යෙදුමෙන් කියවන්න

10. ඡලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

10. ඡළ වර්ගය

1. ඡඵස‍්සායතනසුත‍්තවණ‍්ණනා

1. ඡ ඵස්සායතන සූත්‍ර වර්ණනාව

සළවග‍්ගස‍්ස පඨමෙ අදන‍්තාති අදමිතා. අගුත‍්තාති අගොපිතා. අරක‍්ඛිතාති න රක‍්ඛිතා. අසංවුතාති අපිහිතා. දුක‍්ඛාධිවාහා හොන‍්තීති නෙරයිකාදිභෙදං අධිකදුක‍්ඛං ආවහනකා හොන‍්ති. සුඛාධිවාහා හොන‍්තීති ඣානමග‍්ගඵලපභෙදං අධිකසුඛං ආවහනකා හොන‍්ති. අධිවහාතිපි පාඨො, එසෙවත්‍ථො.

ඡළ වග්ගයේ පළමුවැන්නෙහි - අදන්තා = දමනය නො වූවාහු. අගුත්තා අනාරක්ෂිත වූවාහු. අරක්ඛිතා = ආරක්ෂිත නොවූවාහු, අසංවුතා = නොවසන ලද්දහු දුක්‍ඛාදිවාහා හොන්ති = නිරය ආදී විවිධ තන්හි අධික දුක් විඳින්නාහු වෙති. සුඛාධිවාහා හොන්ති = ධ්‍යාන, මාර්ග ඵල ආදී විවිධ ආකාරයෙන් අධික සැප විඳින්නාහු වෙති, සැප උසුලන්නහු වෙති. අධිම්හා යයි ද පාඨයක් වෙයි. එම අරුතමය.

සළෙවාති ඡ එව. අසංවුතො යත්‍ථ දුක‍්ඛං නිගච‍්ඡතීති යෙසු ආයතනෙසු සංවරවිරහිතො දුක‍්ඛං පාපුණාති. තෙසඤ‍්ච යෙ සංවරණං අවෙදිසුන‍්ති යෙ තෙසං ආයතනානං සංවරං වින්‍දිංසු පටිලභිංසු. විහරන‍්තානවස‍්සුතාති විහරන‍්ති අනවස‍්සුතා අතින‍්තා.

ඡළෙව = සයක්ම අසංවුතො යත්‍ථ දුක්‍ඛං නිගච්ඡති = (ඇස්, කන් ආදී) යම් ආයතනයන්හි සංවර විරහිත වීමෙන් දුකට පැමිණේ තෙසඤ්ච යෙ සංවරණං අවෙදිසුං = යමෙක් එම ආයතනයන්ගේ සංවර බව විඳ ගත්තාහු ද, ලබාගත්තාහු ද (වුහ) විහරන්තීනි වස්සුතා = කෙළෙස් රහිතව ද තෘප්තිමත්ව ද වාසය කෙරෙති.

අසාදිතඤ‍්ච සාදුන‍්ති අස‍්සාදවන‍්තඤ‍්ච මධුරඤ‍්ච. ඵස‍්සද‍්වයං සුඛදුක‍්ඛෙ උපෙක‍්ඛෙති සුඛඵස‍්සඤ‍්ච දුක‍්ඛඵස‍්සඤ‍්චාති ඉදං ඵස‍්සද‍්වයං උපෙක‍්ඛෙ, උපෙක‍්ඛාමෙවෙත්‍ථ උප‍්පාදෙය්‍යාති අත්‍ථො. ඵස‍්සද‍්වයං සුඛදුක‍්ඛං උපෙක‍්ඛොති වා පාඨො, ඵස‍්සහෙතුකං සුඛදුක‍්ඛං උපෙක‍්ඛො, සුඛෙ අනුරොධං දුක‍්ඛෙ ච විරොධං අනුප‍්පාදෙන‍්තො උපෙක‍්ඛකො භවෙය්‍යාතිපි අත්‍ථො. අනානුරුද‍්ධො අවිරුද‍්ධො කෙනචීති කෙනචි සද‍්ධිං නෙව අනුරුද‍්ධො න විරුද‍්ධො භවෙය්‍ය.

සා දිතඤ්ච සාදුවා = ප්‍රිය වූ වින්දනයක් ඇත්තේ ද මිහිරි වූයේ ද වෙයි. ඵස්සද්වයං සුඛදුක්‍ඛෙ උපෙක්‍ඛෙති සුව දනවන ස්පර්ශයක් හෝ. දුක දනවන ස්පර්ශයක් හෝ යන මෙය “ඵස්ස මය” (හෙවත් ස්පර්ශ දෙවර්ගය) වන්නේය. “උපෙක්‍ඛෙ” යන මෙහි උපේක්ෂාවම උපදවන්නේය යන අර්ථයයි. ඵස්සයං සුඛ දුක්‍ඛං උපෙක්‍ඛො යනුවෙන් ද පාඨයක් වේ. ස්පර්ශය හේතු කොට ගත් සැප, දුක, උපේක්ෂාව, සැපයෙහි දී එකඟ වීම, දුකෙහිදී විරුද්ධ වීම (යන මේ හැඟීම්) නො උපදවන උපේක්ෂා සහගත වූවෙක් වන්නේය යනු ද (එක්) අර්ථයක් වේ. අනානුරුද්ධො අවිරුද්ධ කෙනචි = කිසිවකු සමග එකඟ නොවන්නේ ද විරුද්ධ නොවන්නේ ද වේ.

