යෙදුමෙන් කියවන්න

මාලුඞ‍්ක්‍යපුත‍්තසුත‍්තං

1. 10. 2.

1. 10. 2.

මාලුඞ‍්ක්‍යපුත‍්තසුත‍්තං

මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය

95. අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

95. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා යි.

එත්‍ථදානි මාලුඞ‍්ක්‍යපුත‍්ත, කිං දහරෙ භික‍්ඛූ වක‍්ඛාම, යත්‍ර හි නාම ත්‍වං භික‍්ඛු ජිණ‍්ණො වුද‍්ධො මහල‍්ලකො අද‍්ධගතො වයොඅනුප‍්පත‍්තො සඞ‍්ඛිත‍්තෙන ඔවාදං යාචසීති. කිඤ‍්චාපහං භන‍්තෙ, ජිණ‍්ණො වුද‍්ධො මහල‍්ලකො අද‍්ධගතො වයොඅනුප‍්පත‍්තො. දෙසෙතු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං, දෙසෙතු සුගතො සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං, අප‍්පෙවනාමාහං භගවතො භාසිතස‍්ස අත්‍ථං ආජානෙය්‍යං. අප‍්පෙවනාමාහං භගවතො භාසිතස‍්ස දායාදො අස‍්සන‍්ති.

මාලුඞ්ක්‍යපුත්ත, දිරාගිය වැඩිසිටි මහලු වූ තුන් කල් ගත වූ පිළිවෙළින් පැසුට වියට පැමිණි මහණකු වූ යම්බඳු තෙපි සැකෙවින් අවවාද යදින්නහු නම් මෙහි ලා දැන් තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙම් දැ යි. වහන්ස, මම දිරූයෙම් වැඩීසිටියෙම් මහලු වූ යෙම් තුන්කල් ගත වූයෙම් පිළිවෙළින් පැසුළු වයසට පැමිණියෙම් නමුදු, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අරුත් දැනගන්නෙම් නම් මැනවි. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනව යි.

තං කිම‍්මඤ‍්ඤසි මාලුඞ‍්ක්‍යපුත‍්ත, යෙ තෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා අදිට‍්ඨා අදිට‍්ඨපුබ‍්බා, න ච පස‍්සසි, න ච තෙ හොති. පස‍්සෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන‍්තෙ.

මාලුඞ්ක්‍යපුත්ත, ඒ කිමැයි හඟිවු ද, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ නුදුටු නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙද්ද, (ඔවුන්) නො ද දකිවු නම් ඔවුන් දකින්නෙමි යි. තොපට නො ද සිතෙක් වේ නම් තොපට එහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.

යෙ තෙ සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා අස‍්සුතා අස‍්සුතපුබ‍්බා, න ච සුණාසි, න ච තෙ හොති සුණෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං, භන‍්තෙ. යෙ තෙ ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා අඝායිතා අඝායිතපුබ‍්බා. න ච ඝායසි, න ච තෙ හොති ඝායෙය්‍යන‍්ති? අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන‍්තෙ. යෙ තෙ ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා අසායිතා අසායිතපුබ‍්බා, න ච සායසි, න ච තෙ හොති සායෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන‍්තෙ. යෙ තෙ

නො ඇසු නො ඇසුවිරූ සෝතවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ ශබ්දයෝ වෙද්ද (ඔවුන්) නො ද අසවු නම් අසන්නට තොපට සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැයි. වහන්ස මෙය නො වේ ම ය. ආඝ්‍රාණය නොකළ ආඝ්‍රාණය නොකළ විරූ යම් ඒ ගන්‍ධයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආඝ්‍රාණය කරවු නම් ආඝ්‍රාණය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.

කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා අසම‍්ඵුට‍්ඨා අසම‍්ඵුට‍්ඨපුබ‍්බා න ච ඵුසසි, න ච තෙ හොති ඵුසෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන‍්තෙ. යෙ තෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා අවිඤ‍්ඤාතා අවිඤ‍්ඤාතපුබ‍්බා, න ච විජානාසි, න ච තෙ හොති විජානෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නොහෙතං භන‍්තෙ.

ආස්වාදනය නොකළ ආස්වාදනය නොකළවිරූ ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු යම් ඒ රසයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආස්වාදනය කරවු නම් ආස්වාදනය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. නොපැහැසි නොපැහැසිවිරූ කායවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ පහස්හු වෙත් නම් ඔවුන් නො ද පුසින්නහු නම් පුසින්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. නොදත් නොදත්විරූ මනෝවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ දහම්හු වෙද්ද, (ඔවුන්) නො ද දන්නහු නම් දැනගන්නෙමියි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.

එත්‍ථ ච තෙ, මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සති, සුතෙ සුතමත‍්තං භවිස‍්සති, මුතෙ මුතමත‍්තං භවිස‍්සති, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තං භවිස‍්සති. යතො ඛො තෙ මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සති, සුතෙ සුතමත‍්තං භවිස‍්සති, මුතෙ මුතමත‍්තං භවිස‍්සති, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තං භවිස‍්සති, තතො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, න තෙන. යතො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, න තෙන, තතො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, න තත්‍ථ; යතො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, න තත්‍ථ, තතො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, නෙවිධ න හුරං න උභයමන‍්තරෙන. එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති.

