සෙය්‍යසුත‍්තං
1. 11. 5.
1. 11. 5.
සෙය්‍යසුත‍්තං
සෙය්‍ය සූත්‍රය
108. කිස‍්මින‍්නු ඛො භික‍්ඛවෙ සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස “සෙය්‍යො’හමස‍්මීති වා හොති, සදිසො’හමස‍්මීති වා හොති, හීනො’හමස‍්මීති වා හොතී”ති.
108. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ (අදහස්) වේ ද, මම සදෘශයෙමි යි හෝ වේ ද? මම හීනයෙමි යි හෝ වේ දැ? යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා, භගවම‍්පටිසරණා; සාධු වත භන‍්තෙ භගවන‍්තං යෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො, භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතිය. වහන්ස, යාච්ඤා කරම්හ. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි.
චක‍්ඛුස‍්මිං ඛො භික‍්ඛවෙ සති චක‍්ඛුං උපාදාය චක‍්ඛුං අභිනිවිස‍්ස ‘සෙය්‍යො’හමස‍්මීති වා හොති, සදිසො’හමස‍්මීති වා හොති, හීනො’හමස‍්මීති වා හොති. සොතස‍්මිං සති -පෙ- ඝානස‍්මිං සති -පෙ- ජිව‍්හාය සති -පෙ- කායස‍්මිං සති -පෙ- මනස‍්මිං සති මනං උපාදාය මනං අභිනිවිස‍්ස “සෙය්‍යො’හමස‍්මීති වා හොති. සදිසො’හමස‍්මීති වා හොති, හීනො’හමස‍්මීති වා හොති.
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇසට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි. කන ඇති කල්හි ... නැහැය ඇති කල්හි ... දිව ඇති කල්හි ... කය ඇති කල්හි ... සිත ඇති කල්හි සිත නිසා සිතට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, “චක‍්ඛු නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අපි නු තං අනුපාදාය සෙය්‍යො’හමස‍්මීති වා අස‍්ස, සදිසො’හමස‍්මීති වා අස‍්ස හීනො’හමස‍්මීති වා අස‍්සා”ති. නො හෙතං භන‍්තෙ.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඇස නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද? මම සදෘශයෙමි යි හෝ වන්නේ ද? මම හීනයෙමි යි හෝ වන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
සොතං නිච‍්චං වා අනිච‍්චං වාති. අනිච‍්චං භන‍්තෙ -පෙ- ඝානං නිච‍්චං වා අනිච‍්චං වාති. අනිච‍්චං භන‍්තෙ -පෙ- ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති. අනිච‍්චා භන‍්තෙ -පෙ- කායො නිච‍්චො වා අනිච‍්චො වාති. අනිච‍්චො භන‍්තෙ -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වාති. අනිච‍්චො භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති. දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අපි නු තං අනුපාදාය “සෙය්‍යො‘හමස‍්මීති වා අස‍්ස, සදිසොහමස‍්මීති වා අස‍්ස, හීනො’හමස‍්මීති වා අස‍්සාති. නො හෙතං භන‍්තෙ.
කන නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... නැහැය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද, මම සදෘශයෙමි යි හෝ වන්නේ ද, මම හීනයෙමි යි හෝ වන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
එවම‍්පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හායපි නිබ‍්බින්‍දති, කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි ... මේ රහත්බව පිණිස ඇනෙකක් නැතැ යි දැනගනී යි.