පපඤ‍්චසඤ‍්ඤාති කිලෙසසඤ‍්ඤාය පපඤ‍්චසඤ‍්ඤා නාම හුත්‍වා. ඉතරීතරා නරාති ලාමකසත‍්තා පපඤ‍්චයන‍්තා උපයන‍්තීති පපඤ‍්චයමානා වට‍්ටං උපගච‍්ඡන‍්ති. සඤ‍්ඤිනොති සසඤ‍්ඤා සත‍්තා. මනොමයං ගෙහසිතඤ‍්ච සබ‍්බන‍්ති සබ‍්බමෙව පඤ‍්චකාමගුණගෙහනිස‍්සිතං මනොමයං විතක‍්කං. පනුජ‍්ජාති පනුදිත්‍වා නීහරිත්‍වා. නෙක‍්ඛම‍්මසිතං ඉරීයතීති දබ‍්බජාතිකො භික‍්ඛු නෙක‍්ඛම‍්මසිතං ඉරියෙන ඉරීයති.

පපඤ්ච සඤ්ඤා = කෙළෙස් යන සංඥාවෙන් පපඤ්ච සඤඤා නම් වී. ඉතරිතරා නරා = ලාමක අලාමක වූ සත්ත්වයෝ පපඤ්චයන්තා උපයන්ති = කෙලෙස් නිසා ප්‍රමාද වන්නෝ සසරෙහිම සැරිසරති. සඤ්ඤිනො = සංඥා සහිත වූ සත්ත්වයෝ මනොමයංගෙහ සිතඤ්ච සබ්බං = පඤ්චකාම ගුණයෙන් හා කෙළෙස්බරින් යුත් සියළුම මානසික විතර්ක පනුජ්ජා = දුරු කොට නෙක්ඛම්ම සිතං ඉරීයති = බුද්ධිමත් බව ඇති භික්ෂුව කෙළෙසුන්ගෙන් වෙන් වීමෙහි යෙදෙයි.

ඡස‍්සු යදා සුභාවිතොති ඡසු ආරම‍්මණෙසු යදා සුට‍්ඨු භාවිතො. ඵුට‍්ඨස‍්ස චිත‍්තං න විකම‍්පතෙ ක්‍වචීති සුඛඵස‍්සෙන වා දුක‍්ඛඵස‍්සෙන වා ඵුට‍්ඨස‍්ස කිස‍්මිඤ‍්චි චිත‍්තං න කම‍්පති න වෙධති. භවත්‍ථ ජාතිමරණස‍්ස පාරගාති ජාතිමරණානං පාරං නිබ‍්බානං ගමකා හොථ.

ඡස්සු යදා සුභාවිතො = යම් කලෙක (රූප ශබ්දාදී) අරමුණු සයෙහි මහා භාවිතයක් සිදු වේද? (එකල් හි) ඵුට්ඨස්ස චිත්තං න විකම්පතෙ ක්‍වචි = සුව පහසින් හෝ දුක් පහසින් පහස ලැබුවකුගේ සිත කිසි විටෙකත් කම්පාවට පත් නොවේ, වේදනාවට පත් නො වේ. භවථ ජාතිමරණස්ස පාරගා = උපතින්, මරණයෙන් එතෙරට, නිවනට යන්නන් බවට පත්වව්.

2. මාලුඞ‍්ක්‍යපුත‍්තසුත‍්තවණ‍්ණනා

2. මාලුඞ්ක්‍යපුත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ මාලුක්‍යපුත‍්තොති මාලුක්‍යබ්‍රාහ‍්මණියා පුත‍්තො. එත්‍ථාති එතස‍්මිං තව ඔවාදායාචනෙ. ඉමිනා ථෙරං අපසාදෙතිපි උස‍්සාදෙතිපි. කථං? අයං කිර දහරකාලෙ රූපාදීසු පමජ‍්ජිත්‍වා පච‍්ඡා මහල‍්ලකකාලෙ අරඤ‍්ඤවාසං පත්‍ථෙන‍්තො කම‍්මට‍්ඨානං යාචති. අථ භගවා “එත්‍ථ දහරෙ කිං වක‍්ඛාම? මාලුක්‍යපුත‍්තො විය තුම‍්හෙපි තරුණකාලෙ පමජ‍්ජිත්‍වා මහල‍්ලකකාලෙ අරඤ‍්ඤං පවිසිත්‍වා සමණධම‍්මං කරෙය්‍යාථා”ති ඉමිනා අධිප‍්පායෙන භණන‍්තො ථෙරං අපසාදෙති නාම.

දෙවැන්නෙහි - මාලුඞ්ක්‍ය පුත්තො = මාලුඞ්ක්‍ය නම් බැමිණියගේ පුත්‍රයාය. එත්‍ථ = මෙහි දී ඔබගේ අවවාද ඉල්වීමෙහි යන අදහස සඳහා යෙදේ. මෙයින් තෙරුන් අප්‍රසාදයට ද, නිග්‍රහයටද පත් කරයි. කෙසේද යත් - මේ තෙමේ වනාහි බාල කාලයෙහි රූප දර්ශන ආදියෙහි යෙදී ප්‍රමාද වී පසුව මහලු කල ආරණ්‍ය වාසයට පැමිණෙනුයේ කමටහන් ඉල්වයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන් හට කුමක් කියම්දැයි යනුවෙන් සිතා මාලුඞ්ක්‍ය පුත්‍රමෙන් ඔබ ද තරුණ කාලයෙහි රූප දර්ශන ආදියෙහි යෙදී ප්‍රමාද වී, පසුව මහලු කල අරණට පිවිස මහණ දම් කරන්නාහු යයි යන මේ අදහසින් කථා කරන්නාහු තෙරුන් වෙත ප්‍රසාද රහිත බවක් දක්වති.

