දුක්ඛසමුදයසුත්තං
1. 11. 3.
1. 11. 3.
දුක්ඛසමුදයසුත්තං
දුක්ඛසමුදය සූත්රය
106. දුක්ඛස්ස භික්ඛවෙ, සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, දුක්ඛස්ස සමුදයො:
106. මහණෙනි, දුකෙහි සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දුකෙහි සමුදය කවරේ ද යත්:
චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා. අයං දුක්ඛස්ස සමුදයො. සොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනා පච්චයා තණ්හා. අයං ඛො භික්ඛවෙ දුක්ඛස්ස සමුදයො.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මේ දුකෙහි සමුදය යි. කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝ විඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මහණෙනි, මේ දුකේ සමුදය යි.
කතමො ච භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථගමො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං දුක්ඛස්ස අත්ථගමො.
මහණෙනි, දුකෙහි අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මේ දුකේ අස්තඞ්ගමය යි.
සොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ චුප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථගමොති.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී ... කයත් නිසා … සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව උපදී. වේදනාව නිසා තණ්හාව උපදී. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුකේ අස්තඞ්ගම ය යි.