12. ලොකකාමගුණවග්ගො අට්ඨකථා
12. ලෝකකාමගුණ වර්ගය
1-2. මාරපාසසුත්තාදිවණ්ණනා
1-2. මාරපාස ආදි සූත්‍ර වර්ණනා
ලොකකාමගුණවග්ගස්ස පඨමෙ ආවාසගතොති වසනට්ඨානං ගතො. මාරස්ස වසං ගතොති තිවිධස්සාපි මාරස්ස වසං ගතො. පටිමුක්ක’ස්ස මාරපාසොති අස්ස ගීවාය මාරපාසො පටිමුක්කො පවෙසිතො. දුතියං උත්තානමෙව.
ලෝක කාමගුණ වර්ගයේ - පළමුවැන්නෙහි - ආවාස ගතො = වසන තැනට ගියේ. මාරස්ස වසං ගතො = මරුගේ වසඟයට ගියේ. පටිමුක්කස්ස මාර පාසො = මාර බන්ධනය මොහුගේ ග්‍රීවයෙහි පළඳා ප්‍රවිෂ්ට කරන ලදී. දෙවැන්න පහසු වේ.
3. ලොකන්තගමනසුත්තවණ්ණනා
3. ලොකන්තගමන සූත්‍ර වර්ණනාව
තතියෙ ලොකස්සාති චක්කවාළලොකස්ස. ලොකස්ස අන්තන්ති සඞ්ඛාරලොකස්ස අන්තං. විහාරං පාවිසීති “මයි විහාරං පවිට්ඨෙ ඉමෙ භික්ඛූ, ඉමං උද්දෙසං ආනන්දං පුච්ඡිස්සන්ති, සො ච තෙසං මම සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සංසන්දිත්වා කථෙස්සති. තතො නං ථොමෙස්සාමි, මම ථොමනං සුත්වා භික්ඛූ ආනන්දං උපසඞ්කමිතබ්බං, වචනඤ්චස්ස සොතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිස්සන්ති, තං නෙසං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති චින්තෙත්වා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභජිත්වාව නිසින්නාසනෙ අන්තරහිතො ගන්ධකුටියං පාතුරහොසි. තෙන වුත්තං “උට්ඨායාසනා විහාරං පාවිසී”ති.
තෙවැන්නෙහි - ලොකස්ස සක්වළ වූ ලෝකයෙහි ලොකස්ස අන්තං = සංස්කාර ලෝකයේ කෙළවර විහාරං පාවිසි = මා විහාරයට පිවිසි කල්හි මේ භික්ෂූහු මෙය දැන ගැනීම සඳහා අනඳ තෙරුන් විචාරන්නෝය. හෙතෙම ඔවුන්හට මගේ සර්වඥතා ඥානය සමග සසඳා කියා දෙන්නේය. ඉක්බිති (මම) ඔහුට ප්‍රශංසා කරමි. මගේ පැසසීම අසා භික්ෂූහු අනඳ තෙරුන් වෙත එළඹිය යුතු වෙති. ඔහුගේ වචන ද ඇසිය යුතු වේ. ඇදහිය යුතු යයි සිතා ගනිත්. එය ඔවුන්හට දිගුකල් හිත සුව පිණිස වන්නේයයි සිතා සැකෙවින් දෙසන ලද කරුණෙහි අරුත් සවිස්තරව බෙදා නො දක්වා බුදුන් වහන්සේ හුන් අස්නෙහි අතුරුදහන් වූ සේක් ගඳ කිළියෙහි පහළ වූ සේක. ඒ කරුණෙන් හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේකැයි (හෙවත් වුට්ඨායාසන විහාරය පාවිසි) කියන ලදී.