යස‍්මා පන ථෙරො මහල‍්ලකකාලෙපි අරඤ‍්ඤං පවිසිත්‍වා සමණධම‍්මං කාතුකාමො, තස‍්මා භගවා “එත්‍ථ දහරෙ කිං වක‍්ඛාම? අයං අම‍්හාකං මාලුක්‍යපුත‍්තො මහල‍්ලකකාලෙපි අරඤ‍්ඤං පවිසිත්‍වා සමණධම‍්මං කත‍්තුකාමො කම‍්මට‍්ඨානං යාචති, තුම‍්හෙ නාම තරුණකාලෙපි වීරියං න කරොථා”ති ඉමිනා අධිප‍්පායෙන භණන‍්තො ථෙරං උස‍්සාදෙති නාම.

යම් හෙයකින් වනාහී ස්ථවිර තෙමේ මහලු කල්හිද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්හට කුමක් කියම් ද යනුවෙන් සිතා අපගේ මෙම මාලුඞ්ක්‍ය පුත්‍ර තෙමේ මහලු කල්හිද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ කමටහන් ඉල්වයි ඔබ වනාහී තුරුණු වියෙහි දු වීර්යය නොකරන්නහුය, යන මේ අදහසින් කථා කරන්නාහු තෙරුන් හට අප්‍රසාදයක්ම පෙන්වති.

යත්‍ර හි නාමාති යො නාම. කිඤ‍්චාපාහන‍්ති කිඤ‍්චාපි “අහං මහල‍්ලකො”ති ඤාතං. යදි අහං මහල‍්ලකො, මහල‍්ලකො සමානොපි සක‍්ඛිස‍්සාමි සමණධම‍්මං කාතුං, දෙසෙතු මෙ, භන‍්තෙ, භගවාති අධිප‍්පායෙන මහල‍්ලකභාවං අනුග‍්ගණ‍්හන‍්තො ඔවාදඤ‍්ච පසංසන‍්තො එවමාහ.

යත්‍ර හි නාම = යමෙක් වනාහී. කිඤ්චා පිහං කෙසේ වුවද මම භාග්‍යවතුන් වහන්සේ මා මහල්ලකුයයි දනිති. යම් සේ මම මහල්ලෙක් වන්නෙම් වුව ද මහණදම් කිරීමට හැකි වන්නෙමි, භාග්‍යවතුන් වහන්සේ මට (කමටහන්) දේසනා කරත්වා, යන අදහසින් ස්ථවිර තෙමේ මහලු බවට අනුග්‍රහ ලබමින්, අවවාදය ද පසසමින් මෙ සේ කීය.

අදිට‍්ඨා අදිට‍්ඨපුබ‍්බාති ඉමස‍්මිං අත‍්තභාවෙ අදිට‍්ඨා අතීතෙපි අදිට‍්ඨපුබ‍්බා. න ච පස‍්සසීති එතරහිපි න පස‍්සසි. න ච තෙ හොති පස‍්සෙය්‍යන‍්ති එවං සමන‍්නාහාරොපි තෙ යත්‍ථ නත්‍ථි, අපි නු තෙ තත්‍ථ ඡන්‍දාදයො උප‍්පජ‍්ජෙය්‍යුන‍්ති පුච‍්ඡති.

අදිට්ඨා, අදිට්ඨ පුබ්බා = මේ අත්බැව්හි නො දක්නා ලදි. අතීතයෙහි ද නො දක්නා ලදී. නච පස්සති = මෙකල්හි ද නොදක්නෙහිය. නච තෙ හොන්ති පස්සෙය්‍යං = මෙසේ සිත එකඟ කර ගත්තේ වුව ද ඔවුන් යම් තැනක නොවෙත් ද, එසේ නම් ඡන්ද ආදිය උපදවන්නේ දැයි විමසයි.

දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තන‍්ති රූපායතනෙ චක‍්ඛුවිඤ‍්ඤාණෙන දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සති. චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්හි රූපෙ රූපමත‍්තමෙව පස‍්සති, න නිච‍්චාදිසභාවං, ඉති සෙසවිඤ‍්ඤාණෙහිපි මෙ එත්‍ථ දිට‍්ඨමත‍්තමෙව චිත‍්තං භවිස‍්සතීති අත්‍ථො. අථ වා දිට‍්ඨෙ දිට‍්ඨං නාම චක‍්ඛුවිඤ‍්ඤාණං, රූපෙ රූපවිජානනන‍්ති අත්‍ථො. මත‍්තාති පමාණං, දිට‍්ඨං මත‍්තා අස‍්සාති දිට‍්ඨමත‍්තං, චිත‍්තං, චක‍්ඛුවිඤ‍්ඤාණමත‍්තමෙව මෙ චිත‍්තං භවිස‍්සතීති අත්‍ථො.

දිට්ඨෙ දිට්ඨ මත්තං = රූපය නම් ආයතනයෙහි චක්‍ඛු විඤ්ඤාණයෙන් දකින ලද දෙයෙහි දුටුබව පමණක්ම පවත්නේය. චක්‍ඛු විඤ්ඤාණය වනාහී රූපයෙහි රූප මාත්‍රයම දකියි. අනිත්‍ය ආදී ස්වභාවය නොදකියි. සෙසු විඤ්ඤාණ ආදියෙහි ද මෙසේමය. මෙහි දුටු බව පමණක්ම වන්නේය යන අරුතයි. නොහොත් දුටු දෙයෙහි දකින ලද දෙය නම් වූ චක්‍ඛු විඤ්ඤාණය යනු රූපයෙහි රූපය දැන ගැනීමය යන අරුතයි. මත්තා = ප්‍රමාණයයි. දැකීම් මාත්‍රය පමණක් සිදු වේ යන අරුත සඳහා “දිට්ඨමත්ත” යි යෙදේ. (එවිට මතු වන) සිත “දිට්ඨ මත්තං චිත්තං” නම් වේ. මේ චිත්තයම චක්‍ඛු විඤ්ඤාණ මාත්‍රයම වන්නේය යන අරුත වේ.