මාලුඞ්ක්‍යපුත්ත, මෙහි තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ය. අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ය. ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ය. දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ය. මාලුඞ්ක්‍යපුත්ත , යම් කලෙක තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ද, අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ද, ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ද,දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ද, මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි එයින් (රාගරත්තයෙක් දෝසදූසිතයෙක් මොහමූළ්හයෙක්) නොවන්නහු ය. යම්කලෙක තෙපි එයින් (රාගරත්තාදියෙක්) නොවන්නාහු නම් මාලුඞ්ක්‍යපුත්ත, එකල්හි තෙපි එහි නොපිහිටි වන්නහු ය. මාලුඞ්ක්‍යපුත්ත යම් කලෙක තෙපි එහි නොපිහිටි වන්නහු නම් මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්හු ය. පරලොවත් නොවන්නහු ය. දෙලොව ම නොවන්නහු ය. මෙය ම දුකේ කෙළවර යි.

ඉමස‍්ස ඛ‍්වාහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි.

රූපං දිස‍්වා සති මුට‍්ඨා පියනිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා රූපසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

රූපය දැක ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි.ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

සද‍්දං සුත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා සද‍්දසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

ශබ්දය අසා ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

ගන්‍ධං ඝාත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ගන්‍ධසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බාං වුච‍්චති

ගන්‍ධය ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

රසං භොත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා රසසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

රස අනුභව කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට රස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්.නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

ඵස‍්සං ඵුස‍්ස සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ඵස‍්ස සම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

පහස පැහැස ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට පහස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

ධම‍්මං ඤත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ධම‍්මසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

දහම දැන ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට අරමුණු දහම නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති රූපෙසු රූපං දිස‍්වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති. යථාස‍්ස පස‍්සතො රූපං සෙවතො චාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

සිහියෙන් යුත් හෙතෙමේ රූපය දැක රූපයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. රූපය දක්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති සද‍්දෙසු සද‍්දං සුත්‍වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස සුණතො සද‍්දං සෙවතොචාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

සිහියෙන් යුත් හෙතෙමේ ශබ්දය අසා ශබ්දයන්හි නො ඇලෙයි.නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. ශබ්දය අසන්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති ගන්‍ධෙසු ගන්‍ධං ඝාත්‍වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස ඝායතො ගන්‍ධං සෙවතොචාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

සිහියෙන් යුත් හෙතෙමේ ගන්‍ධය ආඝ්‍රාණය කොට ගන්‍ධයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. ගන්‍ධය ආඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති රසෙසු රසං භොත්‍වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස සායතො රසං සෙවතො චාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

සිහියෙන් යුත් හෙතෙමේ රස අනුභව කොට රසයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙනද නො සිටියි. රස විඳුනා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති ඵස‍්සෙසු ඵස‍්සං ඵුස‍්ස පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස ඵුසතො ඵස‍්සං සෙවතො චාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

සිහියෙන් යුත් හෙතෙමේ පහස පැහැස පහස්හි නොඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. පහස පුසින්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මේ අයුරින් දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

න සො රජ‍්ජති ධම‍්මෙසු ධම‍්මං ඤත්‍වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස විජානතො ධම‍්මං සෙවතොචාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චතී ති.

සිහියෙන් යුත් හෙතෙමේ අරමුණු දහම දැන දහම්හි නො ඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටියි. දහම් දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නොරැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.

ඉමස‍්ස ඛො’හං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති. සාධු සාධු මාලුඞ‍්ක්‍යපුත‍්ත, සාධු ඛො ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද දෙසුම්හි අරුත විතරවිසින් මම මෙසේ දනිමි යි. මාලුඞ්ක්‍යපුත්ත මැනවි, මැනවි, මාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දහමෙහි අරුත විතර විසින් තෙපි මෙසේ දනිවු.

රූපං දිස‍්වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො සාරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච අජ‍්ඣොසාය තිට‍්ඨති තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා රූපසම‍්භවා අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති එවං ආචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති -පෙ-

රූපය දැක ප්‍රිය අරමුණෙකැයි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිල ගෙන ද සිටියි. ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්, නොහොත් දැඩිලෝභයෙන් ද වෙහෙසින් ද ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන ඈත යැයි කියනු ලැබේ ...

න සො රජ‍්ජති ධම‍්මෙසු ධම‍්මං ඤත්‍වා පතිස‍්සතො විරත‍්තචිත‍්තො වෙදෙති තඤ‍්ච නාජ‍්ඣොසාය තිට‍්ඨති යථාස‍්ස විජානතො ධම‍්මං සෙවතො චාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චතී ති.

සිහියෙන් යුත් හෙතෙමේ දහම දැන අරමුණු දහම්හි නොඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. දහම දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ ය යි කියනු ලැබේ.

ඉමස‍්ස ඛො මාලුඞ‍්ක්‍යපුත‍්ත මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති. අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

මාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දෙසුමෙහි අරුත විතර විසින් මෙසේ දතයුත්තේ යි. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.

අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො අරහතං අහොසීති.

ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූවාහු නොපමා ව කෙලෙස් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්තු යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද්ද, මගබඹසර කෙළවර වූ අනුත්තර ඒ අර්‍හත් ඵලය නො බෝ කලෙකින්ම මේ අත්බව්හි ම තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසූහ. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැන ගත්හ. ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ රහතුන් අතරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.