සත්ථු චෙව සංවණ්ණිතොති සත්ථාරා ච පසත්ථො. විඤ්ඤූනන්ති ඉදම්පි කරණත්ථෙ සාමිවචනං, පණ්ඩිතෙහි සබ්රහ්මචාරීහි ච සම්භාවිතොති අත්ථො. පහොතීති සක්කොති. අතික්කම්මෙව මූලං අතික්කම්මෙව ඛන්ධන්ති සාරො නාම මූලෙ වා ඛන්ධෙ වා භවෙය්ය, තම්පි අතික්කමිත්වාති අත්ථො. එවංසම්පදමිදන්ති එවංසම්පත්තිකං, ඊදිසන්ති අත්ථො. අතිසිත්වාති අතික්කමිත්වා. ජානං ජානාතීති ජානිතබ්බමෙව ජානාති. පස්සං පස්සතීති පස්සිතබ්බමෙව පස්සති. යථා වා එකච්චො විපරීතං ගණ්හන්තො ජානන්තොපි න ජානාති, පස්සන්තොපි න පස්සති, න එවං භගවා. භගවා පන ජානන්තො ජානාති, පස්සන්තො පස්සතියෙව. ස්වායං දස්සනපරිණායකට්ඨෙන චක්ඛුභූතො. විදිතකරණට්ඨෙන ඤාණභූතො. අවිපරීතසභාවට්ඨෙන පරියත්තිධම්මපවත්තනතො වා හදයෙන චින්තෙත්වා වාචාය නිච්ඡාරිතධම්මමයොති ධම්මභූතො. සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතො. අථ වා චක්ඛු විය භූතොති චක්ඛුභූතො. එවමෙතෙසු පදෙසු අත්ථො වෙදිතබ්බො. ස්වායං ධම්මස්ස වත්තනතො වත්තා. පවත්තනතො පවත්තා. අත්ථං නීහරිත්වා නීහරිත්වා දස්සනසමත්ථතාය අත්ථස්ස නින්නෙතා. අමතාධිගමාය පටිපත්තිං දෙසෙතීති අමතස්ස දාතා.
සත්ථු චෙව සංවණ්ණි තො = ශාස්තෲන් වහන්සේ විසින් ද පසසන ලදී. විඤ්ඤුනං = මෙය ද කරණ අර්ථයෙහි සමබන්ධ විභක්ති ගත් වචනයකි. පඬිවරුන් විසිනු දු, සබ්‍රම්සරුන් විසිනු දු බුහුමන් කරනු ලැබීය යන අදහස වේ. පහොති = හැකි වෙයි. අතික්ක ම්මෙව මුලං අතික්කම්ම ඛන්ධං = හරය නම් මුලෙහි හෝ කඳෙහි (පවතිනු) වන්නේය. එය ද ඉක්මවා (ඇත) යන අරුතයි. එවං සම්පද මිදං = සම්පත් රැස්වීම මෙසේ මේ ආකාරයෙන් වේය යන අදහසයි. අතිසිත්වා = ඉක්මවා ජානංජානාති = දතයුතු දෙයම දනියි. පාස්සං පස්සති = දැකිය යුතු දෙයම දකියි. යම් සේ ඇතැමෙක් විපරීත කොට (අවබෝධ කර) ගන්නාහු දන්නාදෙය ද නොදන්නා සේ වෙති. දකින්නෝ වුව ද නො දක්නා සේ වෙති. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවෙති. භගවත්හු වනාහි දන්නා සේක් දනිත්මය, දක්නා සේක් දකිත්මය. උන් වහන්සේ දර්ශනය කිරීමෙහි පූර්ණ නායකත්වයක් දරන්නාහ යන අරුතින් චක්ඛුභූත නම් වෙති. දන්නා දෙය කරන්නා හ යන අරුතින් ඤාණභූත නම් වෙති. වෙනස් නොවන ස්වභාව ඇත යන අරුතින් ද පර්යාප්ති ධර්මය පවත්වා ගැනීමෙන් ද. හදවතින් සිතා වචනයෙන් ප්‍රකාශ කරන ධර්මයෙන්ම යුක්තය. (හෙවත් ඒ ධර්මයෙන්ම සකස් වී ඇත) යන අදහසින් ද ධම්මභූත නම් වෙති. ශ්‍රේෂ්ඨය යන අරුතින් බ්‍රහ්මභූත නම් වෙති. ඒ හැර, “චක්ඛු විය භූතො (හෙවත් ඇසක් මෙන්වන භූත තත්ත්වය) යන අරුතින් “චක්ඛු භූත” යනු සැදේ. මෙසේ මේ පදයන්හි අර්ථ දත යුත්තේය. ඒ මේ ධර්මය පවත්වන බැවින් වත්තා නම් වෙති. පවත්වා ගෙන යන බැවින් පවත්තා නම් වෙති. අර්ථය නොහැර දැක්වීමෙහි සමත් බව නිසා අත්ථස්සන්තො නම් වෙති. නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙත දේසනා කරතියි (යන අදහසින්) අමතස්ස දාතා නම් වෙති.
අගරුං කරිත්වාති පුනප්පුනං යාචාපෙන්තොපි හි ගරුං කරොති නාම. අත්තනො සෙක්ඛපටිසම්භිදාඤාණෙ ඨත්වා සිනෙරුපාදතො වාලිකං උද්ධරමානො විය දුබ්බිඤ්ඤෙය්යං කත්වා කථෙන්තොපි ගරුං කරොතියෙව නාම. එවං අකත්වා අම්හෙ පුනප්පුනං අයාචාපෙත්වා සුවිඤ්ඤෙය්යම්පි නො කත්වා කථෙහීති වුත්තං හොති.
අගරුං කරීත්වා - නැවත නැවත ආයාචනා කරවන්නේ නමුදු ගෞරව කොටම එසේ කරයි. ලෞකිකවූ පටිසම්භිදා (හෙවත් සෙකධ පටිසම්භිදා) ඤාණයෙහි පිහිටා සිට සිනේරු පර්වතය (මහවෙර) පතුලෙන් වැලි හාරා ගන්නාක් මෙන් අවබෝධයෙහි අපහසු බව දක්වා කියන්නේ නමුදු ගෞරව දක්වන්නේමය. මෙසේ නොකොට අප ලවා නැවත නැවත ආයාචනා කරවා අප මනාව දැනුවත් කොට කියනු මැනවයි කියන ලද්දේමය.
යං ඛො වොති යං ඛො තුම්හාකං. චක්ඛුනා ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානීති චක්ඛුඤ්හි ලොකෙ අප්පහීනදිට්ඨි පුථුජ්ජනො සත්තලොකවසෙන ලොකොති සඤ්ජානාති චෙව මඤ්ඤති ච, තථා චක්කවාළලොකවසෙන. න හි අඤ්ඤත්ර චක්ඛාදීහි ද්වාදසායතනෙහි තස්ස සා සඤ්ඤා වා මානො වා උප්පජ්ජති. තෙන වුත්තං, “චක්ඛුනා ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී”ති. ඉමස්ස ච ලොකස්ස ගමනෙන අන්තො නාම ඤාතුං වා දට්ඨුං වා පත්තුං වා න සක්කා. ලුජ්ජනට්ඨෙන පන තස්සෙව චක්ඛාදිභෙදස්ස ලොකස්ස නිබ්බානසඞ්ඛාතං අන්තං අප්පත්වා වට්ටදුක්ඛස්ස අන්තකිරියා නාම නත්ථීති වෙදිතබ්බා.
යං ඛො වො = ඔබලාගේ යමක් වනාහී චක්ඛුනා ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොක මානී = ඇස (ට) වනාහී ලෝකයේ ප්‍රහීන නොවු දෘෂ්ටිය (ඇත්තේ) ය. පුහුදුන් පුද්ගලයා සත්ව ලෝක වශයෙන් ලෝකය දන්නේ ද සිතා ගන්නේ ද වෙයි. එසේ චක්‍රවාට ලෝකය වශයෙන් ඇස් ආදී ආයතන දොළසෙන් බාහිරව ඔහුට ලෝකය යන සංඥාව හෝ අදහස නො උපදී. එහෙයින් “චක්ඛුනා ඛො ආවුසො ලොකස්මිං ලොක සඤ්ඤී හොති, ලොක මානී” හෙවත් ඇවැත්නි, ඇසින්ම ලෝකයෙහි ලෝකය යන හැඳින්වීමද. දැනීම ද වන්නේය) යයි කියන ලදී. මේ ලෝකයේ ගමනින් කෙළවරක් දැන ගැනීමට හෝ කෙළවරකට පැමිණීමට හෝ නො හැක්කේය. වැනසේය. යන අදහසින් ඇස් ආදී භේදයන් ඇති ඒ ලෝකයේම නිවන නම් අන්තයට නො පැමිණ සංසාර දුඃඛයේ අවසන් කිරීමක් නම් නැතැයි දත යුත්තේය.
එවං පඤ්හං විස්සජ්ජෙත්වා ඉදානි “සාවකෙන පඤ්හො කථිතොති මා නික්කඞ්ඛා අහුවත්ථ, අයං භගවා සබ්බඤ්ඤුතඤ්ඤාණතුලං ගහෙත්වා නිසින්නො. ඉච්ඡමානා තමෙව උපසඞ්කමිත්වා නික්කඞ්ඛා හොථා”ති උය්යොජෙන්තො ආකඞ්ඛමානා පනාතිආදිමාහ.
