වෙසාලිසුත්තං
1. 13. 1.
1. 13. 1.
වෙසාලිසුත්තං
වේසාලි සූත්‍රය
124. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාර සාලායං. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති වෙසාලිකො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති, කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
124. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පස් ව හුන් විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
සන්ති ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති.
ගැහැවිය, ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
සන්ති ඛො ගහපති, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති, භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති.
ගැහැවි, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
සන්ති ච ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති.
ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
සන්ති ඛො ගහපති, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
ගැහැවි, කනින් දතයුතු ශබ්ද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය ය යි.