යෙදුමෙන් කියවන්න

යොගක‍්ඛෙමිසුත‍්තං

1. 11. 1.

1. 11. 1.

යොගක‍්ඛෙමිසුත‍්තං

යෝගක්ඛේමි සූත්‍රය

104. සාවත්‍ථියං–

104. සැවැත්නුවර–

යොගක‍්ඛෙමිපරියායං වො භික‍්ඛවෙ ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ යොගක‍්ඛෙමිපරියායො ධම‍්මපරියායො?

මහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය කවරේ ද යත්:

සන‍්ති භික‍්ඛවෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තෙ තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තෙසඤ‍්ච පහානාය අක‍්ඛාසි යොගං, තස‍්මා තථාගතො යොගක‍්ඛෙමීති වුච‍්චති.

මහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝග මාර්‍ගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ.

සන‍්ති භික‍්ඛවෙ සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තෙ තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තෙසඤ‍්ච පහානාය අක‍්ඛාසි යොගං, තස‍්මා තථාගතො යොගක‍්ඛෙමීති වුච‍්චති. අයං ඛො භික‍්ඛවෙ, යොගක‍්ඛෙමි පරියායො ධම‍්මපරියායොති.

මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... මහණෙනි, දිවෙන් දත යුතු රස ඇත ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ. මහණෙනි, මේ යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණ ය යි.