නතුම‍්හාකසුත‍්තං
1. 10. 8.
1. 10. 8.
නතුම‍්හාකසුත‍්තං
න තුම්හාක සූත්‍රය
101. යං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං? චක‍්ඛුං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. රූපා න තුම‍්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස‍්සන‍්ති.
101. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි ඇස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
චක‍්ඛුවිඤ‍්ඤාණං න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. චක‍්ඛුසම‍්ඵස‍්සො න තුම‍්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස‍්සති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.
ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
සොතං න තුම‍්හාකං. -පෙ- ඝානං න තුම‍්හාකං -පෙ- ජිව‍්හා න තුම‍්හාකං තං පජහථ. සා වො පහීනා හිතාය සුඛාය භවිස‍්සති. රසා න තුම‍්හාකං තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස‍්සන‍්ති.
කන තොපගේ නො වෙයි … නැහැය තොපගේ නො වෙයි … දිව තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
ජිව‍්හාවිඤ‍්ඤාණං න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. ජිව‍්හාසම‍්ඵස‍්සො න තුම‍්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස‍්සති. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.
දිව්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
කායො න තුම‍්හාකං. -පෙ- මනො න තුම‍්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස‍්සති. ධම‍්මා න තුම‍්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස‍්සන‍්ති. මනොවිඤ‍්ඤාණං න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. මනොසම‍්ඵස‍්සො න තුම‍්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස‍්සති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.
කය තොපගේ නො වෙයි ... සිත තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දහම් තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනවිනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
සෙය්‍යථාපි භික‍්ඛවෙ යං ඉමස‍්මිං ජෙතවනෙ තිණකට‍්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්‍ය වා ඩහෙය්‍ය වා යථාපච‍්චයං වා කරෙය්‍ය, අපිනුතුම‍්හාකං එවමස‍්ස: අම‍්හෙ ජනො හරති වා ඩහති වා යථාපච‍්චයං වා කරොතීති? නොහෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු? න හි නො හෙතං භන‍්තෙ අත‍්තා වා අත‍්තනියං වාති.
මහණෙනි යම් සේ මේ ජේතවනයෙහි යම් තණ දර අතු කොල වේ ද, ජන තෙමේ එය හැරගෙන යන්නේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ නම් (එකල්හි) තොපට මෙබඳු අදහසෙක් වන්නේ ද, ජන තෙමේ අප හැරගෙන යන්නේ යයි කියා හෝ දවන්නේ යයි කියා හෝ යම් කැමති පරිද්දක් කරන්නේ යයි කියා හෝ මෙබඳු සිතෙක් වන්නේ ද, වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස මෙය තෙමේ හෝ තමාගේ හෝ නො වේ මැ යි (එහෙයිනි).
එවමෙව ඛො භික‍්ඛවෙ චක‍්ඛුං න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. රූපා න තුම‍්හාකං -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං න තුම‍්හාකං තං පජහථ -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සො න තුම‍්හාකං -පෙ- යම‍්පිදං මනො සම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සතීති.
මහණෙනි එසෙයින් මැ ඇස තොපගේ නො වෙයි. එය (ඇස කෙරෙහි තෘෂ්ණාව) දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි … ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. ඇස්පහස තොපගේ නො වෙයි ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.