ඉදං වුත‍්තං හොති – යථා ආපාථගතරූපෙ චක‍්ඛුවිඤ‍්ඤාණං න රජ‍්ජති න දුස‍්සති න මුය‍්හති, එවං රාගාදිවිරහෙන චක‍්ඛුවිඤ‍්ඤාණමත‍්තමෙව ජවනං භවිස‍්සති, චක‍්ඛුවිඤ‍්ඤාණපමාණෙනෙව ජවනං ඨපෙස‍්සාමීති. අථ වා දිට‍්ඨං නාම චක‍්ඛුවිඤ‍්ඤාණෙන දිට‍්ඨරූපං, දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං නාම තත්‍ථෙව උප‍්පන‍්නං සම‍්පටිච‍්ඡනසන‍්තීරණවොට‍්ඨබ‍්බනසඞ‍්ඛාතං චිත‍්තත‍්තයං. යථා තං න රජ‍්ජති, න දුස‍්සති, න මුය‍්හති, එවං ආපාථගතෙ රූපෙ තෙනෙව සම‍්පටිච‍්ඡනාදිප‍්පමාණෙන ජවනං උප‍්පාදෙස‍්සාමි, නාහං තං පමාණං අතික‍්කමිත්‍වා රජ‍්ජනාදිවසෙන උප‍්පජ‍්ජිතුං දස‍්සාමීති අයමෙත්‍ථ අත්‍ථො. එසෙව නයො සුතමුතෙසු.

මෙය (මෙසේ ද) කියන ලද්දේ වෙයි. ඉදිරිපත් වූ (හෙවත් ඉන්‍ද්‍රිය විෂය වූ) රූපයෙහි චක්‍ඛු විඤ්ඤාණය නො ඇලේ ද, දූෂ්‍ය නොවේද, මුලා නොවේ ද. මෙසේ රාගාදියෙන් වෙන් වූ කල්හි චක්‍ඛු විඤ්ඤාණයේ ප්‍රමාණයෙන්ම ජවන් සිත වන්නේය. චක්‍ඛු විඤ්ඤාණයේ ප්‍රමාණයෙන් ම ජවන සිත පිහිටුවන්නෙමි යයි කියයි. නැතහොත් “දිට්ඨං” යනු චක්‍ඛු විඤ්ඤාණයෙන් දකින ලද රූපයයි. දුටු දෙයෙහි ඇත්තේ දුටු බව පමණක්ම (හෙවත් දෘෂ්ටිමාත්‍රයම) වෙයි. එහිම උපන්නාවු ද, අනුමත වූ ද, තීරණය වූ ද, නියෝග ලැබුණාවූ ද යන වශයෙන් පවත්නා චිත්ත ත්‍රයෙහි එය යම් සේ නො ඇලේ ද, දූෂ්‍ය නො වේද, මුලා නොවේද මෙසේ වූ රූපය ඉන්ද්‍රිය ගෝචර වූ විට, එම අනුමත ප්‍රමාණයන්ගෙන්ම ජවන් සිත උපදවමි, ඔහුට ඒ ප්‍රමාණය ඉක්මවා ඇලීම් ආදී වශයෙන් ඉපදීමට ඉඩ නො දෙමි යි යනු මෙහි අර්ථයයි. (කන්, නාසා, දිව, ශරීරය යන) සුත මුත ඉඳුරන් පිළිබඳවද මේ පිළිවෙලම වේ.

විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තන‍්ති එත්‍ථ පන විඤ‍්ඤාතං නාම මනොද‍්වාරාවජ‍්ජනෙන විඤ‍්ඤාතාරම‍්මණං, තස‍්මිං විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තන‍්ති ආවජ‍්ජනපමාණං. යථා ආවජ‍්ජනෙන න රජ‍්ජති න දුස‍්සති න මුය‍්හති, එවං රජ‍්ජනාදිවසෙන උප‍්පජ‍්ජිතුං අදත්‍වා ආවජ‍්ජනපමාණෙනෙව චිත‍්තං ඨපෙස‍්සාමීති අයමෙත්‍ථ අත්‍ථො.

විඤ්ඤා තෙ විඤ්ඤාත මත්තං = මෙහි වනාහි විඤ්ඤාත (හෙවත් දැනගත් දෙය) යනු මනසෙහි මෙනෙහි කිරීමෙන් දැනගත් අරමුණයි. එම දැනගත් දෙයෙහි. එය දැනගත් කල්හි (තමා විසින්) දැන ගන්නා ලද ප්‍රමාණය යයි ආවර්ජනා කෙරෙන ප්‍රමාණය යම් සේ පවතීද, ආවර්ජනය නො ඇලේ ද, දූෂ්‍ය නොවේද, මුළා නොවේද, මෙසේ ඇලීමේ ආදී වශයෙන් ඉපදීමට (අවස්ථාව) නොදී ආවර්ජනය වන ප්‍රමාණයෙන් ම සිත තබාගන්නෙමි යනු මෙහි අර්ථය වේ.

