7-9. එජාසුත්තාදිවණ්ණනා අට්ඨකථා
7-9. එජාසුත්තාදිවණ්ණනා
7-9. එජා ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ එජාති තණ්හා. සා හි චලනට්ඨෙන එජාති වුච්චති. සාව ආබාධනට්ඨෙන රොගො, අන්තො දුස්සනට්ඨෙන ගණ්ඩො, නිකන්තනට්ඨෙන සල්ලං. තස්මාති යස්මා එජා රොගො චෙව ගණ්ඩො ච සල්ලඤ්ච, තස්මා. චක්ඛුං න මඤ්ඤෙය්යාතිආදි වුත්තනයමෙව, ඉධාපි සබ්බං හෙට්ඨා ගහිතමෙව සංකඩ්ඪිත්වා දස්සිතං. අට්ඨමං වුත්තනයමෙව.
සත්වැන්නෙහි - එජා = තණ්හාව චලනය වේය යන අරුතින් එයට “එජා” යයි කියනු ලැබේ. බාධා කිරීම යන අදහසින් රෝග යයි යෙදේ. අභ්‍යන්තරය දූෂ්‍ය වීම යන අදහසින් “ගණ්ඩ” යයි යෙදේ. (අයහපත්ය යන අදහසින් හෝ) යටට හාරා කපා දැමීම යන අදහසින් “සල්ලං” යි යෙදේ. තස්මා = යම් හෙයකින් තෘෂ්ණා, රෝග, ගණ්ඩ, සල්ල යන මේවා ඇති වේද ඒ නිසා තස්මා යි යෙදේ. “චක්ඛුං න මඤ්ඤෙය්ය (ඇස පිළිබඳව නොසිතයි) යන ආදිය පෙර කියූ පිළිවෙළින්ම දත යුතුය. මෙහිදී සබ්බං යනුවෙන් ඉහතදී ගනු ලැබූ දෙයට ගෙන හැර දක්වන ලදී. අටවැන්න කියන ලද පිළිවෙළ අනුවම වේ. නව වැන්නෙහි - මයං කොටස් දෙකක් යනුයි.
10. දුතියද්වයසුත්තවණ්ණනා
10. දුතිය ද්වය සූත්‍ර වර්ණනාව
නවමෙ ද්වයන්ති ද්වෙ ද්වෙ කොට්ඨාසෙ. දසමෙ ඉත්ථෙතං ද්වයන්ති එවමෙතං ද්වයං. චලඤ්චෙව බ්යථඤ්චාති අත්තනො සභාවෙන අසණ්ඨහනතො චලති චෙව බ්යථති ච. යොපි හෙතු යොපි පච්චයොති චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථාරම්මණං හෙතු චෙව පච්චයො ච. කුතො නිච්චං භවිස්සතීති කෙන කාරණෙන නිච්චං භවිස්සති. යථා පන දාසස්ස දාසියා කුච්ඡිස්මිං ජාතො පුත්තො පරොව දාසො හොති, එවං අනිච්චමෙව හොතීති අත්ථො. සඞ්ගතීති සහගති. සන්නිපාතොති එකතො සන්නිපතනං. සමවායොති එකතො සමාගමො. අයං වුච්චති චක්ඛුසම්ඵස්සොති ඉමිනා සඞ්ගතිසන්නිපාතසමවායසඞ්ඛාතෙන පච්චයෙන උප්පන්නත්තා පච්චයනාමෙනෙව සඞ්ගති සන්නිපාතො සමවායොති අයං වුච්චති චක්ඛුසම්ඵස්සො.
දස වැන්නෙහි - ඉත්ථෙතං මයං - මෙසේ මෙම දෙකය, යුගලයය. චලඤ්චෙව ව්යධඤ්ච = තමාගේ ස්වභාවය අනුව, චලනය නොකරන්නේ මුව ද සෙලවෙයි, ඉදිරියට යයි. යොපිහෙතු - යොපි පච්චයො = ඇසෙන් රූප හඳුනා ගෙන අරමුණු ගැනීම හේතුව ද ප්‍රත්‍යය ද වේ. කුතො නීච්චං භවිස්සති = කුමන කරුණකින් නිත්‍ය වන්නේද? යම් සේ දාසයකුට දාව දාසියකගේ කුසෙහි උපන් පුත්‍රයා මත්තෙහි දාසයෙක් ම වේ ද (යනු නිත්‍ය නොවේ) මෙසේ නිත්‍ය නොවේමය යන අරුත ඇත්තේ වේ. සඞ්ගති = එක්වීම සන්නිපාත එක තැන රැස් වීම. සමවාය = එකට එක්තැන් වීම. අයං වුච්චති චක්ඛු සමථස්සෙන = (පෙර දැක් වූ මෙම සඞ්ගති, සන්නිපාත. සමචාය යන පච්චයෙන් (හෙවත් හේතුවෙන්) උපන් බැවින් පච්චය යන නාමයෙන් ම සඞ්ගති (එක්වීම) සන්නිපාත (එක තැන රැස් වීම) සමවාය, (එකට එක්තැන් වීම) යන මෙය චක්ඛු සම්ඵස්ස (හෙවත් චක්ෂු ස්පර්ශය) යයි කියනු ලැබේ.