මෙසේ පැන විසඳා දැන් ශ්රාවකයා විසින් ප්රශ්නය කියන ලද්දේයයි සැක නැත්තේ නො වෙත්වා. මේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානය ලබා සිටින සේක. “උන්වහන්සේ වෙතට එළඹ සැක හැර ගනිත්වා” යි උනන්දු කරවන්නා හු “ආකඞ්ඛ මානා” යන ආදිය කීවා.
ඉමෙහි ආකාරෙහීති ඉමෙහි කාරණෙහි චක්කවාළලොකස්ස අන්තාභාවකාරණෙහි චෙව සඞ්ඛාරලොකස්ස අන්තාපත්තිකාරණෙහි ච. ඉමෙහි පදෙහීති ඉමෙහි අක්ඛරසම්පිණ්ඩනෙහි. බ්යඤ්ජනෙහීති පාටියෙක්කඅක්ඛරෙහි.
ඉමෙහි ආකාරෙහි - මේ කරුණු හේතු කොට ගෙන, චක්‍රවාට ලෝකයේ කෙළවරක් නැති වීමේ හේතුවෙන් ද, සංස්කාර ලෝකයේ කෙළවරකට පැමිණිය හැකි වීමේ හේතුවෙන් ද (වශයෙනි) ඉමෙහි පදෙහි = මෙම අක්ෂර සම්පිණ්ඩනය වීම් වලින් (හෙවත් වචන වලින්) ව්යඤ්ජනෙහි ඒ අකුරුවලින්
පණ්ඩිතොති පණ්ඩිච්චෙන සමන්නාගතො. චතූහි කාරණෙහි පණ්ඩිතො ධාතුකුසලො ආයතනකුසලො පච්චයාකාරකුසලො කාරණාකාරණකුසලොති. මහාපඤ්ඤොති මහන්තෙ අත්ථෙ මහන්තෙ ධම්මෙ මහන්තා නිරුත්තියො මහන්තානි පටිභානානි පටිග්ගණ්හනසමත්ථතාය මහාපඤ්ඤාය සමන්නාගතො. යථා තං ආනන්දෙනාති යථා ආනන්දෙන බ්යාකතං, තං සන්ධාය වුත්තං. යථා ආනන්දෙන තං බ්යාකතං, අහම්පි තං එවමෙව බ්යාකරෙය්යන්ති අත්ථො.
පණ්ඩිතො = පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූයේ. කරුණු සතරකින් යුත් පාණ්ඩිත්යයකි. එනම් ඇස් ආදී ධාතු විභාගයෙහි දක්ෂ වූ, චක්ඛු සොතාදී ආධ්‍යාත්මික ආයතනයන් සහ රූප, ශබ්දාදී බාහිර ආයතනයන් විභාගයෙහි දක්ෂ වූ, පටිච්ච සමුප්පාද විභාගයෙහි දක්ෂ වූ, කාරණා. ආකාරණයන් විභාගයෙහි දක්ෂ වූ. මහා පඤ්ඤො = උත්තම වූ අර්ථ, ධර්ම, නිරුක්ති, හා ප්‍රතිභාණ (යන සිවු පිළිසිඹියාවන් ග්‍රහණය කර ගැනීමෙහි සමත් මහා ප්‍රඥාවෙන් යුක්ත වූ යථා තං ආනන්දෙන = යම් ලෙසකින් ආනන්ද (තෙරුන්) විසින් ප්‍රකාශ කළ සළායතන යයි කියන ලද්දේද, යම් සේ ආනන්ද (තෙරුන්) විසින් එය ප්‍රකාශ කරන ලද්දේ ද, මම ද එය ඒ අයුරින්ම ප්‍රකාශ කරන්නෙමි යන අදහසයි.
