යෙදුමෙන් කියවන්න

රාහුළොවාදසුත‍්තං

1. 12. 8.

1. 12. 8.

රාහුළොවාදසුත‍්තං

රාහුලෝවාද සූත්‍රය

121. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි:

121. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එසඳ එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළවිය;

“පරිපක‍්කා ඛො රාහුළස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා. යන‍්නූනාහං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙය්‍ය”න‍්ති.

රාහුලගේ රහත්බව මුහුකුරුවනදහම්හු මුහුකුරා ගියහ. මම රාහුල මහරහත්බැව්හි හික්මවන්නෙම් නම් මැනවැ යි.

අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි: “ගණ‍්හාහි රාහුල නිසීදනං. යෙනන්‍ධවනං තෙනුපසඞ‍්කමිස‍්සාම දිවාවිහාරායා”ති. “එවම‍්භන‍්තෙ’ති ඛො ආයස‍්මා රාහුලො භගවතො පටිස‍්සුත්‍වා නිසීදනං ආදාය භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වන්හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණුසේක් ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක: රාහුලය, නිසීදනය ගනුව. දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹෙන්නෙමු යි. එසේය වහන්සැ යි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගමන් කෙළේ ය.

තෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස‍්සානි භගවන‍්තං අනුබන්‍ධානි භවන‍්ති, “අජ‍්ජ භගවා ආයස‍්මන‍්තං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙස‍්සතී”ති. අථ ඛො භගවා අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. ආයස‍්මාපි ඛො රාහුලො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාහුලං භගවා එතදවොච:

එකල්හි නොයෙක් දහස්ගණන් දෙවියෝ “අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරුන් මහරහත්බැව්හි හික්මවන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළාහු වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

“තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. “යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති. නොහෙතං භන‍්තෙ.

රාහුලය, ඒ කිමැයි හඟිහි, චක්‍ෂුස නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුඃඛ යැ. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය “තෙලෙ මාගේ ය. තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම ය යි දක්නට නිසි වේ දැ”යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.

“රූපා නිච‍්චා වා අනිච‍්චා වා”ති. අනිච‍්චා භන‍්තෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වා”ති. අනිච‍්චො භන‍්තෙ -පෙ- යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ.

රූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? වහන්ස, අනිත්‍ය යැ ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. ... චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනාවක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.

“සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වා”ති. අනිච‍්චා භන‍්තෙ -පෙ- රසා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ.

කන ... නැහැය ... දිව නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. ... රස ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... ජිහ්වාසංස්පර්‍ශය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.

“කායො -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වා”ති. අනිච‍්චො භන‍්තෙ. “යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. “යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ.

කය ... සිත නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.

“ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වා”ති. අනිච‍්චා භන‍්තෙ -පෙ- මනො විඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සො -පෙ- “යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති. දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ.

දහම් නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේද?. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.

එවං පස‍්සං රාහුල සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- ජිව‍්හායම‍්පි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ජිව‍්හාවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, ජිව‍්හාසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස් පහසෙත් කලකිරෙයි. ඇස්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි ... නැහැයෙහිත් කලකිරෙයි ... දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. දිව්විනැණෙහිත් කලකිරෙයි. දිව්පහසෙහිත් කලකිරෙයි. දිව්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි ... සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනවිනැණෙහිත් කලකිරෙයි. මනපසෙහිත් කලකිරෙයි. මනපහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණු ය යි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කරණී කරනලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා රාහුලො භගවතො භාසිතං අභිනන්‍දි. ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ ආයස‍්මතො රාහුළස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ සුතුර බණන කල්හි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.

අනෙකානඤ‍්ච දෙවතාසහස‍්සානං විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

නොයෙක් දහස් ගණන් දෙවියන්ට ද “යම් කිසිවක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුලු ය” යි කෙලෙස්රජස් නැති පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළවී.