යෙදුමෙන් කියවන්න

පරිහානධම‍්මසුත‍්තං

1. 10. 3.

1. 10. 3.

පරිහානධම‍්මසුත‍්තං

පරිහානධම්ම සූත්‍රය

96. පරිහානධම‍්මඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි අපරිහාන ධම‍්මඤ‍්ච ඡ ච අභිභායතනානි. තං සුණාථ. කථඤ‍්ච භික‍්ඛවෙ, පරිහානධම‍්මො හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සංයොජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න ව්‍යන‍්තීකරොති න අනභාවං ගමෙති. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. පරිහානං හෙතං වුත‍්තං භගවතාති.

96. මහණෙනි තොපට පරිහාන ධර්‍මයත්, අපරිහාන ධර්‍මයත් අභිභායතන සයත් දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි කෙසේ නම් පරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බන්‍ධනයට කරුණු වූ (ධාවන) සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම් දුරු නො කෙරේ නම් , බැහැර නො කෙරේ නම්, කෙළවර නො කෙරේ නම්, නැවත නො හටගන්නා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා උප‍්පජ‍්ජන‍්ති -පෙ- පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සංයොජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න ව්‍යන‍්තීකරොති න අනභාවං ගමෙති, වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. පරිහානං හෙතං වුත‍්තං භගවතාති. එවං ඛො භික‍්ඛවෙ පරිහානධම‍්මො හොති.

මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට උපදිත් … මහණෙනි නැවත අනෙකක් ද කියමි. නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. දිවෙන් රසයක් විඳ මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි, කයින් පහසක් පැහැස මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම්, දුරු නොකෙරේ නම්, බැහැර නො කෙරේ නම් කෙළවර නො කෙරේ නම් , නැවත නූපදනා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ පරිහානධර්‍මය වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අපරිහානධම‍්මො හොති. ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා. තඤ‍්චෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානං හෙතං වුත‍්තං භගවතාති.

මහණෙනි කෙසේ නම් අපරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්, ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නො හටගන්නා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි, මෙය අපරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදැ” යි මෙය දත යුතු ය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සංයොජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානං හෙතං වුත‍්තං භගවතාති. එවං ඛො භික‍්ඛවෙ අපරිහාන ධම‍්මො හොති.

මහණෙනි නැවත අනෙකක් ද කියමි, කනින් ශබ්දයක් අසා මහණහට ... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්. ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නූපදනා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අපරිහාන ය යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අපරිහාන ධර්‍මය වේ.

කතමානි ච භික‍්ඛවෙ ඡ අභිභායතනානි. ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා නුප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා අභිභූතමෙතං ආයතනං. අභිභායතනං හෙතං වුත‍්තං භගවතාති.

මහණෙනි අභිභායතන සය කවරේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) නූපදිත් නම් , මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයෙකැ යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො මනසා ධම‍්මං විඤ‍්ඤාය නුප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා සරසඞ‍්කප‍්පා සංයොජනීයා. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා අභිභූතමෙතං ආයතනං. අභිභායතනං හෙතං වුත‍්තං භගවතාති. ඉමානි වුච‍්චන‍්ති භික‍්ඛවෙ ඡ අභිභායතනානී ති.

මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට … නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවනසඞ්කල්පයෝ නූපදිත් නම්, මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයකැ යි වදාරන ලදැ” යි මෙය දතයුතු ය. මහණෙනි මේ අභිභායතන සය යයි කියනු ලැබේ යි.