යෙදුමෙන් කියවන්න

13. ගහපතිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

13. ගහපති වර්ගය

1-3. වෙසාලිසුත‍්තාදිවණ‍්ණනා

1-3. වෙසාලි ආදි සූත්‍ර වර්ණනා

ගහපතිවග‍්ගස‍්ස පඨමෙ උග‍්ගොති පණීතදායකානං අග‍්ගඋග‍්ගො, සො භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං පණීතදායකානං යදිදං උග‍්ගො ගහපතී”ති එවං එතදග‍්ගෙ ඨපිතො. සෙසමෙතෙසු චෙව ද‍්වීසු, තතියෙ ච වුත‍්තත්‍ථමෙව.

ගහපති වර්ගයේ පළමු වැන්නෙහි - උග්ගො = ප්‍රණීත දෙය දෙන්නාවූ යම් උග්ග නම් අයෙක් වේද හේ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් “මාගේ ශ්‍රාවකයන්හට ප්‍රණීත දෙය දෙන්නවුන් අතුරෙහි මේ උග්ග නම් ගෘහපතියා අග්‍ර වන්නේය යනුවෙන් මෙසේ ඒතදග්‍ර භාවයෙහි පිහිටුවන ලද්දේය. මෙහි ද, දෙවැන්නෙහි හා තෙවැන්නෙහි ද ඉතිරි කොටස් (පෙර) කියන ලද පරිදිම වේ.

4-5. භාරද‍්වාජසුත‍්තාදිවණ‍්ණනා

4-5. භාරද්වාජ ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ පිණ‍්ඩං උලමානො පරියෙසමානො පබ‍්බජිතොති පිණ‍්ඩොලො. සො කිර පරිජිණ‍්ණභොගො බ්‍රාහ‍්මණො අහොසි. අථ භික‍්ඛුසඞ‍්ඝස‍්ස ලාභසක‍්කාරං දිස‍්වා පිණ‍්ඩත්‍ථාය නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො. සො මහන‍්තං කපල‍්ලපත‍්තං ගහෙත්‍වා චරති, තෙන කපල‍්ලපූරං යාගුං පිවති, කපල‍්ලපූරෙ පූවෙ ඛාදති, කපල‍්ලපූරං භත‍්තං භුඤ‍්ජති. අථස‍්ස මහග‍්ඝසභාවං සත්‍ථු ආරොචයිංසු. සත්‍ථා තස‍්ස පත‍්තත්‍ථවිකං නානුජානි. හෙට‍්ඨාමඤ‍්චෙ පත‍්තං නික‍්කුජ‍්ජිත්‍වා ඨපෙති. සො ඨපෙන‍්තොපි ඝංසන‍්තොව පණාමෙත්‍වා ඨපෙති, ගණ‍්හන‍්තොපි ඝංසන‍්තොව ආකඩ‍්ඪිත්‍වා ගණ‍්හාති. තං ගච‍්ඡන‍්තෙ කාලෙ ධංසනෙන පරික‍්ඛීණං නාළිකොදනමත‍්තමෙව ගණ‍්හනකං ජාතං. තතො සත්‍ථු ආරොචෙසුං, අථස‍්ස සත්‍ථා පත‍්තත්‍ථවිකං අනුජානි. ථෙරො අපරෙන සමයෙන ඉන්‍ද්‍රියභාවනං භාවෙත්‍වා අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨාසි. ඉති සො පිණ‍්ඩත්‍ථාය පබ‍්බජිතත‍්තා පිණ‍්ඩොලො, ගොත‍්තෙන පන භාරද‍්වාජොති උභයං එකතො කත්‍වා පිණ‍්ඩොලභාරද‍්වාජොති වුච‍්චති.

සිවු වැන්නෙහි - පිඬු යදිමින් සොයමින් පැවිදි වූයේය යන අදහසින් පිණ්ඩොළ නම් වේ. හේ වනාහී නටුවා වු සම්පත් ඇති බ්‍රාහ්මණයෙක් විය, භික්ෂු සංඝයාගේ ලාභ සත්කාර දැක ආහාර පිණිස නික්ම ගොස් පැවිදි විය. තෙමේ මහත් වූ කබල පාත්‍රයක් රැගෙන හැසිරෙයි. එයින් කබලක් පුරා කැඳ බොයි, කබලක් පුරා පිටි කැවිලි කයි. කබලක් පුරා බත්කයි. ඉක්බිති භික්ෂූහු ඔහුගේ අධික ව ආහාර ගැනීමේ ස්වභාවය ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ගාස්තෘෘහු ඔහුගේ පාත්‍ර පසුම්බිය අනුමත නො කළහ. හේ පාත්‍රය ඇඳයට යටිකුරු කොට තබයි. තබන්නේද (හඬ නැගෙන සේ) ......... වසා තබයි. ආපසු ගන්නේ ද හප්පා ඇද ගනියි. කල්පසු වන විට අහර ගැනීමේ ප්‍රමාණය පිරිහී ගියේ උණ පතුරක දැමිය හැකි බත් ප්‍රමාණය පමණක් ගන්නකු බවට පත් විය. එවිට (භික්ෂූහු ඒ බව) ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති ශාස්තෲහු ඔහුට පාත්‍ර පසුම්බිය අනුමත කළහ. ඒ ස්ථවිර තෙමේ ද පසු කාලයෙහි ඉන්‍ද්‍රිය භාවනාව වඩා අග්‍ර වූ අර්හත් ඵලයෙහි පිහිටියේය. මෙසේ හේ තෙමේ පිඬු පිණිස පැවිදි වූයෙන් “පිණ්ඩො ලො” ද, ගෝත්‍ර වශයෙන් “භාරද්වාජ” ද යන (නම්) දෙකම එකතු කොට පිණ්ඩොළ භාරද්වාජ යයි හඳුන්වනු ලැබේ.

උපසඞ‍්කමීති උග‍්ගතුග‍්ගතෙහි මහාඅමච‍්චෙහි පරිවුතො උපසඞ‍්කමි. ථෙරො කිර එකදිවසං සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො නිදාඝසමයෙ සීතඨානෙ දිවාවිහාරං නිසීදිස‍්සාමීති ආකාසෙන ගන‍්ත්‍වා ගඞ‍්ගාතීරෙ උදෙනස‍්ස රඤ‍්ඤො උදපානං නාම උය්‍යානං අත්‍ථි, තත්‍ථ පවිසිත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි සීතෙන උදකවාතෙන බීජියමානො.

