ ඨපෙසි. තස‍්මිං පබ‍්බතෙ සච‍්චබන්‍ධො නාම මිච‍්ඡාදිට‍්ඨිකතාපසො මහාජනං මිච‍්ඡාදිට‍්ඨිං උග‍්ගණ‍්හාපෙන‍්තො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො හුත්‍වා වසති, අබ‍්භන‍්තරෙ චස‍්ස අන‍්තොචාටියං පදීපො විය අරහත‍්තඵලස‍්ස උපනිස‍්සයො ජලති. තං දිස‍්වා “ධම‍්මමස‍්ස කථෙස‍්සාමී”ති ගන‍්ත්‍වා ධම‍්මං දෙසෙසි.

ශාස්තෲන් වහන්සේ සච්චබද්ධ නම් පර්වතයට පැමිණ කූටාගාරය අහසෙහි නවතා (පර්වතයට බටසේක) ඒ පර්වතයෙහි සච්ච බද්ධ නම් වූ මිථ්‍යා දෘෂ්ටික තාපසයෙක් මහජනතාව මිසදිටු ගන්වමින් මහත්වූ ලාභ හා කීර්ති ලබන්නෙක් වී වාසය කරයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි වනාහී බඳුනක් ඇතුළත වූ පහනක් මෙන් අර්හත් ඵලය සඳහා වන හේතු බබලමින් පවතී. (තථාගතයන් වහන්සේ) එය දැක ඔහුට ධර්මය කියා දෙමියි (එහි) ගොස් දහම් දෙසූහ.

තාපසො දෙසනාපරියොසානෙ අරහත‍්තං පාපුණි. මග‍්ගෙනෙවස‍්ස අභිඤ‍්ඤා ආගතා. සො එහිභික‍්ඛු හුත්‍වා ඉද‍්ධිමයපත‍්තචීවරධරො තුච‍්ඡකූටාගාරං පාවිසි.

තවුස් තෙමේ දේශනාවගේ කෙළවර රහත්බවට පැමිණියේය. අර්හත් මාර්ගය සමගම ඔහුට අභිඥාවන් පහළ විය. හේ ඒහි භික්ෂු (භාවයෙන් පැවිදි) වී සෘද්ධි බලයෙන් ලැබුණ පාත්‍ර හා සිවුරු දරන්නේ කූටාගාරයට පිවිසියේය.

භගවා කූටාගාරගතෙහි පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං වාණිජගාමං ගන‍්ත්‍වා, කූටාගාරානි අදිස‍්සමානකානි කත්‍වා, වාණිජගාමං පාවිසි. වාණිජා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා සත්‍ථාරං මකුලකාරාමං නයිංසු. සත්‍ථා මණ‍්ඩලමාළං පාවිසි. මහාජනො යාව සත්‍ථා භත‍්තදරථං පටිප‍්පස‍්සම‍්භෙති, තාව පාතරාසං කත්‍වා උපොසථඞ‍්ගානි සමාදාය බහුං ගන්‍ධඤ‍්ච පුප‍්ඵඤ‍්ච ආදාය ධම‍්මස‍්සවනත්‍ථාය ආරාමං පච‍්චාගමාසි. සත්‍ථා ධම‍්මං දෙසෙසි. මහාජනස‍්ස බන්‍ධනමොක‍්ඛො ජාතො, මහන‍්තං බුද‍්ධකොලාහලං අහොසි.

භාග්‍යවතුන් වහන්සේ කූටාගාරගතවූ පන්සියයක් භික්ෂූන් සමග වෙළඳ ගමට ගොස් කූටාගාරයන් අදෘශ්‍යමාන වන සේ (අධිෂ්ඨාන) කොට ගමට පිවිසි සේක. වෙළඳහු බුදු පාමොක් සඟනට මහදන් දී, ශාස්තෲන් වහන්සේ මඞ්කුලකාරාම (නම් විහාරස්ථාන) යට පැමිණවූහ. උන්වහන්සේ (එහි) කවාකාර ශාලාවට පිවිසියහ. බුදුන් වහන්සේ අහරින් පසු විවේක ගෙන නිමවන තෙක්, මහජනයා උදය අහර ගෙන උපෝෂථාංගයන් සමාදන් වී, බොහෝ වූ සුවඳ ද්‍රව්‍යයන් ද මල් ද රැගෙන ධර්මශ්‍රවණය පිණිස ආරාමයට නැවත ගියහ. බුදුහු (ඔවුනට) දහම් දෙසූහ. මහජනතාවගේ බන්ධන මිදුණේ (බුදු කෙනෙකුන් ලොව පහළව ඇත යනුවෙන්) මහත්වූ බුද්ධ කෝලාහයක් වූයේය.

සත්‍ථා මහාජනස‍්ස සඞ‍්ගහත්‍ථාය සත‍්තාහං තත්‍ථෙව වසි, අරුණං පන මහාගන්‍ධකුටියංයෙව උට‍්ඨපෙසි. සත‍්තාහම‍්පි ධම‍්මදෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. තත්‍ථ සත‍්තාහං වසිත්‍වා, වාණිජගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා, “ත්‍වං ඉධෙව වසාහී”ති පුණ‍්ණත්‍ථෙරං නිවත‍්තෙත්‍වා අන‍්තරෙ නම‍්මදානදී නාම අත්‍ථි, තස‍්සා තීරං අගමාසි. නම‍්මදා නාගරාජා සත්‍ථු පච‍්චුග‍්ගමනං කත්‍වා, නාගභවනං පවෙසෙත්‍වා, තිණ‍්ණං රතනානං සක‍්කාරං අකාසි. සත්‍ථා තස‍්ස ධම‍්මං කථෙත්‍වා නාගභවනා නික‍්ඛමි. සො “මය‍්හං, භන‍්තෙ, පරිචරිතබ‍්බං දෙථා”ති යාචි. භගවා නම‍්මදානදීතීරෙ පදචෙතියං දස‍්සෙසි. තං වීචීසු ආගතාසු පිධීයති, ගතාසු විවරීයති. මහාසක‍්කාරපත‍්තං අහොසි. සත්‍ථා තතො නික‍්ඛමිත්‍වා සච‍්චබන්‍ධපබ‍්බතං ගන‍්ත්‍වා සච‍්චබන්‍ධං ආහ – “තයා මහාජනො අපායමග‍්ගෙ ඔතාරිතො. ත්‍වං ඉධෙව වසිත්‍වා, එතෙසං ලද‍්ධිං විස‍්සජ‍්ජාපෙත්‍වා, නිබ‍්බානමග‍්ගෙ පතිට‍්ඨාපෙහී”ති. සොපි පරිචරිතබ‍්බං යාචි. සත්‍ථා ඝනපිට‍්ඨිපාසාණෙ අල‍්ලමත‍්තිකපිණ‍්ඩම‍්හි ලඤ‍්ඡනං විය පදචෙතියං දස‍්සෙසි. තතො ජෙතවනමෙව ගතො. එතමත්‍ථං සන්‍ධාය තෙනෙව අන‍්තරවස‍්සෙනාතිආදි වුත‍්තං.

ශාස්තෲන් වහන්සේ මහජනතාවට සංග්‍රහ පිණිස සත් දිනක් එහිම වාසය කළහ. මහා ගන්ධකුටිය තුළදීම අරුණ නැංවූහ. දින සතක් ධර්ම දේශනා අවසානයේ අසූහාර දහසක් ප්‍රාණීන් හට ධර්මාවබෝධ විය. එහි සත් දිනක් වාසය කොට වෙළඳ ගමෙහි පිඬු පිණිස හැසිර, “ඔබ මෙහිම වාසය කරන්න” යයි පුණ්ණ තෙරුන් (එහි) නවතා, ආසන්නයෙහි වූ නර්මදා නම් ගංතෙරට වැඩියහ. නර්මද නම් වූ නාරජ තෙමේ ශාස්තෲන් වහන්සේට පෙර ගමන් කොට නාග භවනයට කැඳවා ගෙන තෙරුවනට සත්කාර කළේය. බුදුහු ඔහුට දහම් දෙසා නාග භවනයෙන් නික්මුනහ. හෙතෙමේ ස්වාමීනි, මා හට පිදිය යුතු යමක් දෙනු මැනව යි යාච්ඤා කළේය. බුදුහු නර්මදා ගං තෙරෙහි පා සලකුණ පිහිටුවා දැක්වූහ. රළ එන එන විට එය ආවරණය වෙයි, (රළ) පහව ගිය විට අනාවරණය වෙයි. මහා සත්කාරයකට පත්වූයේය. බුදුහු ඉන් නික්ම සච්චබද්ධ පර්වතයට ගොස් සච්චබද්ධ තෙරුන් හට (මෙසේ) කීහ. ඔබ විසින් මහජනයා අපාය මාර්ගයෙහි හෙලන ලදහ. ඔබ මෙහිම නැවතී ඔවුන්ගේ (මිථ්‍යා) දෘෂ්ටිය ඉවත් කරවා නිවන් මඟෙහි පිහිටුවව” (ඒ ස්ථවිර) තෙමේ ද පිදිය යුතු යමක් ඉල්වීය. බුදුහු තෙත් මැටි පිඩක් මතුයෙහි මෙන් ඝන ශිලා තලයක් මතුයෙහි මග සලකුණ පිහිටුවා දැක්වූහ. ඉන් පසු දෙව්රමටම වැඩියහ. මේ කරුණ සඳහා තෙනෙව අන්තර වස්සෙන යන ආදිය කියන ලදී.

පරිනිබ‍්බායීති අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. මහාජනො ථෙරස‍්ස සත‍්ත දිවසානි සරීරපූජං කත්‍වා, බහූනි ගන්‍ධකට‍්ඨානි සමොධානෙත්‍වා, සරීරං ඣාපෙත්‍වා ධාතුයො ආදාය චෙතියං අකාසි. සම‍්බහුලා භික‍්ඛූති ථෙරස‍්ස ආළාහනට‍්ඨානෙ ඨිතභික‍්ඛූ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. ඡට‍්ඨං උත‍්තානමෙව.

පරිනිබ්බායී අනුපාදිසෙස හෙවත් ස්කන්ධයන් ඉතිරි නොවන්නාවූ නිර්මාණ තත්ත්වයෙන් පිරිනිවියේය. මහජනයා සත් දිනක් තෙරුන් වහන්සේගේ ශරීරයට පූජා පවත්වා. බොහෝ වූ සුවඳ දර රැස් කරවා ශරීරය ආදාහනය කොට ධාතු රැගෙන චෛත්‍යයක් (ඉදි) කළහ. සම්බහුලා භික්‍ඛු = තෙරුන් වහන්සේට ආසන්න ස්ථානයෙහි සිටි භික්ෂූහු, සෙස්ස පහසුවෙන් සියළු තන්හි අවබෝධ වේමය. සය වැන්න (ද) පහසු වන්නේමය.