සාරිපුත‍්තසද‍්ධිවිහාරිකසුත‍්තං
1. 12. 7.
1. 12. 7.
සාරිපුත‍්තසද‍්ධිවිහාරිකසුත‍්තං
සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය
120. එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: සද‍්ධිවිහාරිකො ආවුසො සාරිපුත‍්ත භික‍්ඛු සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තොති.
120. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීයේ ය. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, සද්ධිවිහාරික මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළුණේ යි.
එවංහෙතං ආවුසො හොති ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරස‍්ස භොජනෙ අමත‍්තඤ‍්ඤුනො ජාගරියං අනනුයුත‍්තස‍්ස.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නොයෙදුණු (මහණ) හට මෙය මෙසේම වෙයි.
සො වතාවුසො භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරො භොජනෙ අමත‍්තඤ‍්ඤූ ජාගරියං අනනුයුත‍්තො යාවජීවං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං සන‍්තානෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සො වතාවුසො භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙ මත‍්තඤ‍්ඤූ ජාගරියං අනුයුත‍්තො යාවජීවං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං සන‍්තානෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නො ලැබේ. ඇවැත්නි, ඉඳුරන්හි වැසූ දොර ඇති බොජුනෙහි පමණ දන්නා නිදිවැරීමෙහි යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් ලැබෙයි.
කථඤ‍්චාවුසො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති. ඉධාවුසො, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. එවං ඛො ආවුසො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති.
ඇවැත්නි, කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රුවක් දැක නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජනවශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස (දැඩිලොබ, නොසතුට) යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්ඛුන්‍ද්‍රියය රකී. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසලදහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙසේ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
කථඤ‍්චාවුසො භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති. ඉධාවුසො භික‍්ඛු පටිසඞ‍්ඛායොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය. ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි යාත්‍රා ච මෙ භවිස‍්සති, අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො ආවුසො භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති.
ඇවැත්නි, කෙසේ නම් බොජුනෙහි පමණ දන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ “කෙළි පිණිස නො වේ, මදය පිණිස නො වේ, අඩුතැන් පිරීම පිණිස නො වේ, සැරසුම පිණිස නො වේ, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස සාදුක් වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස (වළඳමි). මෙසේ පැරණි වේදනාව ද නසන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියව් පැවැත්ම ද නිවරද බව ද පහසුවිහරණය ද වන්නේ ය”යි නුවණින් සලකා අහර ගනී. ඇවැත්නි, මෙසේ බොජුනෙහි පමණ දන්නේ වෙයි.
කථඤ‍්චාවුසො ජාගරියං අනුයුත‍්තො හොති. ඉධාවුසො භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා මජ‍්ඣිමං යාමං දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසිකරිත්‍වා. රත‍්තියා පච‍්ඡිමං යාමං පච‍්චුට‍්ඨාය චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. එවං ඛො ආවුසො ජාගරියං අනුයුත‍්තො හොති.
ඇවැත්නි, කෙසේ නම් නිදිවැරීමෙහි යෙදුණේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ දහවල සක්මනින් ද හිඳීමෙන් ද නීවරණ දහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමුයම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදුම්යම දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා සිහි ඇත්තේ මනානුවණ ඇත්තේ නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණුපසින් සිංහශෙය්‍යව කෙරෙයි. රෑ පැසුළුයම පෙරළා නැඟිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. ඇවැත්නි, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
තස‍්මාතිහාවුසො එවං සික‍්ඛිතබ‍්බං: ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භවිස‍්සාම භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තාති. එවං හි වො ආවුසො සික‍්ඛිතබ‍්බන‍්ති.
ඇවැත්නි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතු යි. ඉඳුරන්හි වැසූ දොර ඇත්තමෝ බොජුනෙහි පමණ දන්නමෝ නිදිවැරීමෙහි යෙදුණමෝ වන්නෙමු යි. ඇවැත්නි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.