උපසඞ්කමි - උසස්. උසස් වු මහාමාත්‍යවරුන් විසින් පිරිවරන ලදුව පැමිණියේය යනුයි. තෙරුන් වහන්සේ වනාහී එක් දිනයෙක සැවැත් නුවර පිඬුසිඟා හැසිර, කරන ලද අහර කිස ඇත්තේ. “උෂ්ණ කාලයෙහි සිහිල් තැනෙක දිවා විහරණය සඳහා හිඳින්නෙමි යි අහසින් ගොස් ගං තෙරෙහි උදේන රජුගේ උදකපාන නමින් යුත් උයනෙහි හැසිර. එක්තරා රුක් මුලෙක සිසිල් ජලය (ආශ්‍රිත) වාතයෙන් පවන් සැලෙනු ලබන්නේ දිවා විහරණය සඳහා හිඳ ගත්හ.

උදෙනොපි ඛො නාම රාජා සත‍්තාහං මහාපානං පිවිත්‍වා සත‍්තමෙ දිවසෙ උය්‍යානං පටිජග‍්ගාපෙත්‍වා මහාජනපරිවාරො උය්‍යානං ගන‍්ත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටෙ අත්‍ථතාය සෙය්‍යාය නිපජ‍්ජි. තස‍්ස එකා පරිචාරිකා පාදෙ සම‍්බාහමානා නිසින‍්නා. රාජා කමෙන නිද‍්දං ඔක‍්කමි. තස‍්මිං නිද‍්දං ඔක‍්කන‍්තෙ නාටකිත්‍ථියො “යස‍්සත්‍ථාය මයං ගීතාදීනි පයොජෙය්‍යාම, සො නිද‍්දං උපගතො, න ච නිද‍්දාකාලෙ මහාසද‍්දං කාතුං වට‍්ටතී”ති අත‍්තනො අත‍්තනො තූරියානි ඨපෙත්‍වා උය්‍යානං පක‍්කන‍්තා. තා තත්‍ථ තත්‍ථ ඵලාඵලානි ඛාදමානා පුප‍්ඵානි පිළන්‍ධමානා විචරන‍්තියො ථෙරං දිස‍්වා “මා සද‍්දං කරිත්‍ථා”ති අඤ‍්ඤමඤ‍්ඤං නිවාරයමානා වන්‍දිත්‍වා නිසීදිංසු. ථෙරො “ඉස‍්සා පහාතබ‍්බා, මච‍්ඡෙරං විනොදෙතබ‍්බ”න‍්තිආදිනා නයෙන තාසං අනුරූපං ධම‍්මකථං කථෙසි.

උදේන රජ තෙමේ ද සත් දිනක් මහා පානය බී සත් වන දිනයෙහි උයන පිලිදැගුම් කරවා මහ ජන පිරිවර සහිතව උයනට ගොස් රාජකීය ගල්තලාවෙහි ඇතිරු ඇතිරිල්ල මතුයෙහි හොත්තේය. එක් පරිචාරිකා ස්ත්‍රියක් ඔහුගේ පාද සම්බාහනා කරමින් හුන්නාය. රජතෙමේ කෙමෙන් නින්දට පිවිසියේය. ඔහු නින්දට බැසගත් කල්හි නාට්‍යංගනාවෝ “යමකු සඳහා අපි ගීත ආදිය යොදවන්නෙමු ද (හෙවත් ගයන්නෙමු ද) හේ තෙමේ නින්දට පිවිසියේය. නිදන කල්හි මහත් සේ හඬ නංවන්නට නො වටනේය”යි තම තමාගේ තූර්ය භාණ්ඩයන් තබා එතැනින් ඉවත්ව උයනට ගියාහු ඒ ඒ තන්හි පලාපල කමින් මල් පළඳිමින් හැසිරෙන්නියෝ තෙරුන් දැක හඬ නො නඟනු යයි ඔවුනොවුන් වළක්වමින් තෙරණුවන් වැඳ හිඳ ගත්හ. ස්ථවිර තෙමේ ඊර්ෂ්‍යාව බැහැර කළ යුතුය. මසුරු බව ඉවත් කළයුතුය.” යන ආදී පිළිවෙළින් ඒ නාටිකාවනට ධර්ම කථා කීය.

සාපි ඛො රඤ‍්ඤො පාදෙ සම‍්බාහමානා නිසින‍්නා ඉත්‍ථී පාදෙ චාලෙත්‍වා රාජානං පබොධෙසි. සො “කහං තා ගතා”ති පුච‍්ඡි. කිං තාසං තුම‍්හෙහි? තා එකං සමණං පරිවාරෙත්‍වා නිසින‍්නාති. රාජා කුද‍්ධො උද‍්ධනෙ පක‍්ඛිත‍්තලොණං විය තටතටායමානො උට‍්ඨහිත්‍වා “තම‍්බකිපිල‍්ලිකාහි නං ඛාදාපෙස‍්සාමී”ති ගච‍්ඡන‍්තො එකස‍්මිං අසොකරුක‍්ඛෙ තම‍්බකිපිල‍්ලිකානං පුටං දිස‍්වා හත්‍ථෙනාකඩ‍්ඪිත්‍වා සාඛං ගණ‍්හිතුං නාසක‍්ඛි. කිපිල‍්ලිකපුටො ඡිජ‍්ජිත්‍වා රඤ‍්ඤො සීසෙ පති, සකලසරීරං සාලිථුසෙහි පරිකිණ‍්ණං විය දණ‍්ඩදීපිකාහි ඩය‍්හමානං විය ච අහොසි. ථෙරො රඤ‍්ඤො පදුට‍්ඨභාවං ඤත්‍වා ඉද‍්ධියා ආකාසං පක‍්ඛන්‍දි. තාපි ඉත්‍ථියො උට‍්ඨාය රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා සරීරං පුඤ‍්ඡන‍්තියො විය භූමියං පතිතපතිතා කිපිල‍්ලිකායො ගහෙත්‍වා සරීරෙ ඛිපමානා සබ‍්බා මුඛසත‍්තීහි විජ‍්ඣිංසු – “කිං නාමෙතං, අඤ‍්ඤෙ රාජානො පබ‍්බජිතෙ දිස‍්වා වන්‍දන‍්ති, පඤ‍්හං පුච‍්ඡන‍්ති, අයං පන රාජා කිපිල‍්ලිකපුටං සීසෙ භින්‍දිතුකාමො ජාතො”ති.

රජුගේ පාද සම්බාහනය කරමින් හුන් ඒ ස්ත්‍රිය ද පා සොලවා රජු පිබිද වූවාය. “ඒ ස්ත්‍රීන් කොහි ගියෝදැයි හෙතෙම විචාළේය. “ඒ ස්ත්‍රීන් හට ඔබගෙන් කුමන ඵලයක් ද? එක් ශ්‍රමණයකු පිරිවරා ගෙන හිඳින්නාහ”යි (ඇය කීවාය) රජ තෙමේ උදුනෙහි දැමූ ලුණු තට තට හඬින් පුපුරන්නාක් මෙන් කුපිත වූයේ නැගිට දිමියන් ලවා ඔවුන් කවන්නෙමි යි (කියමින්) යන්නේ එක්තරා අශෝක රුකෙක් හි දිමි ගොටුවක් දැක අතින් ඇද ඒ අත්ත කඩා ගැනීමට (සිතු මුත්) නො හැකි විය. දිමි ගොටුව කැඩී රජුගේ හිස මත වැටුනේය. මුළු සිරුර ම ඇල් වීවල දහයියා වලින් වැසී ගියාක් මෙන් ද ගිනි හුළු අතුවලින් දවන්නාක් මෙන්ද විය. ස්ථවිර තෙමේ රජුගේ ඇති දුෂ්ට ස්වභාවය දැන ඍද්ධියෙන් අහසට පැන නැංගේය. ඒ ස්ත්‍රීහු ද නැගිට රජු වෙතට ගොස් සිරුර පිස දමන්නියන් මෙන් බිම වැටුණ වැටුණ දිමියන් ගෙන සිරුරෙහි හෙලන්නාහුය. සියළු දිමියෝ මුවතුඩුවලින් විද්දාහ. කුමක් නිසා මෙසේ වීද යත්? අන්රජවරු පැවිද්දන් දැක වදිත්. මේ මේ රජ වනාහී දිමි කූඩුව හිසෙන් බිඳිනු කැමැත්තකු මෙන් විය.

රාජා අත‍්තනො අපරාධං දිස‍්වා උය්‍යානපාලං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “කිං එස පබ‍්බජිතො? අඤ‍්ඤෙසුපි දිවසෙසු ඉධ ආගච‍්ඡතී”ති? ආම, දෙවාති. ඉධ ත්‍වං ආගතදිවසෙ මය‍්හං ආරොචෙය්‍යාසීති. ථෙරොපි කතිපාහෙනෙව පුන ආගන‍්ත්‍වා රුක‍්ඛමූලෙ නිසීදි. උය්‍යානපාලො දිස‍්වා – “මහන‍්තො මෙ අයං පණ‍්ණාකාරො”ති වෙගෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා උට‍්ඨහිත්‍වා සඞ‍්ඛපණවාදිසද‍්දං නිවාරෙත්‍වා උග‍්ගතුග‍්ගතෙහි අමච‍්චෙහි සද‍්ධිං උය්‍යානං අගමාසි. තෙන වුත‍්තං “උපසඞ‍්කමී”ති.

රජතෙමේ තමාගේ අපරාධය දැක උයන් පල්ලා කැඳවා “මේ පැවිද්දා අන් දිනවලදීද මෙහි එන්නේදැ”යි ඇසීය. එසේය දේවයන් වහන්සැ”යි උයන්පල්ලා කීය. ඔහු නැවත පැමිණි දිනයෙහි එය මට දැනුම් දෙව”යි රජ ඔහුට කීය. ස්ථවිර තෙමේ ද කිහිප දවසකින්ම නැවත පැමිණ රුක් මුලෙක හුන්නේය. උයන්පල්ලා (ඒ බව) දැක මට මෙය මහත් පඬුරක් (පිණිස) වන්නේයයි වේගයෙන් ගොස් රජුට දැන්වීය. රජ තෙමේ නැගීට සක් සින්නම් ආදී ශබ්ද නවත්වා උසස් උසස් ඇමතිවරුන් සමඟින් උයනට ගියේය. එහෙයින්” (පැමිණියේය (හෙවත්) උපසඞ්කමී”යි කියන ලදි.

අනිකීළිතාවිනො කාමෙසූති යා කාමෙසු කාමකීළා, තං අකීළිතපුබ‍්බා, අපරිභුත‍්තකාමාති අත්‍ථො. අද‍්ධානඤ‍්ච ආපාදෙන‍්තීති පවෙණිං පටිපාදෙන‍්ති, දීඝරත‍්තං අනුබන්‍ධාපෙන‍්ති. මාතුමත‍්තීසූති මාතුපමාණාසු. ලොකස‍්මිඤ‍්හි මාතා භගිනී ධීතාති ඉදං තිවිධං ගරුකාරම‍්මණං නාම, ඉති ගරුකාරම‍්මණෙ උපනිබන්‍ධං චිත‍්තං විමොචෙතුං න ලභතීති දස‍්සෙන‍්තො එවමාහ. අථස‍්ස තෙන පඤ‍්හෙන චිත‍්තං අනොතරන‍්තං දිස‍්වා භගවතා පටිකූලමනසිකාරවසෙන චිත‍්තූපනිබන්‍ධනත්‍ථං වුත‍්තං ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං කථෙසි.

අනිකළි තාවිනො කාමෙසු = කාමයන්හි. ක්‍රීඩාවෙහි නොයෙදුණ යම් කාම ක්‍රීඩාවක් වේ නම් එය අපරිභුත්ත කාම (හෙවත් පරිභෝග නො කළ කාම ක්‍රීඩා) යන අරුත ඇත්තේ වේ. අද්ධානඤ්ච ආපාන දෙන්ති = අතීතයේ සිට පුරුදුව ආ උරුමය පිළියෙළ කර දෙති. දීර්ඝ කාලයක් පසු පසින් පැමිණෙති. මාතු මත්තීසු = මව හා සමාන කාන්තාවන් අතුරෙහි ලෝකයෙහි මව, සොයුරිය, දුව යන තිදෙන ගෞරව ලැබිය යුතු අරමුණු නම් වෙති. මෙසේ ගෞරවලාභී අරමුණක් හා සමීපව බැඳුණු සිත සෝධා ඉවත් කර හැරීමට නො ලැබේ යයි දක්වමින් මෙසේ කීහ. ඉක්බිති ඔහුගේ සිත ඒ හේතුව නිසා, ප්‍රශ්නය තුළට බැස නො ගන්නා බව දැක භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිකුල් බව මෙනෙහි කිරීම් වශයෙන්, සිත බැඳ තබා ගැනීම සඳහා කියන ලද. දෙතිස් ආකාර වූ කමටහන් ද කියන ලදී.

අභාවිතකායාති අභාවිතපඤ‍්චද‍්වාරිකකායා. තෙසං තං දුක‍්කරං හොතීති තෙසං තං අසුභකම‍්මට‍්ඨානං භාවෙතුං දුක‍්කරං හොති. ඉතිස‍්ස ඉමිනාපි චිත‍්තං අනොතරන‍්තං දිස‍්වා ඉන්‍ද්‍රියසංවරසීලං කථෙසි. ඉන්‍ද්‍රියසංවරස‍්මිඤ‍්හි උපනිබන්‍ධචිත‍්තං විහෙඨෙතුං න ලභති. රාජා තං සුත්‍වා තත්‍ථ ඔතිණ‍්ණචිත‍්තො අච‍්ඡරියං, භො භාරද‍්වාජාතිආදිමාහ.

අභාවිත කායා = නො වැඩූ (හෙවත් පුහුණු නො කළ) දොරටු පසකින් යුත් ශරීරයෙන් තෙසං තං දුක්කරං හොති ඔවුන්හට එම අසුබ කමටහන වැඩීමට අපහසු වෙයි. මෙසේ මෙයින් ද ඔහුගේ සිත කමටහනට බැස නො ගන්නා බව දැක ඉන්‍ද්‍රිය සංවර සීලය (පිළිබඳව) කීහ. ඉන්‍ද්‍රිය සංවරයෙහි දී වනාහී ආසන්නව බැඳුණ සිත සෝදා හැරීමට නො ලැබේ. රජ තෙමේ ඒ අසා එහි බැසගත් (හෙවත් යොමු කරවු) සිත් ඇත්තේ අච්ඡරියං භො භාරද්වාජ = (පින්වත් භාරද්වාජයෙනි ආශ්චර්යවත්ය) යන ආදිය කීය.

අරක‍්ඛිතෙනෙව කායෙනාතිආදීසු හත්‍ථපාදෙ කීළාපෙන‍්තො ගීවං පරිවත‍්තෙන‍්තො කායං න රක‍්ඛති නාම, නානප‍්පකාරං දුට‍්ඨුල‍්ලං කථෙන‍්තො වචනං න රක‍්ඛති නාම, කාමවිතක‍්කාදයො විතක‍්කෙන‍්තො චිත‍්තං න රක‍්ඛති නාම. රක‍්ඛිතෙනෙව කායෙනාතිආදීසු වුත‍්තවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

අරක්‍ඛිතෙනෙව කායෙන = යන ආදියෙහි අත් පා ක්‍රීඩා කරවන්නේ. ගෙල කරකවන්නේ කය නො රකින්නේමය. නන් අයුරු අසැබි වදන් කියන්නේ (තම) වදන් නොරකී. කාමුක සිතුවිලි ආදිය කල්පනා කරන්නේ (තම) සිත නොරකීම ය. රක්ඛිතෙනෙව කාගෙන යන ආදියෙහි (කලින්) කී පාඨයට වීපරිත අයුරින් අරුත් දත යුත්තේය.

අතිවිය මං තස‍්මිං සමයෙ ලොභධම‍්මා පරිසහන‍්තීති මං තස‍්මිං සමයෙ අතික‍්කමිත්‍වා ලොභො අධිභවතීති අත්‍ථො. උපට‍්ඨිතාය සතියාති කායගතාය සතියා සුපට‍්ඨිතාය. න මං තථා තස‍්මිං සමයෙති තස‍්මිං සමයෙ මං යථා පුබ‍්බෙ, න තථා ලොභො අතික‍්කමිත්‍වා උප‍්පජ‍්ජතීති අත්‍ථො. පරිසහන‍්තීති පදස‍්ස උප‍්පජ‍්ජන‍්තීතිපි අත්‍ථොයෙව. ඉති ඉමස‍්මිං සුත‍්තෙ තයො කායා කථිතා. කථං ? “ඉමමෙව කාය”න‍්ති එත්‍ථ හි කරජකායො කථිතො, “භාවිතකායො”ති එත්‍ථ පඤ‍්චද‍්වාරිකකායො, “රක‍්ඛිතෙනෙව කායෙනා”ති එත්‍ථ චොපනකායො, කායවිඤ‍්ඤත‍්තීති අත්‍ථො. පඤ‍්චමං උත‍්තානමෙව.

අතිවිය මං තස්මිං සමයෙ ලොකධම්මා පරිහසන්ති = ඒ සමයෙහි ලෝභය මා ඉක්මවා මැඩ පවත්වයි යන අරුතයි උපට්ඨතාය සතියා = කය පිළිබඳව එළඹ සිටි සිහියෙන්. න මං තථා තස්මිං සමයෙ = එසමයෙහි. පෙර වු පරිදි ලෝභය මා නො ඉක්මවයි (හෙවත් යටපත් නොකරයි, ලෝභය නො උපදියි යන අරුත් වේ. පරිසහති = යන පදයේ උපදියි යන අරුතෙක් වේමය. මෙසේ මේ සූත්‍රයෙහි “කාය” යෝ තුනක් කියන ලදහ. කෙසේද යත් ඉමමෙව කායං යන මෙහි වනාහී (මවු පියන්ගෙන් ලැබුණ) මස් ලේ සහිත කය (ගැන) කියන ලදී. භාවිත කයො යන මෙහි දොරටු පසක් සහිත කය (ගැන කියන ලද්දේ) වේ. රක්ඛිතෙනෙව කායෙන යන මෙහි වනාහී ඇඟවීම් ප්‍රකාශ කරන්නා වූ කය යන අරුතයි. පස්වැන්න අවබෝධයෙහි පහසු වේමය.

6. ඝොසිතසුත‍්තවණ‍්ණනා

6. ඝෝසිත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ රූපා ච මනාපාති රූපා ච මනාපා සංවිජ‍්ජන‍්ති. චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්චාති චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්ච සංවිජ‍්ජති. සුඛවෙදනියං ඵස‍්සන‍්ති චක‍්ඛුවිඤ‍්ඤාණසම‍්පයුත‍්තං උපනිස‍්සයවසෙන ජවනකාලෙ සුඛවෙදනාය පච‍්චයභූතං ඵස‍්සං. සුඛා වෙදනාති එකං ඵස‍්සං පටිච‍්ච ජවනවසෙන සුඛවෙදනා උප‍්පජ‍්ජති. සෙසපදෙසුපි එසෙව නයො.

සය වැන්නෙහි රූපාච මනාපා = රූපයෝ ද ප්‍රියජනක සේ පවතීත් චක්‍ඛු විඤ්ඤාණංච = චක්ෂුර් විඥානය (හෙවත් රූපය දැන ගන්නා සිත) පවතියි. සුඛ වෙදනීයං ඵස්සං = චක්ෂුර් විඥානය හා එක්ව යෙදුණ හේතුව වශයෙන් ජවන (හෙවත් ගමන් කරන) කාලයෙහි ජවන් සිතට සුවය දැනෙන වින්දනයකට හේතු වු ස්පර්ශයයි. සුඛා වෙදනා = එක් ස්පර්ශයක් හේතු කොට ගෙන ජවන් සිතෙහි සුවදායී වින්දනයක් උපදී. සෙසු පදයන්හි ද (අරුත් දැක්වීම) මේ පිළිවෙළින්ම වේ.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ තෙවීසති ධාතුයො කථිතා. කථං? එත්‍ථ හි චක‍්ඛුපසාදො චක‍්ඛුධාතු, තස‍්ස ආරම‍්මණං රූපධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණං විඤ‍්ඤාණධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා සහජාතා තයො ඛන්‍ධා ධම‍්මධාතු, එවං පඤ‍්චසු ද‍්වාරෙසු චතුන‍්නං චතුන‍්නං වසෙන වීසති. මනොද‍්වාරෙ “මනොධාතූ”ති ආවජ‍්ජනචිත‍්තං ගහිතං, ආරම‍්මණඤ‍්චෙව හදයවත්‍ථු ච ධම‍්මධාතු, වත්‍ථුනිස‍්සිතං මනොවිඤ‍්ඤාණධාතූති එවං තෙවීසති හොන‍්ති. එවං තෙවීසතියා ධාතූනං වසෙන ධාතුනානත‍්තං වුත‍්තං භගවතාති දස‍්සෙති.