සොපි හෙතූති ඵස්සස්ස වත්ථු ආරම්මණං සහජාතා තයො ඛන්ධාති අයං හෙතු. ඵුට්ඨොති උපයොගත්ථෙ පච්චත්තං, ඵස්සෙන ඵුට්ඨමෙව ගොචරං වෙදනා වෙදෙති, චෙතනා චෙතෙති, සඤ්ඤා සඤ්ජානාතීති අත්ථො. ඵුට්ඨොති වා ඵස්සසමඞ්ගීපුග්ගලො, ඵස්සෙන ඵුට්ඨාරම්මණමෙව වෙදනාදීහි වෙදෙති චෙතෙති සඤ්ජානාතීතිපි වුත්තං හොති. ඉති ඉමස්මිං සුත්තෙ සමතිංසක්ඛන්ධා කථිතා හොන්ති. කථං? චක්ඛුද්වාරෙ තාව වත්ථු චෙව ආරම්මණඤ්ච රූපක්ඛන්ධො, ඵුට්ඨො වෙදෙතීති වෙදනාක්ඛන්ධො, චෙතෙතීති සඞ්ඛාරක්ඛන්ධො, සඤ්ජානාතීති සඤ්ඤාක්ඛන්ධො, විජානාතීති විඤ්ඤාණක්ඛන්ධොති. සෙසද්වාරෙසුපි එසෙව නයො. මනොද්වාරෙපි හි වත්ථුරූපං එකන්තතො රූපක්ඛන්ධො, රූපෙ පන ආරම්මණෙ සති ආරම්මණම්පි රූපක්ඛන්ධොති ඡ පඤ්චකාතිංස හොන්ති. සඞ්ඛෙපෙන පනෙතෙ ඡසුපි ද්වාරෙසු පඤ්චෙව ඛන්ධාති සපච්චයෙ පඤ්චක්ඛන්ධෙ අනිච්චාති විත්ථාරෙත්වා වුච්චමානෙ බුජ්ඣනකානං අජ්ඣාසයෙන ඉදං සුත්තං දෙසිතන්ති.
යොපි හෙතු = ස්පර්ශයේ වස්තු අරමුණ සමග උපදින ස්කන්ධ තුන මෙම හේතුවයි. ඵුට්ඨො = සම්බන්ධ වීම යන අර්ථයෙහි - වෙන් වෙන් වශයෙන් ස්පර්ශේන්ද්රියයෙන් ස්පර්ශ කරන ලද්දාවූ ම අරමුණ වින්දනය නම් එය විඳ ගනියි, අරමුණ චේතනාව නම් එය සිතයි. අරමුණ සංඥාව නම් එය හඳුනා ගනියි යන අදහසයි. වුට්ඨො = ස්පර්ශයෙහි යෙදුණ පුද්ගලයාය. ස්පර්ශයට ලක් වූ අරමුණ ම වේදනා ආදියෙන් විඳ ගනියි, හැඳින ගනියි, සිතයි ආදී වශයෙන් ද කියන ලද්දේ වෙයි. මෙසේ මේ සූත්‍රයෙහි ස්කන්ධ තිහක් පිළිබඳව කියන ලදී. කෙසේද යත්? ඇස නමැති දොරටුව හා බැඳුණු වස්තුව ද අරමුණ ද රූපස්කන්ධය වෙයි. ස්පර්ශ කරනු ලැබූ ඒ රූප ස්කන්ධය වින්දනය කෙරේ යනු වේදනා ස්කන්ධයයි. ඒ පිළිබඳව සිතයි යනු සංස්කාර ස්කන්ධයයි එය හඳුනා ගනියි යනු සංඥා ස්කන්ධයයි. එය දැන ගනියි යනු විඥාන ස්කන්ධයයි. (කන්, නාසා ආදී) සෙසු දොරටු පිළිබඳව ද මෙම පිළිවෙළම වන්නේය. මනෝ ද්වාරයෙහි ද වස්තු රූප ඒකාන්ත වශයෙන් රූපස්කන්ධය වෙයි. රූපයෙහි අරමුණ ඇති වූ විට එම අරමුණ ද රූපස්කන්ධය වෙයි. පහක් බැගින් වූ හය (ස්කන්ධ 5 x ඉන්ද්රිය 6=30) තිහක් වෙයි. සැකෙවින් කියතහොත් මේවා (ඇස්, කන් ආදී) දොරටු සය බැඳුණ පංචස්කන්ධයන්ය. හේතූන්ගෙන් උපන් පංචස්කන්ධයන් අනිත්‍යයයි සවිස්තරව කියනුයේ අවබෝධ කරවීමේ අදහසිනි. ඒ අදහසින්ම මේ සූත්‍රය දේශනා කරන ලදී.
ඡන්නවග්ගො නවමො.
සිවුවන ඡන්න වග්ගය නිමියේය.