යෙදුමෙන් කියවන්න

උද‍්දකසුත‍්තං

1. 10. 10.

1. 10. 10.

උද‍්දකසුත‍්තං

උද්දක සූත්‍රය

103. උද‍්දකො සුදං භික‍්ඛවෙ රාමපුත‍්තො එවං වාචං භාසති.

103. මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි:

“ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ‍්බජී ඉදං ජාතු අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛණින‍්ති.”

“මාගේ මේ වචනය අසවු, මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි.

තං ඛො පනෙතං භික‍්ඛවෙ උද‍්දකො රාමපුත‍්තො අවෙදගූයෙව සමානො වෙදගූ’ස‍්මීති භාසති, අසබ‍්බජීයෙව සමානො සබ‍්බජී’ස‍්මීති භාසති, අපලිඛතං යෙව ගණ‍්ඩමූලං පලිඛතංයෙව ගණ‍්ඩමූලන‍්ති භාසති.

මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ සියල්ල නො දත්තේ ම සියල්ල දත්තෙම් වෙමි යි ඒ මේ වචනය කිය යි. සියල්ල නොදිනුයේ ම සියල්ල දිනුයෙම් වෙමි යි කියයි. දුක්මුල නොසාරා දමන ලද්දේ ම දුක්මුල සාරා දමන ලද්දේ යයි කිය යි.

ඉධ ඛො තං භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාවදමානො වදෙය්‍ය.

මහණෙනි මෙහි මහණ තෙමේ මැනැවින් කියන්නේ,

“ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ‍්බජී ඉදං ජාතු අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛණින‍්ති.”

මාගේ මේ වචනය අස්වු. මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නො දමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ ය.

කථඤ‍්ච භික‍්ඛවෙ වෙදගූ හොති? යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු වෙදගූ හොති.

මහණෙනි මහණ තෙමේ කෙසේ නම් වේදගූ (සසරවට දැන සිටියේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි මෙසේ මහණ තෙමේ වේදගූ නම් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බජී හොති? යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදාය විමුත‍්තො හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බජී හොති.

මහණෙනි මහණ තෙමේ කෙසේ නම් සබ්බජී (සියල්ල දිනුයේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීන යත් නිස්සරණයත් තතු සේ දැන උපාදානය නො කොට කෙලෙසුන්ගෙන් මිදුණේ වේ ද, මහණෙනි මහණ තෙමේ මෙසේ සබ්බජී නම් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු නො අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛතං හොති? ගණ‍්ඩොති ඛො, භික‍්ඛවෙ ඉමස‍්සෙතං චාතුම‍්මහාභූතිකස‍්ස කායස‍්ස අධිවචනං මාතාපෙත‍්තිකසම‍්භවස‍්ස ඔදනකුම‍්මාසූපචයස‍්ස අනිච‍්චුච‍්ඡාදන පරිමද‍්දන භෙදන විද‍්ධංසනධම‍්මස‍්ස. ගණ‍්ඩමූලන‍්ති ඛො භික‍්ඛවෙ, තණ‍්හායෙතං අධිවචනං. යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො තණ‍්හා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛතං හොති.

මහණෙනි මහණ තෙමේ කෙසේ නම් නොසාර දැමූ ගඬ (දුක්) මුල සාරා දමන ලද්දේ වේ ද යත්: මහණෙනි “ගඬ” යයි මවුපියන්ගේ ලේඅශුචියෙන් උපන් බතින් හා කොමුයෙන් වැඩුණු අනිස බව හා ඉලීම් පිරිමැදීම් (කරතුදු) බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට නමෙකි. මහණෙනි “ගඬමුල” යයි මේ තෘෂ්ණාවට නමෙකි. මහණෙනි යම් කලෙක මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා උසුන් මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බව කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වේ ද, මහණෙනි මෙසේ මහණහුගේ නොසාරා දැමූ ගඬමුල සාරාදමන ලද්දේ වෙයි.

උද‍්දකො සුදං භික‍්ඛවෙ, රාමපුත‍්තො එවං වාචං භාසති: ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ‍්බජී ඉදං ජාතු අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛණින‍්ති.

මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදැමූ ගඬමුල සාරාදමා සිටියෙම් වෙමි.

තං ඛො පනෙතං භික‍්ඛවෙ, උද‍්දකො රාමපුත‍්තො අවෙදගූයෙව සමානො වෙදගූ’ස‍්මීති භාසති, අසබ‍්බජීයෙව සමානො සබ‍්බජීස‍්මීති භාසති. අපලිඛතංයෙව ගණ‍්ඩමූලං පලිඛතංයෙව ගණ‍්ඩමූලන‍්ති භාසති.

මහණෙනි රාමපුත්‍ර උද්දක තෙමේ “වේදගූ” නොවූයේම වේදගූ වෙමි යි මේ වචනය කියයි. සබ්බජී නො වූයේ ම “සබ්බජී” වෙමි යි කිය යි. ගඬමුල නො සාරා දැමූයේ ම ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි යි කියයි.

ඉධ ඛො තං භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාවදමානො වදෙය්‍ය: ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ‍්බජී ඉදං ජාතු අපලිඛතං ගණ‍්ඩමූලං පලිඛණින‍්ති.

මහණෙනි, මෙහි මහණ තෙමේ මැනවින් කියන්නේ: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් වේදගූ (සසරවට දැන සිටියෙම්) වෙමි. ඒකාන්තයෙන් සබ්බජි (සියල්ල දිනුයෙම්) වෙමි. නො සාරා දැමූ ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ යි.

ඡළවග‍්ගො දසමො.

දසවැනි ජළවර්‍ගයි.

තස‍්සුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ද‍්වෙ සඞ‍්ගය‍්හා පරිහානං පමාදවිහාරී ච සංවරො සමාධි පටිසල‍්ලානං ද‍්වෙ නතුම‍්හාකෙන උද‍්දකො ති.

සඞ්ගය්හ සූත්‍ර දෙක ය, පරිහාන, පමාදවිහාරී, සංවර, සමාධි, පටිසල්ලාන යන සූත්‍ර පස ය, නතුම්හාක සූත්‍ර දෙක ය, උද්දක සූත්‍රය දෑ යි සූත්‍ර දශයෙකි.

දුතියො පණ‍්ණාසකො

දුතිය පණ්ණාසකය යි.

තස‍්ස වග‍්ගුද‍්දානං:

එහි වර්‍ගනාමාවලිය:

අවිජ‍්ජා මිගජාලඤ‍්ච ගිලානං ඡන‍්නං චතුත්‍ථකං ඡළවග‍්ගෙන පඤ‍්ඤාසං දුතියො පඤ‍්ඤාසකො අයං.

අවිජ්ජා, මිගජාල, ගිලාන යන වර්‍ග තුන ය, සිවුවැනි ඡන්න වර්‍ගය, ජළවර්‍ගය යන මෙයින් සූත්‍ර පනසෙකි. මේ දුතියපණ්ණාසකය යි.

තතියො පණ‍්ණාසකො

තතිය පණ්ණාසකය