මෙසේ මේ සූත්‍රයෙහි ධාතූහු විසි තුනක් කියන ලදහ. කෙසේදයත් - මෙහිදී චක්ෂුස් ප්‍රසාදය චක්ෂුර් ධාතුවයි. එයට අරමුණ වන්නේ රූප ධාතුවයි. (ඒ ඇසුරෙන්) චක්ෂුර් විඥාන ධාතුව උපදී. එම ස්කන්ධ තුන සමග ධර්මධාතුව එක්වර පහළ වේ. මෙසේ දොරටු පසෙහි සතර සතර බැගින් මනෝද්වාර විස්සක් මනෝධාතු වශයෙන් නම් වේ. මෙනෙහි කරන සිත ද, ගනු ලැබූ අරමුණ ද, හදවත ද ධර්මධාතු නම් වේ. වස්තු ආශ්‍රිත සිත මනෝ විඥානධාතු නම් වේ. මෙසේ විසි තුනක් වේ. මේ අයුරින් ධාතූන් විසිතුනක් වශයෙන් ධාතූන්ගේ විවිධත්වය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කොට දක්වන ලදී.

7-8. හාලිද‍්දිකානිසුත‍්තාදිවණ‍්ණනා

7-8. හාලිද්දිකානි ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ මනාපං ඉත්‍ථෙතන‍්ති පජානාතීති යං අනෙන මනාපං රූපං දිට‍්ඨං, තං ඉත්‍ථෙතන‍්ති එවමෙතං මනාපමෙව තන‍්ති පජානාති. චක‍්ඛුවිඤ‍්ඤාණං සුඛවෙදනියඤ‍්ච ඵස‍්සං පටිච‍්චාති චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්චෙව, යො ච උපනිස‍්සයකොටියා වා අනන‍්තරකොටියා වා සමනන‍්තරකොටියා වා සම‍්පයුත‍්තකොටියා වා සුඛවෙදනාය පච‍්චයො ඵස‍්සො, තං සුඛවෙදනියං ඵස‍්සඤ‍්ච පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛවෙදනාති. එස නයො සබ‍්බත්‍ථ. ඉති ඉමෙසු ද‍්වීසු සුත‍්තෙසු කිරියාමනොවිඤ‍්ඤාණධාතු ආවජ‍්ජනකිච‍්චා, මනොධාතුයෙව වා සමානා මනොධාතුනාමෙන වුත‍්තාති වෙදිතබ‍්බා. අට‍්ඨමං උත‍්තානමෙව.

සත්වැන්නෙහි - මනාපං ඉත්‍ථෙතන්ති පජානාති මන වඩන්නාවූ යම් රූපයක් සිතෙන් දක්නා ලද්දේද, එය මෙසේම මනාපවන්නේමයයි දැන ගනියි. චක්‍ඛු විඤ්ඤාණය (හෙවත් ඇසට යොමු වූ රූපයක් හඳුනා ගන්නා වූ සිත) සුවදායී වින්දනයක් ලබා දෙන රූපයක් හෙවත් ස්පර්ශයක් ඇසට යොමු වීමේ හෙවත් ස්පර්ශ වීමේ හේතුවෙන් චක්ෂුර් විඥානයම ද, බලවත්ම හේතුවක් හෝ ආසන්න හේතුවක් හෝ එයට අනතුරුව එන හේතුවක් හෝ සම්මිශ්‍රිත හේතුවක් හෝ යන යමක් වේද, සුවදායී වින්දනයට හේතු වන්නා වූ ස්පර්ශය ද යන ඒ සුඛ වේදනීය ස්පර්ශය ද හේතු කොට ගෙන (සුවදායී වින්දනයක් හෙවත්) සුඛ වේදනාවක් උපදනේය. සියළු තන්හිම මේ පිළිවෙළම වේ. මෙසේ මේ සූත්‍ර දෙකෙහි ක්‍රියාව හා බැඳුණ චින්තන ශක්තිය ද, මෙනෙහි කිරීම නම් වු චින්තන ශක්තිය හා සමාන බැවින් මනෝ ධාතු (හෙවත් චිත්ත ශක්තිය) යන නමින්ම කියන ලද්දේයයි දත යුතු වේ. අටවැන්න පහසු වන්නේමය.

9. ලොහිච‍්චසුත‍්තවණ‍්ණනා

9. ලොහිච්ච සූත්‍ර වර්ණනාව

නවමෙ මක‍්කරකතෙති එවංනාමකෙ නගරෙ අරඤ‍්ඤකුටිකායන‍්ති අරඤ‍්ඤෙ කතාය පාටියෙක‍්කාය කුටියං, න විහාරපච‍්චන‍්තකුටියං. මාණවකාති යෙපි තත්‍ථ මහල‍්ලකා, තෙ මහල‍්ලකකාලෙපි අන‍්තෙවාසිකතාය මාණවකාත්‍වෙව වුත‍්තා. තෙනුපසඞ‍්කමිංසූති පාතො සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා සායං “ආචරියස‍්ස කට‍්ඨානි ආහරිස‍්සාමා”ති අරඤ‍්ඤං පවිසිත්‍වා විචරන‍්තා යෙන සා කුටිකා, තෙනුපසඞ‍්කමිංසු. පරිතො පරිතො කුටිකායාති තස‍්සා කුටිකාය සමන‍්තතො සමන‍්තතො. සෙලෙය්‍යකානීති අඤ‍්ඤමඤ‍්ඤස‍්ස පිට‍්ඨිං ගහෙත්‍වා ලඞ‍්ඝිත්‍වා ඉතො චිතො චඞ‍්කමනකීළනානි.

