යෙදුමෙන් කියවන්න

ඡඵස‍්සායතනසුත‍්තං

1. 10. 1.

1. 10. 1.

ඡඵස‍්සායතනසුත‍්තං

ඡ ඵස්සායතන සූත්‍රය

94. ඡයිමෙ භික‍්ඛවෙ, ඵස‍්සායතනා අදන‍්තා අගුත‍්තා අරක‍්ඛිතා අසංවුතා දුක‍්ඛාධිවාහා හොන‍්ති. කතමෙ ඡ?

94. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:

චක‍්ඛුං භික‍්ඛවෙ, ඵස‍්සායතනං අදන‍්තං අගුත‍්තං අරක‍්ඛිතං අසංවුතං දුක‍්ඛාධිවාහං හොති. සොතං භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- ඝානං භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- ජිව‍්හා භික‍්ඛවෙ, ඵස‍්සායතනං අදන‍්තං අගුත‍්තං අරක‍්ඛිතං අසංවුතං දුක‍්ඛාධිවාහං හොති. කායො භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- මනො භික‍්ඛවෙ, ඵස‍්සායතනං අදන‍්තං අගුත‍්තං අරක‍්ඛිතං අසංවුතං දුක‍්ඛාධිවාහං හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ඡ ඵස‍්සායතනා අදන‍්තා අගුත‍්තා අරක‍්ඛිතා අසංවුතා දුක‍්ඛාධිවාහා හොන‍්ති.

මහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය … මහණෙනි දිව නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නො රක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති.

ඡයිමෙ භික‍්ඛවෙ, ඵස‍්සායතනා සුදන‍්තා සුගුත‍්තා සුරක‍්ඛිතා සුසංවුතා සුඛාධිවාහා හොන‍්ති. කතමෙ ඡ?

මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනැවින් දමනය කරන ලද්දාහු මැනැවින් ගෝපනය කරන ලද්දාහු මැනැවින් රක්නා ලද්දාහු මැනැවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:

චක‍්ඛුං භික‍්ඛවෙ, ඵස‍්සායතනං සුදන‍්තං සුගුත‍්තං සුරක‍්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. සොතං භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- ඝානං භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- ජිව‍්හා භික‍්ඛවෙ, ඵස‍්සායතනං සුදන‍්තං සුගුත‍්තං සුරක‍්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. කායො භික‍්ඛවෙ, ඵස‍්සායතනං -පෙ- මනො භික‍්ඛවෙ, ඵස‍්සායතනං සුදන‍්තං සුගුත‍්තං සුරක‍්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ඡ ඵස‍්සායතනා සුදන‍්තා සුගුත‍්තා සුරක‍්ඛිතා සුසංවුතා සුඛාධිවාහා හොන‍්තීති.

මහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි, දිව නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනැවින් රක්නා ලද්දේ මැනැවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි, කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනවින් දමනය කරන ලද්දාහු මැනවින් ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු මැනවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති යි.

ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද තෙල වදාළ සේක:

ඡළෙව ඵස‍්සායතනානි භික‍්ඛවො අසංවුතො යත්‍ථ දුක‍්ඛං නිගච‍්ඡති, තෙසඤ‍්ච යෙ සංවරණං අවෙදිසුං සද‍්ධාදුතියා විහරන‍්තානවස‍්සුතා.

මහණෙනි, යම් ස්පර්‍ශායතනයක සංවරණය නො වූයේ දුකට පැමිණේ නම් එබඳු ස්පර්‍ශායතන සයෙක්ම ය. යම් කෙනෙක් ඔවුන්ගේ සංවරණය ලැබුවාහු නම් (ඔහු) ශ්‍රද්ධාව දෙවැන්න කොට ඇත්තාහු කෙලෙසුන්ගෙන් තෙත් නො වූවාහු වෙසෙත්.

දිස‍්වාන රූපානි මනොරමානි අථොපි දිස‍්වා අමනොරමානි මනොරමෙ රාගපථං විනොදයෙ න චප‍්පියං මෙති මනං පදොසයෙ.

මනහර රූ දැක යලි නොමනහර රූ ද දැක මනහර රූහි රාගය දුරු කරන්නේ ය. (නොමනහර රූහි ) මට අප්‍රිය යයි සිත නො කෙලෙසන්නේ ය.

