යෙදුමෙන් කියවන්න

කාමගුණසුත‍්තං

1. 12. 4.

1. 12. 4.

කාමගුණසුත‍්තං

කාමගුණ සූත්‍රය

117. පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි. යෙමෙ පඤ‍්චකාමගුණා චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බා අතීතා නිරුද‍්ධා විපරිණතා, තත්‍ර මෙ චිත‍්තං බහුලං ගච‍්ඡමානං ගච‍්ඡෙය්‍ය, පච‍්චුප‍්පන‍්නෙසු වා, අප‍්පං වා අනාගතෙසු.

117. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පස්කම්ගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි මා සිත පවත්නේ බහුල වශයෙන් පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය.) අනාගත පඤ්චකාමගුණයන්හි ද මඳ වශයෙන් (පවත්නේ ය.)

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: යෙමෙ පඤ‍්චකාමගුණා චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බා අතීතා නිරුද‍්ධා විපරිණතා, තත්‍ර මෙ අත‍්තරූපෙන අප‍්පමාදො සති චෙතසො ආරක‍්ඛො කරණීයො.

මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද තමහට වැඩ කැමති මා විසින් එහි අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කටයුතුය කියා යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ, තුම‍්හාකම‍්පි යෙ වො පඤ‍්චකාමගුණා චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බා අතීතා නිරුද‍්ධා විපරිණතා, නනු වො චිත‍්තං බහුලං ගච‍්ඡමානං ගච‍්ඡෙය්‍ය පච‍්චුප‍්පන‍්නෙසු වා අප‍්පං වා අනාගතෙසු. තස‍්මාතිහ භික‍්ඛවෙ, තුම‍්හාකම‍්පි යෙ වො පඤ‍්චකාමගුණා චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බා අතීතා නිරුද‍්ධා විපරිණතා තත්‍ර වො අත‍්තරූපෙහි අප‍්පමාදො සති චෙතසො ආරක‍්ඛො කරණීයො.

මහණෙනි, එහෙයින් මෙහි ලා තොපට ද තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි තොපගේ සිත පවත්නේ බහුල කොට පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය) අනාගත පඤ්චකාමගුණයන්හි ද මද කොට (පවත්නේ ය.) මහණෙනි, එහෙයින් මෙහි ලා තොප විසිනුදු තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි ලා තමහට වැඩකැමති තොප විසින් අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කට යුතු යැ.

තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති, රූපසඤ‍්ඤා ච විරජ‍්ජති, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ සොතඤ‍්ච නිරුජ‍්ඣති සද‍්දසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ ඝානඤ‍්ච නිරුජ‍්ඣති ගන්‍ධසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ ජිව‍්හා ච නිරුජ‍්ඣති රසසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ කායො ච නිරුජ‍්ඣති ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙති. ඉදං වත්‍වා භගවා උට‍්ඨායාසනා විහාරං පාවිසි.

මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක කනත් නිරුද්ධ වේ නම් ශබ්දසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක නැහැයත් නිරුද්ධ වේ නම් ගන්‍ධසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක දිවත් නිරුද්ධ වේ නම් රසත් නැති වේ නම් ඒ ආයතනය දත යුතු ය. යම් තැනෙක කයත් නිරුද්ධ වේ නම් ස්ප්‍රෂ්ටව්‍යසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.

අථ ඛො තෙසං භික‍්ඛූනං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො. “තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති, රූපසඤ‍්ඤා ච විරජ‍්ජති, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි, අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති.

එකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වි ය: මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආනන්‍ද ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආනන්‍ද අයුෂ්මතුන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.

අථ ඛො තෙ භික‍්ඛූ යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො ආනන්‍ද, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ. යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති, ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙති.

ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.

තෙසං නො ආවුසො, අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති, රූපසඤ‍්ඤා ච විරජ‍්ජති, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති, ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ”ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

ඇවැත්නි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දත යුතුය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ” යි.

තෙසං නො ආවුසො, අම‍්හාකං එතදහොසි: අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති. විභජතායස‍්මා ආනන්‍දොති.

ඇවැත්නි, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආනන්‍ද ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් මේ අරුත් පුළුවුස්නමෝ නම් මැනවැයි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා විස්තර කෙරෙත්වා” යි.