යතොති යදා. තතොති තදා. න තෙනාති තෙන රාගෙන වා රත‍්තො, දොසෙන වා දුට‍්ඨො, මොහෙන වා මූළ‍්හො න භවිස‍්සති. තතො ත්‍වං මාලුක්‍යපුත‍්ත න තත්‍ථාති යදා ත්‍වං තෙන රාගෙන වා දොසමොහෙහි වා රත‍්තො වා දුට‍්ඨො වා මූළ‍්හො වා න භවිස‍්සසි, තදා ත්‍වං න තත්‍ථ තස‍්මිං දිට‍්ඨෙ වා සුතමුතවිඤ‍්ඤාතෙ වා පටිබද‍්ධො අල‍්ලීනො පතිට‍්ඨිතො නාම භවිස‍්සසි. නෙවිධාතිආදි වුත‍්තත්‍ථමෙව.

යතො = යම් කලෙක තතො = එකල්හි තෙන = එම රාගයෙන් රත්වූයේ හෝ දෝෂයෙන් දූෂිත වූයේ මෝහයෙන් මුළාවූයේ හෝ නොවන්නෙහිය. තතො ත්‍වං මාලුඞ්ක්‍ය පුතත න තත්‍ථ = යම් කලෙක ඔබ එම රාගයෙන් හෝ දෝසයෙන් හෝ මෝහයෙන් හෝ (පිළිවෙළින්) රත්වූයේ හෝ දූෂිත වූයේ හෝ මුළාවූයේ හෝ නො වන්නෙහි ද, එකල්හි ඔබ එහිදී දුටු දෙයෙහි හෝ කණ, නැහැය, දිව, සම යන ආයතන විසින් හඳුනා ගන්නා ලද අරමුණුවල හෝ බැඳුනේ, ඇළුනේ, පිහිටියේ නම් නො වන්නෙහිය. තෙවිධා = පෙර කියු අරුතමය.

සති මුට‍්ඨාති සති නට‍්ඨා. තඤ‍්ච අජ‍්ඣොසාති තං ආරම‍්මණං ගිලිත්‍වා. අභිජ‍්ඣා ච විහෙසා චාති අභිජ‍්ඣාය ච විහිංසාය ච. අථ වා “තස‍්ස වඩ‍්ඪන‍්තී”ති පදෙනාපි සද‍්ධිං යොජෙතබ‍්බං, අභිජ‍්ඣා ච විහෙසා චාති ඉමෙපි ද‍්වෙ ධම‍්මා තස‍්ස වඩ‍්ඪන‍්තීති අත්‍ථො.

සතිමුට්ඨා = සිහි කල්පනා නැති වූ තඤ්ච අජ්ඣො සාය = ඒ අරමුණ ගිල දමා අභිජ්ඣාව විහෙසාච = දැඩි ලෝභයෙන් ද හිංසාවෙන් ද (යනුවෙන් අදහස් වේ.) එසේ නැතහොත් වඩ්ඪන්ති යන්න පදයක් පාසා යෙදිය යුතුයි. දැඩි ලෝහය හා හිංසාව යන මේ තත්ත්වයන් දෙක ඔහු හට වර්ධනය වේ යන අරුත ඇත්තේ වේ.

චිත‍්තමස‍්සූපහඤ‍්ඤතීති අභිජ‍්ඣාවිහෙසාහි අස‍්ස චිත‍්තං උපහඤ‍්ඤති. ආචිනතොති ආචිනන‍්තස‍්ස. ආරා නිබ‍්බාන වුච‍්චතීති එවරූපස‍්ස පුග‍්ගලස‍්ස නිබ‍්බානං නාම දූරෙ පවුච‍්චති. ඝත්‍වාති ඝායිත්‍වා. භොත්‍වාති භුත්‍වා සායිත්‍වා ලෙහිත්‍වා. ඵුස‍්සාති ඵුසිත්‍වා. පටිස‍්සතොති පටිස‍්සතිසඞ‍්ඛාතාය සතියා යුත‍්තො. සෙවතො චාපි වෙදනන‍්ති චතුමග‍්ගසම‍්පයුත‍්තං නිබ‍්බත‍්තිතලොකුත‍්තරවෙදනං සෙවන‍්තස‍්ස. ඛීයතීති ඛයං ගච‍්ඡති. කිං තං? දුක‍්ඛම‍්පි කිලෙසජාතම‍්පි. අඤ‍්ඤතරොති අසීතියා මහාසාවකානං අබ‍්භන‍්තරො එකො. ඉති ඉමස‍්මිං සුත‍්තෙ ගාථාහිපි වට‍්ටවිවට‍්ටමෙව කථිතං.

චිත්ත මස්සුපහඤ්ඤති = දැඩි ලෝභය හා හිංසාව ඔහුගේ සිත පීඩාවට පත් කරයි. ආචිනතො = රැස් කරන්නහුගේ ආරා නිබ්බාණං වුච්චති = මෙබඳු පුද්ගලයාට නිවනනම් ඇත යයි කියනු ලැබේ. ඝාත්‍වා = ආඝ්‍රාණය කොට භොත්‍වා = අනුභව කොට, රස බලා, ලෙව කා ඵුස්සා = ස්පර්ශ කොට පටිස්සතො = පටිස්සති යයි හැඳින්වෙන සිහියෙන් යුක්ත බව සෙවතොචාපි වෙදනං = සතර මඟ හා එකට යෙදුණ. ඉපද වූ ලෝකෝත්තර වින්දනය සේවනය කරන්නා හට ඛීයති = දුක ද කෙළෙස් රැසද ක්ෂය වෙයි. අඤ්ඤතරො අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙන් එක් ශ්‍රාවක නමක්, මෙසේ මේ සූත්‍රයෙහි ගාථාවලින්ද සසරෙහි පැවැත්ම මෙන්ම සසරෙහි නැවැත්ම ද කියන ලදී.

