උපාදායසුත‍්තං
1. 11. 2.
1. 11. 2.
උපාදායසුත‍්තං
උපාදාය සූත්‍රය
105. කිස‍්මින‍්නු ඛො භික‍්ඛවෙ සති කිං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති.
105. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදී දැ යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා භගවම‍්පටිසරණා, සාධු වත භන‍්තෙ, භගවන‍්තං යෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො, භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති. තෙන හි භික‍්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. මැනවි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
චක‍්ඛුස‍්මිං ඛො භික‍්ඛවෙ සති චක‍්ඛුං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, සොතස‍්මිං සති සොතං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, ඝානස‍්මිං සති ඝානං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, ජිව‍්හාය සති ජිව‍්හං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, මනස‍්මිං සති මනං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛං දුක‍්ඛං.
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා තමා කෙරෙහි සුවදුක් උපදී. කන ඇති කල්හි කන නිසා තමා තුළ සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැය නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව නිසා තමා තුළ සුවදුක් උපදී. කය ඇති කල්හි කය නිසා තමා තුළ සුවදුක් උපදී. සිත ඇති කල්හි සිත නිසා තමා තුළ සුවදුක් උපදී.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, “චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වා”ති? අනිච‍්චං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අපිනු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍ය අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති”. නො හෙතං භන‍්තෙ.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි.
“සොතං නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. -පෙ- “ඝානං නිච‍්චං වා අනිච‍්චං වාති. අනිච‍්චං භන‍්තෙ. -පෙ- “ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වා”ති. අනිච‍්චා භන‍්තෙ. -පෙ- “කායො නිච‍්චො වා අනිච‍්චො වා”ති. අනිච‍්චො භන‍්තෙ -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වාති. අනිච‍්චො භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති. දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අපිනු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍ය අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති. නොහෙතං භන‍්තෙ.
කන නිත්‍ය ද නො හොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය … නැහැය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ? යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ ය.
එවම‍්පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. ජිව‍්හායපි නිබ‍්බින්‍දති. කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැත්ම ගෙවිනි. බඹසර වැස නිමවන ලදි. කළයුතු දෑ කරන ලදි. මේ රහත් බව පිණිස (කළයුතු) අනෙකක් නැතැයි දැනගනී යි.