උපාදානසුත්තං
1. 12. 10.
1. 12. 10.
උපාදානසුත්තං
උපාදාන සූත්රය
123. උපාදානියෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි උපාදානඤ්ච. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ උපාදානියා ධම්මා, කතමඤ්ච උපාදානං:
123. මහණෙනි, උපාදානයන්ට හිත දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම්හු කවරහු ද? උපාදාන කවරේ ද යත්:
සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, උපාදානියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං සන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ උපාදානියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානන්ති.
මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
ලොකකාමගුණවග්ගො ද්වාදසමො.
දොළොස්වැනි ලෝකකාමගුණ වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
මාරපාසෙන ද්වෙ වුත්තා ලොකකාමගුණෙන ච සක්කො පඤ්චසිඛො චෙව සාරිපුත්තො ච රාහුලො සඤ්ඤොජනං උපාදානං වග්ගො තෙන පවුච්චතීති.
මාරපාස නමින් දෙකෙක් ද, ලෝකන්තගමන, කාමගුණ නමින් දෙකෙක් ද, සක්කපඤ්හ, පඤ්චසිඛපඤ්හ, සාරපුත්තසද්ධිවිහාරික, රාහුළොවාද, සඤ්ඤෝජන උපාදාන යයි සයෙක් ද කියන ලදහ. එයින් වර්ගය යි කියනු ලැබේ.