නව වැන්නෙහි - මක්කරකටෙ = එම නම ඇති නුවර අරඤ්ඤකුටිකායං = ආරණ්‍යයෙහි තනවන ලද හුදෙකලා කුටියෙක්හි. වෙහෙරට බොහෝ ඇත් නොවූ කුටියෙක්හි අන්තෙවාසික මාණවකා = එහි මහළු වු යමකු වෙත් ද, ඔවුන් මහළු කල්හි ද අතවැසියන් වූ බැවින් මානවකයෝම යයි කියන ලදහ. තෙනුපසඞ්කමිංසු = උදෑසන ශිල්ප උගෙන සවස්හි ගුරුවරයාහට දර ගෙන එන්නෙමුයයි අරණට පිවිස ඇවිදිනාහු ඒ කුටිය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පරිතොපරිතො කුටිකාය = එම කුටියට වටින් වටින්, සෙලොකස්සකානි = එකිනෙකාගේ පිට මතින් පැන තැනින් තැන කරන (අනුන්හට) පීඩාකාරී ක්‍රීඩාවක්

මුණ‍්ඩකාතිආදීසු මුණ‍්ඩෙ මුණ‍්ඩාති, සමණෙ ච සමණාති වත‍්තුං වට‍්ටෙය්‍ය, ඉමෙ පන හීළෙන‍්තා “මුණ‍්ඩකා සමණකා”ති ආහංසු. ඉබ‍්භාති ගහපතිකා. කණ‍්හාති කණ‍්හා, කාළකාති අත්‍ථො. බන්‍ධුපාදාපච‍්චාති එත්‍ථ බන්‍ධූති බ්‍රහ‍්මා අධිප‍්පෙතො. තඤ‍්හි බ්‍රාහ‍්මණා පිතාමහොති වොහරන‍්ති. පාදානං අපච‍්චා පාදාපච‍්චා, බ්‍රහ‍්මුනො පිට‍්ඨිපාදතො ජාතාති අධිප‍්පායො. තෙසං කිර අයං ලද‍්ධි “බ්‍රාහ‍්මණා බ්‍රහ‍්මුනො මුඛතො නික‍්ඛන‍්තා, ඛත‍්තියා උරතො, වෙස‍්සා නාභිතො, සුද‍්දා ජාණුතො, සමණා පිට‍්ඨිපාදතො”ති. භරතකානන‍්ති කුටිම‍්බිකානං. කුටිම‍්බිකා හි යස‍්මා රට‍්ඨං භරන‍්ති, තස‍්මා භරතාති වුච‍්චන‍්ති. ඉමෙ පන පරිභවං කත්‍වා වදමානා “භරතකාන”න‍්ති ආහංසු.

මුණ්ඩකා යන ආදියෙහි හිස් මුඩු කළ, මුඩු කළ අය යනුවෙන් ශ්‍රමණයෝය. ශ්‍රමණයෝය යනුවෙන් කීමට ගැළපෙන සේ යොදා ඇත. මේ ක්‍රීඩා කරන්නාවූ හිස් මුඩු කළ අය පහත් පෙළේ ශ්‍රමණයෝ” යයි කීහ. ඉබ්හා = ගෘහපතීහු. කිණ්හා = කළුවන් ලෙහෙනුන් යන අරුතයි. බන්‍ධු පාදා පච්චා = මෙහි බන්‍ධු යනුවෙන් බ්‍රහ්මයා අදහස් වේ. ඔහු පියාගේ පියා (සීයා) යයි බ්‍රාහ්මණයෝ ව්‍යවහාර කරත්. පාදයන්ගේ දරුවෝ යන අදහසින් පාදාපච්ච යන පදය සෑදී ඇත. බ්‍රහ්මයාගේ පිටි පතුලෙන් උපන්නාහු යන අදහසයි. ඔවුන්ගේ වනාහී මෙවන් විශ්වාසයක් ඇත. “බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් නික්මුණාහ. ක්ෂත්‍රියයෝ බ්‍රහ්මයාගේ උරසින් ද. වෛශ්‍යයෝ නාභියෙන් ද. ශුද්‍රයෝ දණහිසෙන්ද, ශ්‍රමණයෝ පිටි පතුලෙන් ද නික්මුනාහ” යනුයි. භරතකානං = කෙළෙඹිවරුන් යමකින් රට පෝෂණය කරත් ද ඒ හේතුවෙන් “භරත” යයි කියත්. අපහාස කොට කියන්නාවු මොව්හු “භරතකානං” යි කීහ. (මුණ්ඩක සමණක වැනි පද මෙන් භරතක යන පදයද බමුණෝ අපහාස අර්ථයකින් යෙදූහ)

විහාරා නික‍්ඛමිත්‍වාති “රත‍්තිට‍්ඨකාපරිච‍්ඡන‍්නෙ රජතපට‍්ටසන‍්නිභසමවිප‍්පකිණ‍්ණවාලිකෙ රමණීයෙ පරිවෙණෙ කට‍්ඨකලාපෙ බන්‍ධිත්‍වා ඛිපමානා වාලිකං ආලුළෙත්‍වා, හත්‍ථෙන හත්‍ථං ආදාය පණ‍්ණකුටිං පරියායන‍්තා ‘ඉමෙ ඉමෙසං භරතකානං සක‍්කතා, ඉමෙ ඉමෙසං භරතකානං සක‍්කතා’ති පුනප‍්පුනං විරවන‍්තා අතිවිය ඉමෙ මාණවකා කීළං කරොන‍්ති, විහාරෙ භික‍්ඛූනං අත්‍ථිභාවම‍්පි න ජානන‍්ති, දස‍්සෙස‍්සාමි නෙසං භික‍්ඛූනං අත්‍ථිභාව”න‍්ති චින‍්තෙත්‍වා පණ‍්ණකුටිතො නික‍්ඛමි.

විහාරා නික්‍ඛමිත්‍වා = රතු ගඩොලින් වසන ලද, රිදී පටක් මෙන් සමව විසුරුණු වැලි ඇති රමණීය විහාර භූමියෙහි කොටු මිටි බැඳ (ඒ ඒ තන්හි) දමමින් වැලි අවුස්සා අතිනත් ගෙන පන්සල් කුටි වටේ ඇවිදිනාහු “මේවා මේ නොවැදගත් වැඩකරුවන්ගේ කටයුතු ය”යි නැවත නැවත හඬ නංවමින් මේ තරුණයෝ බොහෝ සේ ක්‍රීඩා කරත්. විහාරයෙහි භික්ෂුන් ඇති බව හෝ නො දනිත්. භික්ෂූන් ඇති බව ඔවුන් හට පෙන්වන්නෙමි යි සිතා පන්සල් කුටියෙන් පිටවූයේය.

සීලුත‍්තමා පුබ‍්බතරා අහෙසුන‍්ති ගුණවන‍්තානං ගුණෙ කථිතෙ නිග‍්ගුණානං ගුණාභාවො පාකටොව භවිස‍්සතීති පොරාණකබ්‍රාහ‍්මණානං ගුණෙ කථෙන‍්තො එවමාහ. තත්‍ථ සීලුත‍්තමාති සීලජෙට‍්ඨකා. සීලඤ‍්හි තෙසං උත‍්තමං, න ජාතිගොත‍්තං. යෙ පුරාණං සරන‍්තීති යෙ පොරාණකං බ්‍රාහ‍්මණධම‍්මං සරන‍්ති. අභිභුය්‍ය කොධන‍්ති කොධං අභිභවිත්‍වා තෙසං ද‍්වාරානි සුගුත‍්තානි සුරක‍්ඛිතානි අහෙසුං. ධම‍්මෙ ච ඣානෙ ච රතාති දසවිධෙ කුසලකම‍්මපථධම‍්මෙ අට‍්ඨසමාපත‍්තිඣානෙසු ච රතා.