3. පරිහානධම‍්මසුත‍්තවණ‍්ණනා

3. පරිහානධම්ම සූත්‍ර වර්ණනාව

තතියෙ පරිහානධම‍්මන‍්ති පරිහානසභාවං. අභිභායතනානීති අභිභවිතානි ආයතනානි. සරසඞ‍්කප‍්පාති එත්‍ථ සරන‍්තීති සරා, ධාවන‍්තීති අත්‍ථො. සරා ච තෙ සඞ‍්කප‍්පා ච සරසඞ‍්කප‍්පා. සංයොජනියාති බන්‍ධනියා බන්‍ධනස‍්ස පච‍්චයභූතා. තඤ‍්චෙ භික‍්ඛූති තං එවං උප‍්පන‍්නං කිලෙසජාතං, තං වා ආරම‍්මණං. අධිවාසෙතීති චිත‍්තෙ ආරොපෙත්‍වා වාසෙති. නප‍්පජහතීති ඡන්‍දරාගප‍්පහානෙන න පජහති. එවං සබ‍්බපදෙහි යොජෙතබ‍්බං. අභිභායතනඤ‍්හෙතං වුත‍්තං භගවතාති එතං බුද‍්ධෙන භගවතා අභිභවිතං ආයතනන‍්ති කථිතං. ඉධ ධම‍්මං පුච‍්ඡිත්‍වා විභජන‍්තෙන පුග‍්ගලෙන ධම‍්මො දස‍්සිතො.

තෙවැන්නෙහි - පරිහාන ධම්මං - පරිහාන ධම්මං = පිරිහීම් ස්වභාවයයි. අභිභා යතනාති අභිභවනය කළ හෙවත් ජය ලබාගත් ආයතන සර සඞ්කප්පන = මෙහිදී. චාරිකා කරති යි යන අදහසින් “සරා” නම් වේ. එයින් “දුවති” යන අරුත ලැබේ. “සරා” (හෙවත් චාරිකා කරන්නෝ) ද. “අදහස්” (හෙවත් සඞ්කප්පයෝ) ද ඔව්හුමය යන වශයෙන් “සර සඞ්කප්පා” යන පදය සැකසේ. සඤ්ඤො ජනීයානි = බඳිනු ලැබීය යුත්තාහු, බන්ධනයට හේතුවන්නාහු තඤ්චෙ භික්‍ඛු = එය මෙසේ උපන් ක්ලේශය හෝ වෙයි, අරමුණ හෝ වෙයි. අධිවාසති = සිතට නංවා ගෙන වාසය කරයි. නප්පජහති = ඡන්ද රාගය ඉවත් වීමෙන් (මෙය) ඉවත් නොවේ. සියළු පදයන්හිම මෙසේ යෙදිය යුතුය. අභිභායතනං හෙතං වුත්තං භගවතා = භාග්‍යවත් බුදුන් වහන්සේ විසින් මෙය අභිභාවිත (හෙවත් අභිභවනය කළ) ආයතනය කැයි කියන ලදී. මෙහිදී දහම් විමසා බෙදා දක්වන්නාවූ පුද්ගලයකු විසින් ධර්මය දක්වන ලදී.

4. පමාදවිහාරීසුත‍්තවණ‍්ණනා

4. පමාදවිහාරී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අසංවුතස‍්සාති අපිහිතස‍්ස න පිදහිත්‍වා සඤ‍්ඡාදිත්‍වා ඨපිතස‍්ස. බ්‍යාසිඤ‍්චතීති විආසිඤ‍්චති, කිලෙසතින‍්තං හුත්‍වා වත‍්තති. පාමොජ‍්ජන‍්ති දුබ‍්බලපීති. පීතීති බලවපීති. පස‍්සද‍්ධීති දරථපස‍්සද‍්ධි. ධම‍්මා න පාතුභවන‍්තීති සමථවිපස‍්සනාධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. ඉමස‍්මිං සුත‍්තෙ පුග‍්ගලං පුච‍්ඡිත්‍වා විභජන‍්තෙන ධම‍්මෙන පුග‍්ගලො දස‍්සිතො.

සිවු වැන්නෙහි - අසංවුතස්ස = නොවසන ලදුව, ආවරණය නො කොට, මුවහ නොකොට තබන ලද්දක්හුගේ බ්‍යා සිච්චති = කෙළෙස් දියෙන් තෙමෙයි, කෙළෙස් ජලයෙන් තෙමී පවතී. පාමුජ්ජං = දුබල සතුට පීති = බලවත් සතුට පස්සද්ධි = පීඩාවෙන් මිදී ශාන්ත භාවයට පත් වීම. ධම්මානු පාතුභවන්ති = සමථ විදර්ශනා ධර්මයෝ නො උපදිත්. මේ සූත්‍රයෙහි පුද්ගලයා පිළිබඳව (අවබෝධකර ගනු සඳහා කරුණු) දක්වනු ලැබේ.

5. සංවරසුත‍්තවණ‍්ණනා

5. සංවර සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කථඤ‍්ච, භික‍්ඛවෙ, අසංවරොති ඉදං මග‍්ගකුසලස‍්ස වාමං මුඤ‍්චිත්‍වා දක‍්ඛිණං ගණ‍්හෙය්‍යාසීති පඨමං පහාතබ‍්බමග‍්ගක‍්ඛානං විය උද‍්දෙසක‍්කමෙන අවත්‍වා දෙසනාකුසලතාය පඨමං පහාතබ‍්බධම‍්මක‍්ඛානවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉධ ධම‍්මං පුච‍්ඡිත්‍වා ධම‍්මොව විභත‍්තො.

