යෙදුමෙන් කියවන්න

පටිසල‍්ලානසුත‍්තං

1. 10. 7.

1. 10. 7.

පටිසල‍්ලානසුත‍්තං

පටිසල්ලාන සූත්‍රය

100. පටිසල‍්ලානං භික‍්ඛවෙ යොගමාපජ‍්ජථ. පතිසල‍්ලීනො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාති. කිඤ‍්ච යථාභූතං පජානාති?

100. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්:

චක‍්ඛුං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, රූපා අනිච‍්චාති යථාභූතං පජානාති, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති, යම‍්පිදං චක‍්ඛු සම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති. පටිසල‍්ලානං භික‍්ඛවෙ යොගමාපජ‍්ජථ. පතිසල‍්ලීනො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාතීති.

ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විනැණ අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. කන … නැහැය ... දිව ... කය ... සිත ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී යි.