සීලුත්නමා පුබ්බතරා අහෙසුං = ගුණවතුන්ගේ ගුණය කියනු ලබන කල්හි නුගුණවතුන් ගේ නුගුණවත් බව ප්‍රකට වන්නේම යයි පැරණි බමුණන්ගේ ගුණ කියන්නේ මෙසේ කීය. එහි “සීලුත්නම” යනු සීලයෙන් ජ්‍යෙෂ්ඨයෝය. ඔවුන්ගේ උතුම් බව සීලයයි. ජාතිගෝත්‍ර නොවේ. යෙ පුරාණං සරන්ති = යමෙක් පැරණි බමුණු දහම්හි හැසිරෙත් ද, අභිභූය්‍ය කොධං = ක්‍රෝධය මැඩ පවත්වා ඔවුන්ගේ (කාය, වාක්, මනස් යන) දොරටු මනාව රැකුණේ, මනාව ආරක්ෂිත වූයේ විය. ධම්මෙ ච ඣානෙච රතා = දසවැදැරුම් කුශලකර්ම පථ ක්‍රියාවෙහිද, අෂ්ට සමාපත්ති ධ්‍යානයන්හිද ඇලුනාහු,

එවං පොරාණානං ගුණං කථෙත්‍වා අථෙතරහි බ්‍රාහ‍්මණානං මානං නිම‍්මද‍්දෙන‍්තො ඉමෙ ච වොක‍්කම‍්ම ජපාමසෙතිආදිමාහ. තත්‍ථ වොක‍්කම‍්මාති එතෙහි ගුණෙහි අපක‍්කමිත්‍වා. ජපාමසෙති මයං ජපාම සජ‍්ඣායාමාති එත‍්තකෙනෙව බ්‍රාහ‍්මණම‍්හාති මඤ‍්ඤමානා බ්‍රාහ‍්මණා මයන‍්ති ඉමිනා ගොත‍්තෙන මත‍්තා හුත්‍වා විසමං චරන‍්ති, විසමානි කායකම‍්මාදීනි කරොන‍්තීති අත්‍ථො. පුථුඅත‍්තදණ‍්ඩාති පුථු අත‍්තා දණ‍්ඩා එතෙහීති පුථුඅත‍්තදණ‍්ඩා, ගහිතනානාවිධදණ‍්ඩාති අත්‍ථො. සතණ‍්හාතණ‍්හෙසූති සතණ‍්හනිත‍්තණ‍්හෙසු. අගුත‍්තද‍්වාරස‍්ස භවන‍්ති මොඝාති අසංවුතද‍්වාරස‍්ස සබ‍්බෙපි වතසමාදානා මොඝා භවන‍්තීති දීපෙති. යථා කින‍්ති? සුපිනෙව ලද‍්ධං පුරිසස‍්ස විත‍්තන‍්ති යථා සුපිනෙ පුරිසස‍්ස ලද‍්ධං මණිමුත‍්තාදිනානාවිධං විත‍්තං මොඝං හොති, පබුජ‍්ඣිත්‍වා කිඤ‍්චි න පස‍්සති, එවං මොඝා භවන‍්තීති අත්‍ථො.

මෙසේ පැරණියන්ගේ ගුණ කියා, ඉක්බිති මේ බමුණන්ගේ මදය නැති කරන්නේ ඉමෙව වොකක්කිම්ම ජපා මසෙ යන ආදිය කීය. එහි වොක්කම්ම යනු මෙම (ඉහත කී) ගුණයන්ගෙන් ඉවත්ව (යන අදහසයි) ජපාමසෙ = අපි (ඉහත කී ගුණයන් අත් හරිමු. සජ්ඣායනය (හෙවත් නැවත නැවත කීම) කරමු යන අදහසයි. මෙ පමණකින් ම “බමුණෝ වන්නෙමු”යි සිතන්නාහු අපි බ්‍රාහ්මණයෝ යයි යන මේ ගෝත්‍ර මානයෙන් මත් වී. විසමං චරන්ති = නොසුදුසු වු කායික ක්‍රියාකාරකම් ආදිය කරත් යන අර්ථයයි. පුථුත්ත දණ්ඩා = මොවුන් විසින් ගන්නා ලද වෙන් වෙන් වු දඬු ඇත්තේ නොහොත් මොවුන් විසින් පවර ගන්නා ලද විවිධ දඬුවම් ඇත්තේ යන අදහසින් “පුථුත්ත දණ්ඩා” යි යෙදී ඇත. ගන්නා ලද නන්විද දඬු ඇති, නොහොත් පවරා ගන්නා ලද නන්විද දඬුවම් ඇති යන අරුතයි. තසථාවරෙසු = තෘෂ්ණා සහිත වූ ද, තෘෂ්ණා රහිත වූ ද අය අතුරෙහි අගුත්ත ද්වාරස්ස භවන්තිමොඝා = අසංවරවු (කාය, වාක්, මනස් යන) දොරටු ඇති අයට සියළුම වස් සමාදන් වීම් නිෂ්ඵල වෙතියි දැක්වේ. කෙසේදයත් - සුපිනෙව ලද්ධං පුරිසස්ස විත්තං = යම් සේ සිහිනෙන් යම් පුද්ගලයකුට ලැබුණ මුතු මැණික් ආදී විවිධ වූ වස්තුව නිෂ්ඵල වන්නේ ද, පිබිද කිසිත් නොදකීද, එසේම නිෂ්ඵල වන්නේය යන අදහසයි.

අනාසකාති එකාහද‍්වීහාදිවසෙන අනාහාරකා. ථණ‍්ඩිලසායිකා චාති හරිතකුසසන්‍ථතෙ භූමිභාගෙ සයනං, පාතො සිනානඤ‍්ච තයො ච වෙදාති පාතොව උදකං පවිසිත්‍වා න‍්හානඤ‍්චෙව තයො ච වෙදා. ඛරාජිනං ජටා පඞ‍්කොති ඛරසම‍්ඵස‍්සං අජිනචම‍්මඤ‍්චෙව ජටාකලාපො ච පඞ‍්කො ච, පඞ‍්කො නාම දන‍්තමලං. මන‍්තා සීලබ‍්බතං තපොති මන‍්තා ච අජසීලගොසීලසඞ‍්ඛාතං සීලං අජවතගොවතසඞ‍්ඛාතං වතඤ‍්ච. අයං ඉදානි බ්‍රාහ‍්මණානං තපොති වදති. කුහනා වඞ‍්කදණ‍්ඩා චාති පටිච‍්ඡන‍්නකූපො විය පටිච‍්ඡන‍්නදොසං කොහඤ‍්ඤඤ‍්චෙව වඞ‍්කදණ‍්ඩො, ච උදුම‍්බරපලාසබෙළුවරුක‍්ඛානං අඤ‍්ඤතරතො ගහිතං වඞ‍්කදණ‍්ඩඤ‍්චාති අත්‍ථො. උදකාචමනානි චාති උදකෙන මුඛපරිමජ‍්ජනානි. වණ‍්ණා එතෙ බ්‍රාහ‍්මණානන‍්ති එතෙ බ්‍රාහ‍්මණානං පරික‍්ඛාරභණ‍්ඩකවණ‍්ණාති දස‍්සෙති. කත කිඤ‍්චික‍්ඛභාවනාති කතා කිඤ‍්චික‍්ඛභාවනා. අයමෙව වා පාඨො, ආමිසකිඤ‍්චික‍්ඛස‍්ස වඩ‍්ඪනත්‍ථාය කතන‍්ති අත්‍ථො.