4. කාමගුණසුත්තවණ්ණනා
4. කාමගුණ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ යෙ මෙති යෙ මම. චෙතසො සම්ඵුට්ඨපුබ්බාති චිත්තෙන අනුභූතපුබ්බා. තත්ර මෙ චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්යාති තෙසු පාසාදත්තයතිවිධනාටකාදිභෙදසම්පත්තිවසෙන අනුභූතපුබ්බෙසු පඤ්චසු කාමගුණෙසු බහූසු වාරෙසු උප්පජ්ජමානං උප්පජ්ජෙය්යාති දීපෙති. පච්චුප්පන්නෙසු වාති ඉධ පධානචරියකාලෙ ඡබ්බස්සානි සුපුප්ඵිතවනසණ්ඩජාතානං දිජගණාදීනං වසෙන දිට්ඨසුතාදිභෙදං මනොරමාරම්මණං කාමගුණං කත්වා දස්සෙන්තො “එවරූපෙසු පච්චුප්පන්නෙසු වා බහුලං උප්පජ්ජෙය්යා”ති දස්සෙති. අප්පං වා අනාගතෙසූති අනාගතෙ “මෙත්තෙය්යො නාම බුද්ධො භවිස්සති, සඞ්ඛො නාම රාජා, කෙතුමතී නාම රාජධානී”තිආදිවසෙන (දී· නි· 3.106) පරිත්තකමෙව අනාගතෙසු කාමගුණෙසු උප්පජ්ජෙය්යාති දස්සෙති. තත්ර මෙ අත්තරූපෙනාති තත්ර මයා අත්තනො හිතකාමජාතිකෙන. අප්පමාදොති සාතච්චකිරියා පඤ්චසු කාමගුණෙසු චිත්තස්ස අවොස්සග්ගො. සතීති ආරම්මණපරිග්ගහිතසති. ආරක්ඛොති අයං අප්පමාදො ච සති ච චෙතසො ආරක්ඛො කරණීයො, එවං මෙ අහොසීති දස්සෙති, ආරක්ඛත්ථාය ඉමෙ ද්වෙ ධම්මා කාතබ්බාති වුත්තං හොති.
සිවු වැන්නෙහි - යෙ මෙ = යමෙක් මාගේ චෙතසො - සම්ඵුට්ඨ පුබ්බා = සිතෙන් විඳින ලද්දා වූ තත්ථමෙ චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්ය - එම ප්රාසාදයන් තුනෙහි තුන් ආකාර නාටක ආදී වශයෙන් විවිධ සම්පත් විඳින ලද්දේ, පහළ වන්නාවූ පස්කම් සුවයෙහි බහුතරයක් උපදනේ යයි දක්වයි. පච්චුප්පන්නෙව = මෙහිදී - පධන් වීර්යය වැඩූ (හෙවත් භාවනානුයෝගීව ගත කළ) වර්ෂ සය තුළ මනාව පිපුණ වන ගොමු තුළ උපන්, වේගවත් ගමන් ඇති මුව ආදීන්ගේ දැකීම ද, ඔවුන්ගේ හඬ ඇසීම ද කම් සුවයට නැමුණ මනරම් අරමුණු වී යයි දක්වන්නෝ මෙබඳු කල්හි ද බහුලව උපදිතියි දක්වයි. අප්පංවා අනාගතෙසු = අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදුවරයෙක් පහළ වන්නේය, සංඛ නම් රජ කෙනෙක් ද කේතුමතී නම් රාජධානියක් ද ආදී වශයෙන් මතු කාම ලෝකයෙහි පහළ වන්නාහ යි දක්වයි. තත්ර මෙ අත්ත රූපෙන = එහි දී තමාට හිත කැමති අයකු වූ මා විසින් අප්පමා දො = පස්කම් සුවය කෙරෙහි සිතේ ඇති නො නවතින ඇල්ම ඉවත් කල සති = අරමුණ අයත් කර ගැනීමේ සිහිය. ආරක්ඛො = මෙම අප්‍රමාදය ද සිහිය ද සිතින් ආරක්ෂා කළ යුතුයයි යනුවෙන් මගේ සිතෙහි (අදහසක්) පහළ විය යනුවෙන් දක්වයි. ආරක්ෂාව සඳහා මේ ධර්මයන් (හෙවත් කාර්යයන්) දෙකම කළ යුතුයයි කියන ලද්දේ වෙයි.
තස්මාතිහ, භික්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්බෙති යස්මා චෙතසො ආරක්ඛත්ථාය අප්පමාදො ච සති ච කාතබ්බා, යස්මා තස්මිං ආයතනෙ විදිතෙ අප්පමාදෙන වා සතියා වා කාතබ්බං නත්ථි, තස්මා සෙ ආයතනෙ වෙදිතබ්බෙ, තං කාරණං ජානිතබ්බන්ති අත්ථො. සළායතනනිරොධන්ති සළායතනනිරොධො වුච්චති නිබ්බානං, තං සන්ධාය භාසිතන්ති අත්ථො. නිබ්බානස්මිඤ්හි චක්ඛුආදීනි චෙව නිරුජ්ඣන්ති රූපසඤ්ඤාදයො ච නිරුජ්ඣන්තීති. සෙසං වුත්තනයමෙව.
තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බො = යම් හෙයකින් ආරක්ෂාව සඳහා අප්‍රමාදය ද, සිහිය ද පවත්වා ගැනීම කළ යුත්තේ ද, යම් හෙයකින් හඳුනා ගත්තාවු (ඇස්, කන් ආදී වු) එම ආයතනයක අප්‍රමාද භාවයෙන් හෝ සිහිය පවත්වා ගැනීමෙන් හෝ කළ යුත්තක් නැත්තේ ද, ඒ හේතුවෙන්. හඳුනාගත යුතුව ඇති එම ආයතනයෙහි (අප්‍රමාදය ද සිහිය ද යන) එම කරුණු දැන ගත යුත්තේය යන අර්ථයයි. සළායතන නිරොධං = සළායතන නිරොධයයි නිවනට කියනු ලැබේ. ඒ සඳහා කියන ලද්දේය යන අරුතයි. නිවනෙහි වනාහී ඇස් ආදිය නිරුද්ධ වේ. රූප, සංඥා ආදිය ද නිරුද්ධ වේ. සෙස්ස පෙර කියන ලද පිළිවෙළ අනුවම දත යුතුය.
5-6. සක්කපඤ්හසුත්තාදිවණ්ණනා
5-6. සක්කපඤ්හ ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. පරිනිබ්බායන්තීති කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායන්ති. තන්නිස්සිතං විඤ්ඤාණං හොතීති තණ්හානිස්සිතං කම්මවිඤ්ඤාණං හොති. තදුපාදානන්ති තංගහණං, තණ්හාගහණෙන සහගතං විඤ්ඤාණං හොතීති අත්ථො. ඡට්ඨං උත්තානමෙව.
පස්වැන්නෙහි - දිට්ඨෙව ධම්මෙ - මේ අත්බැව්හිම පරිනිබ්බායන්ති = ක්ලේශ පරිනිර්වාණයෙන් (හෙවත් සොපධි ශේෂ නිර්වාණයෙන්) පිරිනිවන් පාති. තං නිස්සිතං විඤ්ඤාණං හොති = තෘෂ්ණාව ආශ්‍රිතව කර්ම විඥානය පවතී. තදුපාදානං = එම ග්‍රහණය තෘෂ්ණාවෙන් ග්‍රහණය කිරීමෙන් සංගහණය (හෙවත් එකට එකතු කර ගැනීම වේය යන අරුතයි. සය වැන්න පහසු වන්නේය.
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තවණ්ණනා
7. සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍ර වර්ණනාව
සත්තමෙ සන්තානෙස්සතීති ඝටෙස්සති, යොගවිච්ඡෙදමස්ස පාපුණිතුං න දස්සති.
සත්වැන්නෙහි සන්තා නෙස්සති = වෑයම් කිරීමේදී ඔහුට වෙන් වීමට ඉඩ නො දෙන්නේ ය.
8. රාහුළොවාදසුත්තවණ්ණනා
8. රාහුලෝවාද සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ විමුත්තිපරිපාචනියාති විමුත්තිං පරිපාචෙන්තීති විමුත්තිපරිපාචනියා. ධම්මාති පන්නරස ධම්මා, තෙ සද්ධින්ද්රියාදීනං විසුද්ධිකරණවසෙන වෙදිතබ්බා. වුත්තඤ්හෙතං –
අට වැන්නෙහි - විමුත්ති පරිපාචනීයා ධම්මා = විමුක්තිය මෝරවන්නේ ය යන අදහසින් “විමුත්ති පරිපාචනීයා” නම් වේ. “ධම්මා” යනු පසළොසක් වූ ධර්මයන්ය. ඒවා ශ්‍රද්ධේන්‍ද්‍රිය ආදීන්ගේ විශෝධන කරණ වශයෙන් දත යුතුය. මෙය මෙසේ කියන ලද්දේමය -
“අස්සද්ධෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සද්ධෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පසාදනීයෙ සුත්තන්තෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සද්ධින්ද්රියං විසුජ්ඣති. කුසීතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, ආරද්ධවීරියෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සම්මප්පධානෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි වීරියින්ද්‍රියං විසුජ්ඣති. මුට්ඨස්සතී පුග්ගලෙ පරිවජ්ජයතො, උපට්ඨිතස්සතී පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සතිපට්ඨානෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සතින්ද්රියං විසුජ්ඣති. අසමාහිතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සමාහිතෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ඣානවිමොක්ඛෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සමාධින්ද්රියං විසුජ්ඣති. දුප්පඤ්ඤෙ පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ඤවන්තෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ගම්භීරඤාණචරියං පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි පඤ්ඤින්ද්රියං විසුජ්ඣති. ඉති ඉමෙ පඤ්ච පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ච පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පඤ්ච සුත්තන්තෙ පච්චවෙක්ඛතො, ඉමෙහි පන්නරසහි ආකාරෙහි ඉමානි පඤ්චින්ද්රියානි විසුජ්ඣන්තී”ති (පටි· ම· 1.184).
