යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤොජනසුත‍්තං

1. 12. 9.

1. 12. 9.

සඤ‍්ඤොජනසුත‍්තං

සංයෝජන සූත්‍රය

122. සඤ‍්ඤොජනියෙ ච භික‍්ඛවෙ ධම‍්මෙ දෙසිස‍්සාමි සඤ‍්ඤොජනඤ‍්ච. තං සුණාථ. කතමෙ ච භික‍්ඛවෙ, සඤ‍්ඤොජනියා ධම‍්මා, කතමඤ‍්ච සඤ‍්ඤොජනං:

122. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිතදහම් ද සඤ්ඤෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිත දහම්හු කවරහු ද සඤ්ඤෝජන කවරේ ද යත්:

සන‍්ති භික‍්ඛවෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සඤ‍්ඤොජනියා ධම‍්මා. යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ සඤ‍්ඤොජනියා ධම‍්මා. යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනන‍්ති.

මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. මහණෙනි, මොහු සඤ්ඤෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි.