යෙදුමෙන් කියවන්න

දුතියද‍්වයසුත‍්තං

1. 9. 10.

1. 9. 10.

දුතියද‍්වයසුත‍්තං

දුතිය ද්වය සූත්‍රය

93. ද‍්වයං භික‍්ඛවෙ, පටිච‍්ච විඤ‍්ඤාණං සම‍්භොති. කථඤ‍්ච භික‍්ඛවෙ, ද‍්වයං පටිච‍්ච විඤ‍්ඤාණං සම‍්භොති? චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. චක‍්ඛුං අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි. රූපා අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො. ඉත්‍ථෙතං ද‍්වයං චලඤ‍්චෙව ව්‍යයඤ‍්ච අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි. චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි. යොපි හෙතු යොපි පච‍්චයො චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අඤ‍්ඤථාභාවී උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච සමුප‍්පන‍්නං චක‍්ඛුවිඤ‍්ඤාණං කුතො නිච‍්චං භවිස‍්සති.

93. මහණෙනි, (හේතු ය - ප්‍රත්‍යය යන ධර්‍ම) දෙකක් නිසා විඤ්ඤාණය හටගනී. මහණෙනි, කෙසේ නම් දෙකක් නිසා විඤ්ඤාණය හටගනී ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඇස අනිසය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රූ අනිසයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ. මෙසේ මේ දෙක සැලෙන්නේත් වැය වන්නේත් වෙයි. අනිසය පෙරළෙන සුලුය වෙනස් වනසුලු ය. ඇස් විනැණ අනිසය. පෙරලෙනසුලුය. වෙනස් වනසුලුය. ඇස්විනැණ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිස ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍ය ය නිසා හටගත් චක්ඛුවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.

යා ඛො භික‍්ඛවෙ, ඉමෙසං තිණ‍්ණං ධම‍්මානං සඞ‍්ගති සන‍්නිපාතො සමවායො, අයං වුච‍්චති භික‍්ඛවෙ චක‍්ඛුසම‍්ඵස‍්සො. චක‍්ඛුසම‍්ඵස‍්සොපි අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. යොපි හෙතු යොපි පච‍්චයො චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නො චක‍්ඛුසම‍්ඵස‍්සො කුතො නිච‍්චො භවිස‍්සති. ඵුට‍්ඨො භික‍්ඛවෙ වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති. ඵුට‍්ඨො චෙතෙති, ඉත්‍ථෙතෙපි ධම‍්මා චලා චෙව ව්‍යයා ච අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො.

මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම් මහණෙනි මේ චක්ඛුසම්ඵස්ස යයි කියනු ලැබේ. චක්ඛුසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් චක්ඛුසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳි යි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ උප‍්පජ‍්ජති ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ උප‍්පජ‍්ජති ජිව‍්හාවිඤ‍්ඤාණං. ජිව‍්හා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී, රසා අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො. ඉත්‍ථෙතං ද‍්වයං චලඤ‍්චෙව ව්‍යයඤ‍්ච අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි. යොපි හෙතු යොපි පච‍්චයො ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නං ජිව‍්හාවිඤ‍්ඤාණං කුතො නිච‍්චං භවිස‍්සති.

කනත් ශබ්දයනුත් නිසා සෝතවිඤ්ඤාණය උපදියි ... නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදි යි ... දිව අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රස අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් වැය වන්නේත් වේ, අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍යය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය, පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.

යා ඛො භික‍්ඛවෙ ඉමෙසං තිණ‍්ණං ධම‍්මානං සඞ‍්ගති සන‍්නිපාතො සමවායො, අයං වුච‍්චති භික‍්ඛවෙ ජිව‍්හාසම‍්ඵස‍්සො. ජිව‍්හාසම‍්ඵස‍්සොපි අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. යොපි හෙතු යොපි පච‍්චයො ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නො ජිව‍්හාසම‍්ඵස‍්සො, කුතො නිච‍්චො භවිස‍්සති. ඵුට‍්ඨො භික‍්ඛවෙ වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති. ඵුට‍්ඨො චෙතෙති, ඉත්‍ථෙතෙපි ධම‍්මා චලාචෙව ව්‍යයා ච, අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො.

මහණෙනි, මේ තුන්දහමුන්ගේ යම් එක්වීමෙක් රැස් වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ ජිව්හාසම්ඵස්ස යයි කියනු ලැබේ. ජිව්හාසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. ජිව්හාසම්ඵස්සයාගේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ.

කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණං -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. මනො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. ධම‍්මා අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො. ඉත්‍ථෙතං ද‍්වයං චලඤ‍්චෙව ව්‍යයඤ‍්ච, අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවී. මනොවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවී. යොපි හෙතු යොපි පච‍්චයො මනොවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නං මනොවිඤ‍්ඤාණං කුතො නිච‍්චං භවිස‍්සති.

කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදී ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. සිත අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. දහම් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් නැසෙන්නේත් වෙයි. අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණය අනිතය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.

යා ඛො භික‍්ඛවෙ ඉමෙසං තිණ‍්ණං ධම‍්මානං සඞ‍්ගති සන‍්නිපාතො සමවායො, අයං වුච‍්චති භික‍්ඛවෙ මනොසම‍්ඵස‍්සො. මනොසම‍්ඵස‍්සොපි අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී.

මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ මනෝසම්ඵස්ස යයි කියනු ලැබේ. මනෝසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වන සුලු ය.

යොපි හෙතු යොපි පච‍්චයො මනොසම‍්ඵස‍්සස‍්ස උප‍්පාදාය, සොපි හෙතු සොපි පච‍්චයො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. අනිච‍්චං ඛො පන භික‍්ඛවෙ, පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නො මනොසම‍්ඵස‍්සො, කුතො නිච‍්චො භවිස‍්සති. ඵුට‍්ඨො භික‍්ඛවෙ, වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති. ඵුට‍්ඨො චෙතෙති, ඉත්‍ථෙතෙපි ධම‍්මා චලා චෙව ව්‍යයා ච, අනිච‍්චා විපරිණාමිනො අඤ‍්ඤථාභාවිනො. එවං ඛො භික‍්ඛවෙ, ද‍්වයං පටිච‍්ච විඤ‍්ඤාණං සම‍්භොතීති.

මනෝසම්ඵස්සයේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් නැසෙන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ. මහණෙනි, මෙසේ දෙකක් නිසා විඤ්ඤාණය හටගනී යි.

ඡන‍්නවග‍්ගො නවමො.

නවවැනි ඡන්න වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

පලොක සුඤ‍්ඤා සඞ‍්ඛිත‍්තං - ඡන‍්නො පුණ‍්ණො ච බාහියො එජෙන ච දුවෙ වුත‍්තා - ද‍්වයෙහි අපරෙ දුවෙති.

පලෝක, සුඤ්ඤ, සඞ්ඛිත්ත, ඡන්න, පුණ්ණ, බාහිය යන සූත්‍ර සයෙක් ද එජා නමින් දෙකෙක් ද, ද්වය නමින් අනෙක් දෙකෙක් දැ යි සූත්‍ර දශයෙක් වදාරන ලදී.