පඤ‍්චසිඛපඤ‍්හසුත‍්තං
1. 12. 6.
1. 12. 6.
පඤ‍්චසිඛපඤ‍්හසුත‍්තං
පඤ්චසිඛපඤ්හ සූත්‍රය
119. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බපුත‍්තො භගවන‍්තං එතදවොච: කො නුඛො භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ නො පරිනිබ‍්බායන‍්ති? කො පන භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තීති.
119. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි.
සන‍්ති ඛො පඤ‍්චසිඛ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා -පෙ- (යථා පුරිමකං සුත‍්තන‍්තං විත්‍ථාරෙතබ‍්බං) සන‍්ති ඛො පඤ‍්චසිඛ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො පඤ‍්චසිඛ භික‍්ඛු නො පරිනිබ‍්බායති. අයං ඛො පඤ‍්චසිඛ හෙතු අයං පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙවධම‍්මෙ නො පරිනිබ‍්බායන‍්ති.
පඤ්චසිඛ, ඇසින් දතුයුතු රූ ඇත. ... (පළමු සුතුර මෙන් විතර කටයුතු යි) පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
සන‍්ති ච ඛො පඤ‍්චසිඛ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා -පෙ- සන‍්ති ච ඛො පඤ‍්චසිඛ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති, තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො පඤ‍්චසිඛ භික‍්ඛු පරිනිබ‍්බායති. අයං ඛො පඤ‍්චසිඛ හෙතු අයං පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තීති.
පඤ්චසිඛ, ඇසින් දතයුතු රූ ඇත ... පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.