උපස්සුතිසුත්තං
1. 11. 10.
1. 11. 10.
උපස්සුතිසුත්තං
උපස්සුති සූත්‍රය
113. එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො භගවා රහොගතො පටිසල්ලීනො ඉමං ධම්මපරියායං අභාසි.
113. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගඩොළු පහයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රහසිගත ව විවේකී ව මේ දහම්නය වදාළ සේක:
චක්ඛුං පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ.
සොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා ... මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැනීම වේ.
චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
සොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනා ව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො උපස්සුතිං ඨිතො හොති. අද්දසා ඛො භගවා තං භික්ඛුං උපස්සුතිං ඨිතං. දිස්වාන තං භික්ඛුං එතදවොච; අස්සොසි නො ත්වං භික්ඛු ඉමං ධම්මපරියායන්ති? එවං භන්තෙ. උග්ගණ්හාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. පරියාපුණාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. ධාරෙහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. අත්ථසංහිතො’යං භික්ඛු ධම්මපරියායො ආදිබ්රහ්මචරියකොති.
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ හඬසනෙහි සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ හඬසනෙහි සිටි ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ දහම්නය ඇසුවහු දැ? යි. වහන්ස එසේ ය. මහණ තෙපි මේ දහම්නය උගනිවු. මහණ තෙපි මේ දහම්නය පිරිවහවු. මහණ තෙපි මේ දහම්නය දරවු. මහණ මේ දහම්නය වැඩ සහිත ය. මගබඹසරට මුල් යයි.
යොගක්ඛෙමිවග්ගො එකාදසමො.
එකොළොස්වැනි යෝගක්ඛේමි වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
යොගක්ඛෙමි උපාදාය දුක්ඛං ලොකො ච සෙය්යො ච සංයොජනං උපාදානං ද්වෙ පරිජානං උපස්සුතීති.
යෝගක්ඛේමි, උපාදාය, දුක්ඛ, ලෝක, සෙය්‍ය, සංයෝජන, උපාදාන යන සූත්‍ර සත ය. පරිජානන සූත්‍ර දෙක ය. උපස්සුති සූත්‍ර ය යි දශයෙකි.