යෙදුමෙන් කියවන්න

දුතියඑජාසුත‍්තං

1. 9. 8.

1. 9. 8.

දුතියඑජාසුත‍්තං

දුතිය එජා සූත්‍රය

91. එජා භික‍්ඛවෙ රොගො එජා ගණ‍්ඩො එජා සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ, තථාගතො අනෙජො විහරති වීතසල‍්ලො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛු චෙපි ආකඞ‍්ඛෙය්‍ය අනෙජො විහරෙය්‍යං වීතසල‍්ලොති, චක‍්ඛුං න මඤ‍්ඤෙය්‍ය, චක‍්ඛුස‍්මිං න මඤ‍්ඤෙය්‍ය, චක‍්ඛුතො න මඤ‍්ඤෙය්‍ය, චක‍්ඛුං මෙති න මඤ‍්ඤෙය්‍ය. රූපෙ න මඤ‍්ඤෙය්‍ය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං න මඤ‍්ඤෙය්‍ය -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං න මඤ‍්ඤෙය්‍ය -පෙ- යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තස‍්මිම‍්පි න මඤ‍්ඤෙය්‍ය තතොපි න මඤ‍්ඤෙය්‍ය, තං මෙති න මඤ‍්ඤෙය්‍ය. යං හි භික‍්ඛවෙ මඤ‍්ඤති, යස‍්මිං මඤ‍්ඤති, යතො මඤ‍්ඤති, යං මෙති මඤ‍්ඤති, තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙවාභිනන්‍දති.

91. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, එහෙයින් ඉදින් මෙසස්නෙහි මහණ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම් ඇස තෘෂ්ණාවශයෙන් නො හඟනේ ය. ඇසෙහි නො හඟනේ ය. ඇසින් නො හඟනේ ය. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ ය. රූප නො හඟනේ ය ... චක්‍ෂුර්විඥානය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණාවශයෙන් හඟී ද, යමෙක්හි හඟී ද යමකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි අලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.

සොතං න මඤ‍්ඤෙය්‍ය -පෙ- ඝානං න මඤ‍්ඤෙය්‍ය -පෙ- ජිව‍්හං න මඤ‍්ඤෙය්‍ය, ජිව‍්හාය න මඤ‍්ඤෙය්‍ය, ජිව‍්හාතො න මඤ‍්ඤෙය්‍ය, ජිව‍්හා මෙති න මඤ‍්ඤෙය්‍ය. රසෙ න මඤ‍්ඤෙය්‍ය -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තස‍්මිම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තතොපි න මඤ‍්ඤෙය්‍ය, තම‍්මෙති න මඤ‍්ඤෙය්‍ය. යං හි භික‍්ඛවෙ මඤ‍්ඤති යස‍්මිං මඤ‍්ඤති යතො මඤ‍්ඤති යං මෙති මඤ‍්ඤති, තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙවාභිනන්‍දති.

ශොත්‍රය නො හඟනේ ය … ඝ්‍රාණය නො හඟනේ ය. ජිහ්වාව ආත්මය යි නො හඟනේ ය. ජිව්හායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හා මාගේ යයි නො හඟනේ ය. රස ආත්මය යි නො හඟනේ ය … ජිව්හාවිඤ්ඤාණය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණා වශයෙන් හඟී ද යමෙක්හි හඟී ද යමකින් හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.

කායං න මඤ‍්ඤෙය්‍ය -පෙ- මනං න මඤ‍්ඤෙය්‍ය, මනස‍්මිං න මඤ‍්ඤෙය්‍ය, මනතො න මඤ‍්ඤෙය්‍ය, මනො මෙති න මඤ‍්ඤෙය්‍ය.

කය ආත්මය යි නො හඟනේ ය. … සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. සිතින් බැහැර ආත්මය ඇතැයි නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය.

ධම‍්මෙ න මඤ‍්ඤෙය්‍ය -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තස‍්මිම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තතොපි න මඤ‍්ඤෙය්‍ය, තං මෙති න මඤ‍්ඤෙය්‍ය. යං හි භික‍්ඛවෙ, මඤ‍්ඤති, යස‍්මිං මඤ‍්ඤති, යතො මඤ‍්ඤති, යං මෙති මඤ‍්ඤති තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙවාභිනන්‍දති.

දහම් (අරමුණ) ආත්මය යි නො හඟනේ ය. … මනෝවිඤ්ඤාණය … මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් හඟී ද, යමෙක්හි හඟී ද, යමෙකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුණු ලෝවැසි තෙමේ භවය ම පතයි.

යාවතා භික‍්ඛවෙ, ඛන්‍ධධාතුආයතනා තම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තස‍්මිම‍්පි න මඤ‍්ඤෙය්‍ය, තතොපි න මඤ‍්ඤෙය්‍ය, තං මෙති න මඤ‍්ඤෙය්‍ය. සො එවං අමඤ‍්ඤමානො න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තඤ‍්ඤෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, යම්තාක් ස්කන්‍ධ ධාතු ආයතනයෝ වෙත් නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් දැඩි සේ නො ගනී. නො ගන්නේ නො තැති ගනී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. රහත්බව පිණිස කළයුතු දෑ කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.