දුතියනතුම‍්හාකසුත‍්තං
1. 10. 9.
1. 10 .9.
දුතියනතුම‍්හාකසුත‍්තං
දුතිය නතුම්හාක සූත්‍රය
102. යං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං?
102. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්:
චක‍්ඛුං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං ඛො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. රූපා න තුම‍්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස‍්සන‍්ති. චක‍්ඛුවිඤ‍්ඤාණං න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. චක‍්ඛුසම‍්ඵස‍්සො න තුම‍්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස‍්සති.
මහණෙනි ඇස තොපගේ නො වෙයි. එහි වූ තෘෂ්ණාව දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු (එහි තෘෂ්ණාව) එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස් පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තම‍්පි න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. යම‍්පි භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සතී ති.
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.