සෙය්‍යථාපි ආවුසො, පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්ම ඛන්‍ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය. එවං සම‍්පදමිදං. ආයස‍්මන‍්තානං සත්‍ථරි සම‍්මුඛීභූතෙ තං භගවන‍්තං අතිසිත්‍වා අම‍්හෙ එතමත්‍ථං පටිපුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤථ. සොහාවුසො භගවා ජානං ජානාති පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි, යං භගවන‍්තඤ‍්ඤෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහරුකෙක මුලත් ඉක්ම කඳත් ඉක්ම අතුකොළවල හර සෙවියයුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ මේ අරුත අපගෙන් පිළිවිසිය යුතු ය යි හඟිවු ද. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දන්නෝම දනිති. දක්නාහුම දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍ම ස්මාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එයට මෙය ම කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එපරිද්දෙන් එය දරව යි.

අද‍්ධා ආවුසො ආනන්‍ද භගවා ජානං ජානාති පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි, යං භගවන‍්තඤ‍්ඤෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාම යථා නො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාම. අපි චායස‍්මා ආනන්‍දො සත්‍ථුචෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං, විභජතායස‍්මා ආනන්‍දො අගරුං කරිත්‍වාති.

ඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දන්නාහුම දනිති, දක්නාහුම දකිති. චක්‍ෂුර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍මස්වාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එය ම මීට කල් වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නොබර කොට විතර විසින් අරුත බෙදන සේක්වා යි.

තෙනහාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස‍්සාමීති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා ආනන්‍දො එතදවොච: යං ඛො වො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: තස‍්මාතිහ භික‍්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙති. ඉමස‍්ස ඛ‍්වාහං ආවුසො භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සළායතනනිරොධං ඛො එතං ආවුසො භගවතා සන්‍ධාය භාසිතං: “තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති, රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ”ති.

ඇවැත්නි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවෝ මෙය කීහ: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද රූපසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය. ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යන මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් සළායතන නිරෝධය සඳහා වදාරන ලදී.

යං ඛො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: “තස‍්මාතිහ භික‍්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති, ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙති ඉමස‍්ස ඛ‍්වාහං ආවුසො භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ ආයස‍්මන‍්තො භගවන‍්තඤ‍්ඤෙව උපසඞ‍්කමථ, උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරොති, තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නොබෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹෙවු. එළඹ මේ අරුත පිළිවිසිවු. යම් සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් එය දරව යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං:

එසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:

යං ඛො නො භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: “තස‍්මාතිහ භික‍්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ, යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ”ති තෙසං නො භන‍්තෙ අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි:

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම් තැනක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් වීය.

ඉදං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: “තස‍්මාතිහ භික‍්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ යත්‍ථ චක‍්ඛුඤ‍්ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ -පෙ- යත්‍ථ මනො ච නිරුජ‍්ඣති ධම‍්මසඤ‍්ඤා ච විරජ‍්ජති සෙ ආයතනෙ වෙදිතබ‍්බෙ”ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය … යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය”යි මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.

තෙසං නො භන‍්තෙ, අම‍්හාකං එතදහොසි: අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති.

වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.

අථ ඛො මයං භන‍්තෙ, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිම‍්හ උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡිම‍්හ. තෙසං නො භන‍්තෙ ආයස‍්මතා ආනන්‍දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ‍්ජනෙහි අත්‍ථො විභත‍්තොති. පණ‍්ඩිතො භික‍්ඛවෙ ආනන්‍දො, මහාපඤ‍්ඤො භික‍්ඛවෙ ආනන්‍දො, මඤ‍්චෙපි තුම‍්හෙ භික‍්ඛවෙ එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි තං එවමෙවං ව්‍යාකරෙය්‍යං යථා තං ආනන්‍දෙන ව්‍යාකතං. එසො ඛො චෙවෙතස‍්ස අත්‍ථො එවඤ‍්ච නං ධාරෙය්‍යාථාති.

වහන්ස, එකල්හි අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹුණෙමු. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මෙ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝ යැ. මහණෙනි, තෙපි මේ අරුත මගෙනුදු පුළුවුස්නහු නම් “යම්සේ එය ආනන්‍දයන් විසින් පවසන ලද්දේ ද මමත් එය එසේ ම පවසන්නෙමි. මෙය ම මෙහි අරුත යි. මෙසේ ම එය දරව” යි.