සද‍්දඤ‍්ච සුත්‍වා දුභයං පියාප‍්පියං පියම‍්හි සද‍්දෙ න සමුච‍්ඡිතො සියා අථොප‍්පියෙ දොසගතං විනොදයෙ න චප‍්පියං මෙති මනං පදොසයෙ.

ප්‍රිය වූ ද අප්‍රිය වූ ද දෙවැදෑරුම් ශබ්දයත් අසා ප්‍රිය වූ ශබ්දයෙහි මුසපත් වූයේ නො වන්නේ ය. නැවත අප්‍රිය ශබ්දයෙහි ද්වේෂය දුරු කරන්නේ ය. මට අප්‍රිය යයි සිත නො ද කෙලෙසන්නේ ය.

ගන්‍ධඤ‍්ච ඝාත්‍වා සුරභිං මනොරමං අථොපි ඝාත්‍වා අසුචිං අකන‍්තියං අකන‍්තියස‍්මිං පටිඝං විනොදයෙ ඡන්‍දානුනීතො නච කන‍්තියෙ සියා.

මනහර මිහිරි සුවඳ ආඝ්‍රාණය කොට යළි දු අප්‍රිය වූ දුගඳ ද ආඝ්‍රාණය කොට අප්‍රිය වූ දුගඳේ ද්වේෂය දුරු කරන්නේ ය. කැමති වූ සුවඳේ ඇල්මට පමුණුවන ලද්දෙක් නොවන්නේ ය.

රසඤ‍්ච භොත්‍වා සාදිතඤ‍්ච සාදුං අථොපි භොත්‍වාන අසාදුමෙකදා සාදුං රසං නාජ‍්ඣොසාය භුඤ‍්ජෙ විරොධමාසාදුසු නොපදංසයෙ

රස විඳිය යුතු මිහිරි රසත් අනුභව කොට වැලි දු ඇතැම් අනෙක් අමිහිරි රස ද අනුභව කොට මිහිරි රස ගැලී නො වළඳන්නේ ය. අමිහිරි රසෙහි විරෝධයක් නො දක්වන්නේ ය.

ඵස‍්සෙන ඵුට‍්ඨො න සුඛෙන මජ‍්ජෙ දුක‍්ඛෙන ඵුට‍්ඨොපි න සම‍්පවෙධෙ ඵස‍්සද‍්වයං සුඛදුක‍්ඛෙ උපෙක‍්ඛෙ අනානුරුද‍්ධො අවිරුද‍්ධකෙනචි.

සුවපහසින් පහස්නා ලද්දේ මත් නො වන්නේ ය. දුකින් පහස්නා ලද්දේ ද නො සැලෙන්නේ ය. කිසිවකු හා විරුද්ධ නොවන්නේ නො ඇලෙන්නේ සුවදුක් දෙකෙහි වූ පහස් දෙක මැදිහත්ව දක්නේ ය.

පපඤ‍්චසඤ‍්ඤා ඉතරීතරා නරා පපඤ‍්චයන‍්තා උපයන‍්ති සඤ‍්ඤිනො මනොමයං ගෙහසිතඤ‍්ච සබ‍්බං පනුජ‍්ජ නෙක‍්ඛම‍්මසිතං ඉරීයති.

ක්ලේශසංඥා ඇති හෙයින් ප්‍රපඤ්ච සංඥා වූ ඉතා ලාමක සත්ත්‍වයෝ පමා වන්නාහු සසරට පැමිණෙත්. (නුවණැති මහණ තෙමේ) පඤ්චකාමනිශ්‍රීත සියලු මනෝමය විතර්‍කයන් දුරු කොට නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කොට පවතී මැ යි.

එවං මනො ඡස‍්සු යදා සුභාවිතො ඵුට‍්ඨස‍්ස චිත‍්තං න විකම‍්පතෙ ක්‍වචි තෙ රාගදොසෙ අභිභුය්‍ය භික‍්ඛවො භවාථ ජාතිමරණස‍්ස පාරගාති.

මෙසේ යම් කලෙක සාරමුණෙහි සිත මැනවින් වඩනා ලද්දේ වේ ද, සුව පහසෙකින් හෝ දුක් පහසෙකින් පහස්නා ලද ඔහුගේ සිත කොහිවත් නොසැලෙයි. මහණෙනි, ඒ තෙපි රාගද්වේෂයන් මැඩ ජාති-මරණයන්ගේ පරතෙර වූ නිවනට යන්නාහු වවයි.