සඤ්ඤොජනසුත්තං
1. 11. 6.
1. 11. 6.
සඤ්ඤොජනසුත්තං
සංයෝජන සූත්රය
109. සඤ්ඤොජනියෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි සඤ්ඤොජනඤ්ච තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ සඤ්ඤොජනියා ධම්මා? කතමඤ්ච සඤ්ඤොජනං?
109. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් ද, සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් කවරේ ද සංයෝජන කවරේ ද යත්:
චක්ඛුං භික්ඛවෙ සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා සඤ්ඤොජනියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං කායො -පෙ- මනො සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො, තං තත්ථ සඤ්ඤොජනං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඤ්ඤොජනියා ධම්මා, ඉදං සඤ්ඤොජනන්ති.
මහණෙනි, ඇස සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කන ... නැහැය ... දිව සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කය ... සිත සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු ය යි ද මෙය සංයෝජන යි ද කියනු ලැබෙත්.
1. 11. 7.
1. 11. 7.
උපාදානසුත්තං
උපාදාන සූත්රය
110. උපාදානියෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි උපාදානඤ්ච. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, උපාදානියා ධම්මා? කතමඤ්ච උපාදානං?
110. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් ද, උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් කවරේ ද උපාදාන කවරේ ද යත්:
චක්ඛුං භික්ඛවෙ, උපාදානියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා උපාදානියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. කායො -පෙ- මනො උපාදානියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ උපාදානියා ධම්මා, ඉදං උපාදානන්ති.
මහණෙනි, ඇස උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කන ... නැහැය ... දිව උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කය ... සිත උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු ය යි ද මෙය උපාදාන යි ද කියනු ලැබෙති යි.
1. 11. 8.
1. 11. 8.
පරිජානනසුත්තං
පරිජානන සූත්රය
111. චක්ඛුං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
111. මහණෙනි, ඇස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් නැසීමට නුසුදුසු (නොසමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු වේ. මහණෙනි, ඇස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
1. 11. 9.
1. 11. 9.
දුතියපරිජානනසුත්තං
දුතිය පරිජානන සූත්රය
112. රූපෙ ඛො භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
112. මහණෙනි, රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් නැසීමට නුසුදුසු වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු (නො සමත්) වේ.
රූපෙ ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
මහණෙනි, රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ගෙවීමට සුදුසු (සමත්) වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.