අනාසකා = එක් දිනක් දෙදිනක් ආදී වශයෙන් නිරාහාරවූවාහු ථණ්ඩිලසායිකා වා = පලාවන් කුසතණ බිම් කඩෙක සයනය කිරීම පාතො සිනානඤ්ච තයො ච වෙදා = අළුයම හිම දියට බැස ස්නානය කිරීම ද, ත්‍රිවේදයද යනුයි. ඛරා ජිනං ජටා පඞ්කො = රළු පහස් ඇති අඳුන් දිවිසම ද, ශීර්ෂ ජටාව ද, පඞ්කො = දත් මැලියම් මන්තා සීලබ්බතං = තපස යනු මන්ත්‍ර ද, අජව්‍රත, ගෝව්‍රත නම් වු ව්‍රතයන් ද යන මෙය මෙකල බමුණන්ගේ තපස යයි කියති. කුහනා වඞ්ක දණ්ඩා ච = සැඟවුණ භූතයකු වැනි සැඟවුණ දොසක්. කවර හෝ වක් වූ ලී දඬු කඩක් - දිඹුල්, කෑළ, බෙලි යන ගසකින් ගත් ලී කැබැල්ලක් යන අර්ථයයි. උදකාච මනානිච = ජලයෙන් මුව පිරිමැදීම්. වණ්ණා එතෙ බ්‍රාහ්මණානං = ඇතැමෙක් මේවා බමුණන්ගේ පිරිකර, භාණ්ඩ, වස්තු ආදිය යයි දක්වති. කත කිඤ්චික්ඛභාවනා = කතා කිඤ්චික්ඛ භාවනා” යන පාඨය ද දක්නා ලැබේ. ඉතා සුළු ආමිසයක් වැඩි කැර ගැනීම සඳහා කරන ලද්දේය යන අර්ථයයි.

එවං එතරහි බ්‍රාහ‍්මණානං මානං නිම‍්මද‍්දිත්‍වා පුන පොරාණකබ්‍රාහ‍්මණානං වණ‍්ණං කථෙන‍්තො චිත‍්තඤ‍්ච සුසමාහිතන‍්තිආදිමාහ. තත්‍ථ සුසමාහිතන‍්ති තෙසං බ්‍රාහ‍්මණානං චිත‍්තං උපචාරප‍්පනාසමාධීහි සුසමාහිතං අහොසීති දස‍්සෙති. අඛිලන‍්ති මුදු අථද‍්ධං. සො මග‍්ගො බ්‍රහ‍්මපත‍්තියාති සො සෙට‍්ඨපත‍්තියා මග‍්ගො, තුම‍්හෙ පන කිං බ්‍රාහ‍්මණා නාමාති දීපෙන‍්තො එවමාහ.

මෙසේ මෙ කල්හි බමුණන්ගේ මදය නැති කොට, නැවතත් පැරණි බමුණන්ගේ වර්ණනය කියන්නේ චිත්තඤ්ච සුසමාහිතං යන ආදිය කීය. එහි සුසමාහිතං යනුවෙන් ඒ බමුණන්ගේ සිත් පූර්ව කෘත්‍යයන් සහිත වු ධ්‍යාන වැඩීම්, සමාධි ගත වීම් ආදිය මගින් මනාව සන්සුන් වූයේ යයි දක්වයි. අඛිලං = මෘදුවු, ලිහිල් වු. සො මග්ගො බ්‍රහ්ම පත්තියා = එය ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙන මාර්ගයයි. බ්‍රාහ්මණවරුන් නුඹලා වනාහී කවර නාමයන් ඇත්තාහුදැයි දක්වන්නේ මෙසේ කීය.

ආගමංසු නු ඛ‍්විධාති ආගමංසු නු ඛො ඉධ. අධිමුච‍්චතීති කිලෙසවසෙන අධිමුත‍්තො ගිද‍්ධො හොති. බ්‍යාපජ‍්ජතීති බ්‍යාපාදවසෙන පූතිචිත‍්තං හොති. පරිත‍්තචෙතසොති අනුපට‍්ඨිතසතිතාය සංකිලෙසචිත‍්තෙන පරිත‍්තචිත‍්තො. චෙතොවිමුත‍්තින‍්ති ඵලසමාධිං. පඤ‍්ඤාවිමුත‍්තින‍්ති ඵලපඤ‍්ඤං. අප‍්පමාණචෙතසොති උපට‍්ඨිතසතිතාය නික‍්කිලෙසචිත‍්තෙන අප‍්පමාණචිත‍්තො.

ආගමංසු නුඛ්විධා = මෙහි පැමිණියාහු නො වෙත්ද? අධිමුච්චති = කෙලෙස් වශයෙන් අධික ලෙස ඇලුනේ ගිජු වූයේ වෙයි. පරිත්ත චෙතසො = සිහිය එළඹ නොසිටි බැවින් කිළිටි වු සිතෙන් සීමිත බවට පත් වූ සිතක් ඇත්තේ චෙතො විමුත්ති = පල සමවත පඤ්ඤා විමුත්ති = ඵලයෙන් ලැබෙන ප්‍රඥාව අප්පමාන චෙතසො = එළඹ සිටි සිහිය ඇති බැවින් නිකෙළෙස් සිතේ ප්‍රමාණ කළ නොහැකි තරම් සිත් ඇත්තේ.

10. වෙරහච‍්චානිසුත‍්තවණ‍්ණනා

10. වෙරහච්චානි සූත්‍ර වර්ණනාව

දසමෙ කාමණ‍්ඩායන‍්ති එවංනාමකෙ නගරෙ. යග‍්ඝෙති චොදනත්‍ථෙ නිපාතො. සෙසං උත‍්තානමෙවාති.

දස වැන්නෙහි - කාමණ්ඩායං = මෙසේ නම ඇති නගරයෙහි. යගෙස = චෝදනා අර්ථයෙහි නිපාතයෙකි. සෙස්ස පහසු වේමය.

ගහපතිවග‍්ගො තෙරසමො.

තුන්වන ගහපති වර්ගය නිමියේය.