යෙදුමෙන් කියවන්න

ලොකසමුදයසුත‍්තං

1. 11. 4.

1. 11. 4.

ලොකසමුදයසුත‍්තං

ලෝකසමුදය සූත්‍රය

107. ලොකස‍්ස භික‍්ඛවෙ, සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ ලොකස‍්ස සමුදයො? චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ චුප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. අයං ඛො භික‍්ඛවෙ ලොකස‍්ස සමුදයො.

107. මහණෙනි, ලෝකයේ සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ලෝකයේ සමුදය කවරේ ද යත්; ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.

සොතඤ‍්ච පටිච‍්ච -පෙ- ඝානඤ‍්ච පටිච‍්ච -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච -පෙ- කායඤ‍්ච පටිච‍්ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ චුප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. අයං ඛො භික‍්ඛවෙ ලොකස‍්ස සමුදයො.

කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.

කතමො ච භික‍්ඛවෙ, ලොකස‍්ස අත්‍ථගමො? චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ චුප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාග නිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයං ඛො භික‍්ඛවෙ ලොකස‍්ස අත්‍ථගමො.

මහණෙනි, ලෝකයේ අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.

සොතඤ‍්ච -පෙ- ඝානඤ‍්ච -පෙ- ජිව‍්හඤ‍්ච -පෙ- කායඤ‍්ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ චුප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයං ඛො භික‍්ඛවෙ ලොකස‍්ස අත්‍ථගමොති.

කනත් ... නැහැයත් ... දිවත් ... කයත් ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.