මාරපාසසුත්තං
1. 12. 1.
1. 12. 1.
මාරපාසසුත්තං
මාරපාස සූත්රය
114. සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, පටිමුක්කස්ස මාරපාසො. බද්ධො සො මාරබන්ධනෙන යථාකාමකරණීයො පාපිමතො.
114. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මාරබන්ධනයෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
සන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, පටිමුක්කස්ස මාරපාසො. බද්ධො සො මාරබන්ධනෙන යථාකාමකරණීයො පාපිමතො.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති, මනවඩන, පියදෑ වූ කාමයෙන් යුත්, සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද එහි ගුණ කියන්නේ ද, එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මාරබැඳුමෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
සන්ති ච ඛො භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, උම්මුක්කස්ස මාරපාසො. මුත්තො සො මාරබන්ධනෙන න යථාකාමකරණීයො පාපිමතො.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ වෙයි.
සන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, උම්මුක්කස්ස මාරපාසො. මුත්තො සො මාරබන්ධනෙන න යථාකාමකරණීයො පාපිමතොති.
මහණෙනි, කනින් දත යුතු සද ඇත. ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, ගුණ නො කියන්නේ ද, ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළහැක්කේ වේ යි.