පස්වැන්නෙහි - කථඤ්ච භික්ඛවෙ අසංවරො = මාර්ගය දන්නා තැනැත්තහුට. වම අත්හැර දකුණ ගණුවයි පළමුව අත්හළ යුතු මඟ කීම මෙන්. උපදෙස් දීමේ ක්‍රමයෙන් නොකියන දේශනාවෙහි දක්ෂතාවය නිසා පළමුව අත් හළ යුතු ධර්මයන් කියා දීම වශයෙන් මෙය කියන ලදැයි දත යුතුය. මෙහි දහම් විමසා ධර්මය බෙදා දක්වන ලදී.

6. සමාධිසුත‍්තවණ‍්ණනා

6. සමාධි සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සමාධින‍්ති චිත‍්තෙකග‍්ගතං. ඉදඤ‍්හි සුත‍්තං චිත‍්තෙකග‍්ගතාය පරිහායමානෙ දිස‍්වා, “ඉමෙසං චිත‍්තෙකග‍්ගතං ලභන‍්තානං කම‍්මට‍්ඨානං ඵාතිං ගමිස‍්සතී”ති ඤත්‍වා කථිතං.

සය වැන්නෙහි සමාධි = සිතෙහි එකඟ බව සිතේ එකඟ බව පිරිහෙන්නවුන් දැක සිතෙහි එකඟ බව ලබන මොවුන්ගේ කමටහන් දියුණුව කරා යන්නේ යයි දැන මේ සූත්‍රය දේශනා කරන ලදී.

7. පටිසල‍්ලානසුත‍්තවණ‍්ණනා

7. පටිසල්ලාන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පටිසල‍්ලානන‍්ති කායවිවෙකං. ඉදඤ‍්හි සුත‍්තං කායවිවෙකෙන පරිහායමානෙ දිස‍්වා, “ඉමෙසං කායවිවෙකං ලභන‍්තානං කම‍්මට‍්ඨානං ඵාතිං ගමිස‍්සතී”ති ඤත්‍වා කථිතං.

සත් වැන්නෙහි පටිසල්ලාන = කාය විවේකය කාය විවේකයෙන් පිරිහෙන්නවුන් දැක, කාය විවේකය ලබන්නාවූ මොවුන්ගේ කමටහන් දියුණුව කරා යන්නේ යයි දැන මේ සූත්‍රය දේශනා කරන ලදි.

8-9. නතුම‍්හාකසුත‍්තාදිවණ‍්ණනා

8-9. න තුම්හාක ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමං උපමාය පරිවාරෙත්‍වා කථිතෙ බුජ‍්ඣනකානං, නවමං සුද‍්ධිකවසෙනෙව බුජ‍්ඣනකානං අජ‍්ඣාසයවසෙන වුත‍්තං. අත්‍ථො පන උභයත්‍ථාපි ඛන්‍ධියවග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

අට වැන්නෙහි - උපමාවන්ගෙන් වටකොට. අවබෝධ කර ගන්නවුන් සඳහා කියන ලදී. නව වැන්නෙහි පිරිසිදු වශයෙන් මෙන් ම අවබෝධ කර ගන්නවුන්ගේ අදහස් වශයෙන් ද කියන ලදී. මේ දෙකෙහිම අර්ථය වනාහී “ඛන්‍ධක වග්ගයෙහි” කියන ලද ක්‍රමයෙන්ම දත යුත්තේය.

10. උද‍්දකසුත‍්තවණ‍්ණනා

10. උද්දක සූත්‍ර වර්ණනාව

දසමෙ උදකො සුදන‍්ති එත්‍ථ සුදන‍්ති නිපාතමත‍්තං. උදකොති තස‍්ස නාමං. ඉදං ජාතු වෙදගූති එත්‍ථ ඉදන‍්ති නිපාතමත‍්තං. අථ වා ඉදං මම වචනං සුණාථාති දීපෙන‍්තො එවමාහ. ජාතු වෙදගූති අහං එකංසෙනෙව වෙදගූ, වෙදසඞ‍්ඛාතෙන ඤාණෙන නෙය්‍යෙසු ගතො, වෙදං වා ගතො අධිගතො, පණ‍්ඩිතොහමස‍්මීති අත්‍ථො. සබ‍්බජීති එකංසෙන සබ‍්බවට‍්ටං ජිනිත්‍වා අභිභවිත්‍වා ඨිතොස‍්මීති වදති. අපලිඛතං ගණ‍්ඩමූලන‍්ති අපලිඛතං දුක‍්ඛමූලං. පලිඛණින‍්ති පලිඛතං මයා, ඛනිත්‍වා ඨිතොස‍්මීති දීපෙති.

දස වැන්නෙහි - උද්දකො සුදං මෙහි “සුදං” යනු නිපාත මාත්‍රයකි. “උද්දක” යනු ඒ තැනැත්තාගේ නාමයයි. ඉදං ජාතු වෙදගු = මෙහි “ඉදං” යනු නිපාත මාත්‍රයකි. නැතහොත් මාගේ මේ වචනය අසන්නහු යයි දක්වමින් මෙසේ කීය යනුයි. “ඡාතු වෙදගු” (හෙවත් ඒකාන්ත වශයෙන්ම දතයුතු සියල්ල අන්තයටම දැන ගත්තාවු) යනු මම ඒකාන්තයෙන් ම (සසරෙහි) පවත්නා සියල්ල දැනගෙන, (සසර) මැඩ පවත්වා ගෙන සිටින්නෙම් වෙමියි යනුවෙන් කියති (යන භාවයයි) අපළිඛතං ගණ්ඩමුලං = උගුල්වා ඉවත් නොකළ දුක පළිඛණිං = මා විසින් උගුල්ලා දමන ලදී. (ශරීරයේ ගෙඩිය) හාරා ඉවත් කොට සිටින්නෙම් වෙමි යි (මෙයින්) දක්වයි.

