සක‍්කපඤ‍්හසුත‍්තං
1. 12. 5.
1. 12. 5.
සක‍්කපඤ‍්හසුත‍්තං
සක්කපඤ්හ සූත්‍රය
118. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො සක‍්කො දෙවානමින්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සක‍්කො දෙවානමින්‍දො භගවන‍්තං එතදවොච: කො නු ඛො භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ නො පරිනිබ‍්බායන‍්ති? කො පන භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්ති?
118. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි. වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි.
සන‍්ති ඛො දෙවානමින්‍ද, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො දෙවානමින්‍ද, භික‍්ඛු නො පරිනිබ‍්බායති. සන‍්ති ඛො දෙවානමින්‍ද, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති ඛො දෙවානමින්‍ද, මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො දෙවානමින්‍ද, භික‍්ඛු නො පරිනිබ‍්බායති. අයං ඛො දෙවානමින්‍ද, හෙතු අයං පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ නො පරිනිබ‍්බායන‍්ති.
දෙවිඳ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
සන‍්ති ච ඛො දෙවානමින්‍ද, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො දෙවානමින්‍ද, භික‍්ඛු පරිනිබ‍්බායති. සන‍්ති ඛො දෙවානමින්‍ද, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති ඛො දෙවානමින්‍ද, මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො දෙවානමින්‍ද භික‍්ඛු පරිනිබ‍්බායති. අයං ඛො දෙවානමින්‍ද, හෙතු අයං පච‍්චයො යෙන මිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තීති.
දෙවිඳ, ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නො ඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නොඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටු දැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.