ශ්‍රද්ධා රහිත පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ශ්රද්ධාවන්ත පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්‍රය කරන්නාවූද, පැහැදීම ගෙන දෙන සූත්‍රාන්තයන් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්‍රිවිධාකාරයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය පිරිසිදු වේ. අලස හෙවත් වීර්යය අඩු පුද්ගලයන් දුරු කරන්නාවූ ද ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්‍රය කරන්නාවූ ද, යහපත් වූ වීර්යය නුවණින් සලකා බලන්නා වූ ද යන මේ ත්‍රිවිධාකාරයෙන් වීර්යේන්ද්රියය පිරිසිදු වේ. සිහි මුලා වූ පුද්ගලයන් දුරු කරන්නාවූ ද, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්‍රය කරන්නාවූ ද, සතිපට්ඨාන ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ද, යන මේ ත්‍රිවිධාකාරයෙන් සත්රීන්ද්රියය (හෙවත් ස්මෘතිය නමැති ඉන්ද්රියය) පිරිසිදු වේ. නො සන්සුන් පුද්ගලයන් දුරු කරන්නා වූ ද, සන්සුන් පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්‍රය කරන්නාවූ ද, ධ්‍යානය මුල්කොට ලබන මෝක්ෂය නුවණින් සලකා බලන්නාවූද යන මේ ත්‍රිවිධාකාරයෙන් සමාධීන්‍ද්‍රියය පිරිසිදු වේ. අඥාන පුද්ගලයන් දුරු කරන්නා වූ ද, ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය භජනය හා ආශ්‍රය කරන්නා වූ ද, ගැඹුරු නුවණින් හැසිරීම නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්‍රිවිධාකාරයෙන් ප්‍රඥේන්‍ද්‍රියය පිරිසිදු වේ. මෙසේ පුද්ගලයන් පස් දෙනකුත් දුරුකරන්නා වූ ද, පුද්ගලයන් පස් දෙනකුන් සේවනය, භජනය හා ආශ්‍රය කරන්නාවූ ද, සූත්‍රාන්ත ස්කන්ධයන් පහක් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ පසළොස් ආකාරයෙන් මෙම ඉන්ද්රියයන් පස පිරිසිදු වන්නේය.
අපරෙපි පන්නරස ධම්මා විමුත්තිපරිපාචනියා – සද්ධාපඤ්චමානි ඉන්ද්රියානි, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤාති ඉමා පඤ්ච නිබ්බෙධභාගියා සඤ්ඤා, මෙඝියත්ථෙරස්ස කථිතා කල්යාණමිත්තතාදයො පඤ්ච ධම්මාති (උදා· 31). කාය පන වෙලාය භගවතො එතදහොසීති? පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තස්ස.
මෙයට අමතරව එම පසළොස් වැදෑරුම් ධර්මයෝ විමුක්තිය මෝරවා ගැනීමෙහි සමර්ථයෝ ය. (මතු දැක්වෙන පරිදි) ඉන්ද්රිය පසෙක් වේ. (එනම්) අනිත්‍ය සංඥා ද, අනිත්‍යයෙහි දුඃඛ සංඥා ද, දුඃඛයෙහි අනාත්ම සංඥා ද. (දුරු කළ යුතුය යන) ප්‍රහාන සංඥා ද, (නො ඇලිය යුතුය යන) විරාග සංඥා ද යන මේ පස තියුණු අවබෝධයකින් යුත් සංඥාවන්ය. මේඝිය තෙරුන් හට කියන ලද කල්‍යාණ මිත්‍රතා ආදිය “පඤ්ච ධම්ම” නම් වේ. කවර නම් වේලාවෙක බුදුන් වහන්සේට මෙසේ සිත් වූයේ ද යත් අළුයම් කාලයෙහි ලෝකය බලන්නාවූ බුදුන් වහන්සේට ය.
අනෙකානි දෙවතාසහස්සානීති ආයස්මතා රාහුලෙන පදුමුත්තරස්ස භගවතො පාදමූලෙ පාලිතනාගරාජකාලෙ පත්ථනං පට්ඨපෙන්තෙන සද්ධිං පත්ථනං පට්ඨපිතදෙවතාසු පන කාචි භූමට්ඨකා දෙවතා, කාචි අන්තලික්ඛට්ඨකා, කාචි චාතුමහාරාජිකා, කාචි දෙවලොකෙ, කාචි බ්රහ්මලොකෙ නිබ්බත්තා. ඉමස්මිං පන දිවසෙ සබ්බාපි තා එකට්ඨානෙ අන්ධවනස්මිංයෙව සන්නිපතිතා, තා සන්ධායාහ – “අනෙකානි දෙවතාසහස්සානී”ති.
අනෙකානි දේවතා සහස්සානි - ආයුෂ්මත් රාහුල තෙරුන් විසින් පාලිත නම් නාග රාජ ව පියුමතුරා බුදුන්ගේ පාද මූලයෙහි දී ප්‍රාර්ථනාව කරනු සමගම එක්වර ප්‍රාර්ථනා කළ දෙවියන් අතරෙහි කිසිවෙක් භූම්යස්ථව ද, කිසිවෙක් ආකාශස්ථව ද, කිසිවෙක් චාතුර්මහාරාජිකව ද, කිසිවෙක් දෙව්ලොවෙහි ද, කිසිවෙක් චාතුර්මහාරාජිකව ද, කිසිවෙක් දෙව්ලොවෙහි ද. කිසිවෙක් බඹලොවෙහි ද උපන්හ. මේ දවසෙහි වනාහී සියල්ලෝම අන්ධ වනයෙහි ම එකතැන රැස් වූහ. ඒ පිරිස සඳහා “නොයෙක් දහස් ගණන් වූ දේවතාවෝ (හෙවත් අනෙකානි දේවතා සහස්සානි)” යයි කියන ලදී.
ධම්මචක්ඛුන්ති ඉමස්මිං සුත්තෙ චත්තාරො ච මග්ගා චත්තාරි ච ඵලානි ධම්මචක්ඛුන්ති වෙදිතබ්බානි. තත්ථ හි කාචි දෙවතා සොතාපන්නා අහෙසුං, කාචි සකදාගාමී, අනාගාමී, ඛීණාසවා. තාසඤ්ච පන දෙවතානං එත්තකාති ගණනවසෙන පරිච්ඡෙදො නත්ථි. සෙසං සබ්බත්ථ උත්තානමෙව.
ධම්ම චක්ඛු = මේ සූත්‍රයෙහි සතර මඟ ද, සතර ඵලද දහම් ඇස (හෙවත් ධම්ම චක්ඛු) යයි දත යුතුය. එහිදී වූ කලී ඇතැම් දේවතාවෝ සෝවාන් වූහ. ඇතැමෙක් සකෘදාගාමී ද, ඇතැමෙක් අනාගාමී ද, ඇතැමෙක් අර්හත් ද වූහ. ඒ දෙව්වරුන්ද මෙ පමණ කැයි සංඛ්‍යා වශයෙන් පිරිසිඳ දැක්විය නො හැක. සෙසු කරුණු හැම අයුරින්ම පහසු වේ.
9-10. සඤ්ඤොජනසුත්තාදිවණ්ණනා
9-10. සංයොජන ආදි සූත්‍ර වර්ණනා
නවමදසමානි ඉට්ඨාරම්මණවසෙන කථියමානෙ බුජ්ඣනකානං වසෙන වුත්තානීති.
නව වැන්න හා දසවැන්න අනිටු අරමුණු වශයෙන් අවබෝධ කරවීම සඳහා කියන ලදී.
ලොකකාමගුණවග්ගො ද්වාදසමො.
දෙවන ලෝක කාම ගුණ වර්ගය නිමියේය.