මාතාපෙත‍්තිකසම‍්භවස‍්සාති මාතිතො ච පිතිතො ච නිබ‍්බත‍්තෙන මාතාපෙත‍්තිකෙන සුක‍්කසොණිතෙන සම‍්භූතස‍්ස. ඔදනකුම‍්මාසූපචයස‍්සාති ඔදනෙන චෙව කුම‍්මාසෙන ච උපචිතස‍්ස වඩ‍්ඪිතස‍්ස. අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මස‍්සාති එත්‍ථ අයං කායො හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චධම‍්මො, දුග‍්ගන්‍ධවිඝාතත්‍ථාය තනුවිලෙපනෙන උච‍්ඡාදනධම‍්මො, අඞ‍්ගපච‍්චඞ‍්ගාබාධවිනොදනත්‍ථාය ඛුද‍්දකසම‍්බාහනෙන පරිමද‍්දනධම‍්මො, දහරකාලෙ වා ඌරූසු සයාපෙත්‍වා ගබ‍්භවාසෙන දුස‍්සණ‍්ඨිතානං තෙසං තෙසං අඞ‍්ගානං සණ‍්ඨානසම‍්පාදනත්‍ථං අඤ‍්ඡනපීළනාදීනං වසෙන පරිමද‍්දනධම‍්මො, එවං පරිහරිතොපි ච භෙදනවිද‍්ධංසනධම‍්මො භිජ‍්ජති චෙව විකිරති ච, එවං සභාවොති අත්‍ථො.

මාතා පෙත්තික සම්හවස්ස මවු විසින් ද පිය පසින්ද නිපදවුණ මාතෘ පිතෘක ශුක්‍ර ශ්‍රෝණීතයන්ගෙන් හටගත්තාවු ඔදන කුම්මා සුපචයස්ස - බත් පිට්ටු වැනි දෙයින් (ශරීර මාංස ආදිය) රැස් කළා වූ, අනිච්චුච්ඡා දන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස = මෙහි මේ කය ඇති වී නැති වන්නේය යන අරුතින් අනිත්‍ය ස්වභාවය ඇත්තේ (හෙවත් අනිච්ච ධම්මො) වේ. දුගඳ නැසීම පිණිස සුවඳ විලවුනෙන් පිරිමදින ස්වභාවය (හෙවත් උච්ඡාදන ධම්ම) ඇත්තේ වේ. අඟ පසඟ වල පීඩාවන් දුරු කිරීම පිණිස ජල සම්බාහන (හෙවත් උදක සබ්බාහන) ක්‍රමයෙන් පිරිමදින ස්වභාවය ඇත්තේ වේ. මවු කුස තුළ විසීමේදී විකෘති වී පිහිටියාවු (අවයවයන් ඇත්නම්) ඒ ඒ අවයවයන්ගේ මනා සැකසීම පිණිස ළදරු කල්හි උකුල මත තබා ඖෂධ ගැල්වීම් අතගෑම් ආදී වශයෙන් කෙරෙන පිරිමැදීම් ස්වභාවය (හෙවත් පරිමද්දන ධම්මො) ඇත්තේ වේ. පරිහරණය කරනු ලබන්නේ නමුදු (ශරීරය) මෙසේ බිඳෙන නැසෙන ස්වභාවයකින් යුක්ත වෙයි. බිඳෙන්නේ ද කැබලි වශයෙන්ම විසිරෙන්නේද වෙයි. මෙබඳු ස්වභාවයක් පවතී යන අර්ථය වෙයි.

තත්‍ථ මාතාපෙත‍්තිකසම‍්භවඔදනකුම‍්මාසූපචයපරිමද‍්දනපදෙහි වඩ‍්ඪි කථිතා, අනිච‍්චභෙදනවිද‍්ධංසනපදෙහි පරිහානි. පුරිමෙහි වා තීහි සමුදයො, පච‍්ඡිමෙහි අත්‍ථඞ‍්ගමොති. එවං චාතුමහාභූතිකස‍්ස කායස‍්ස වඩ‍්ඪිපරිහානිනිබ‍්බත‍්තිභෙදා දස‍්සිතා. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ඉහළින් (විස්තරාර්ථ) දැක්වූ “මාතා පෙත්තික සම්භව ඔදන කුම්මාසුපචය පරිමද්දන” යන පදවලින් ශරීර වර්ධනය කියන ලදී. “අනිච්ච භෙදන විද්ධංසන” යන පදවලින් ශරීර පරිහානිය (කියන ලදී) මුල් කොටස්වලින් හටගැන්ම (හෙවත් සමුදය) ද, පසු කොටස් වලින් විනාශයට යාම ද (කියන ලදී) මෙසේ සතර මහා භූතයන් හට අයත් ශරීරයේ වෘද්ධිය, පරිහානිය. උත්පත්තිය යන භේදයෙන් දක්වන ලද්දාහුය. සෙස්ස පහසු අරුත් ඇත්තේ වේ.

සළවග‍්ගො දසමො.

පස් වන ඡළ වග්ගය නිමි.

දුතියො පණ‍්ණාසකො.

දෙවන පණ්ණාසකය සමාප්තයි.