යෙදුමෙන් කියවන්න

ලොකන‍්තගමනසුත‍්තං

1. 12. 3.

1. 12. 3.

ලොකන‍්තගමනසුත‍්තං

ලෝකන්තගමන සූත්‍රය

116. නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමීති. ඉදං වත්‍වා භගවා උට‍්ඨායාසනා විහාරං පාවිසි.

116. මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි, දැක්ක හැකි යැයි, පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි යි මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.

අථ ඛො තෙසං භික‍්ඛූනං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වී ය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි යයි මම නො කියමි. මහණෙනි ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි, අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති.

එකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.

අථ ඛො තෙ භික‍්ඛූ යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො ආනන්‍ද, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ, අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති. තෙසං නො ආවුසො අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි:

ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකියැ යි දැක්ක හැකි ය යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි. මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ අපට මෙබඳු සිතෙක් විය.

ඉදං ඛො නො ආවුසො භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති. තෙසං නො ආවුසො අම‍්හාකං එතදහොසි: අයං ඛො ආවුසො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති. විභජතායස‍්මා ආනන්‍දොති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි. ඇවැත්නි ඒ අපට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි, මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදත්වා යි.

සෙය්‍යථාපි ආවුසො පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්ම ඛන්‍ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය එවං සම‍්පදමිදං. ආයස‍්මන‍්තානං සත්‍ථරි සම‍්මුඛීභූතෙ තං භගවන‍්තං අතිසිත්‍වා අම‍්හෙ එතමත්‍ථං පටිපුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤථ, සොහාවුසො භගවා ජානං ජානාති පස‍්සං පස‍්සති, චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සොචෙව පනෙතස‍්ස කාලො අහොසි, යං භගවන‍්තඤ‍්ඤෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහත් රුකෙක මුල ඉක්මැ කඳ ඉක්මැ අතු කොළවල හර සෙවිය යුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ අපගෙන් මේ අරුත පිළිවිසිය යුතු යයි හඟනහු ය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. (ලොවට) ඇසක් ම වූහ. ලොවට ඥානය ම වූහ. ලොවට ධර්‍මය ම වූහ. ලොවට බ්‍රහ්මන් ම වූහ. වක්තෘ ම ය. ප්‍රවක්තෘ ම ය. අර්‍ත්‍ථ නිර්නේතෘ ය. අමෘත දායක ය. ධර්‍මස්වාමී ය. තථාගත ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නාහු නම් එය ම මීට කාලය වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නහු යයි.

අද‍්ධාවුසො ආනන්‍ද භගවා ජානං ජානාති පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො.

ඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘයහ. ප්‍රවක්තෘයහ. අමාව දෙනුවහ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘයහ. ධර්‍මස්වාමීයහ. තථාගතයහ.

සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං භගවන‍්තඤ‍්ඤෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාම, යථා නො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාම. අපිචායස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. විභජතායස‍්මා ආනන්‍දො අගරුං කරිත්‍වාති.

යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නමෝ නම් එය ම මීට කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට බෙදන සේක්වා යි.

තෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ. භාසිස‍්සාමීති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා ආනන්‍දො එතදවොච: යං ඛො වො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො: “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති, ඉමස‍්ස ඛ‍්වාහං ආවුසො භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි:

ඇවැත්නි එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනනුද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි:

යෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී, අයං වුච‍්චති අරියස‍්ස විනයෙ ලොකො. කෙන චාවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී?

ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝක ය යි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ ද යත්:

චක‍්ඛුනා ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී. සොතෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී, ඝානෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී, ජිව‍්හාය ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී. කායෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී. මනෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී. යෙන ඛො ආවුසො ලොකස‍්මිං ලොකසඤ‍්ඤී හොති ලොකමානී. අයං වුච‍්චති අරියස‍්ස විනයෙ ලොකො.

ඇවැත්නි, ඇස නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කන නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, නැහැය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, දිව නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, සිත නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝකය යි කියනු ලැබේ.

යං ඛො වො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං, දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති, ඉමස‍්ස ඛ‍්වාහං ආවුසො භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ ආයස‍්මන‍්තො භගවන‍්තඤ‍්ඤෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරොති තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි’ යි. යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි. තවද ඇවැත්නි තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අරුත පුළුවුස්නවුය. භාග්‍යවතුන් වහන්සේ යම්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් මෙය දරවු ය යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: යං ඛො නො භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “නාහං භික‍්ඛවෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ, අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති. තෙසං නො භන‍්තෙ අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි:

“එසේ ය ඇවැත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි යම් උද්දේසයක් සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, වහන්ස ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය.

ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, “නාහං භික‍්ඛවෙ, ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං, දට‍්ඨෙය්‍යං, පත‍්තෙය්‍යන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ, අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි’ යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.

තෙසං නො භන‍්තෙ අම‍්හාකං එතදහොසි: අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සංභාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමාති.

වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි.

අථ ඛො මයං භන‍්තෙ, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිම‍්හ උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පටිපුච‍්ඡිම‍්හ. තෙසං නො හෙතං භන‍්තෙ, ආයස‍්මතා ආනන්‍දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ‍්ජනෙහි අත්‍ථො විභත‍්තොති. පණ‍්ඩිතො භික‍්ඛවෙ, ආනන්‍දො, මහාපඤ‍්ඤො භික‍්ඛවෙ ආනන්‍දො, මඤ‍්චෙපි තුම‍්හෙ භික‍්ඛවෙ, එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි ච තං එවමෙව ව්‍යාකරෙය්‍යං, යථා තං ආනන්‍දෙන ව්‍යාකතං. එසො ඛො චෙවෙතස‍්ස අත්‍ථො, එවඤ‍්ච තං ධාරෙය්‍යාථාති.

වහන්ස, ඉක්බිති අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹුනෙමු. එළඹ ආනන්‍ද ආයුෂ්තුන්ගෙන් මේ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආනන්‍ද ආයුෂ්මතුන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ ය යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝහ. මහණෙනි තෙපි මගෙනුදු මේ අරුත පුළුවුස්නහු නම් මම ද එය මෙසේ ම පවසන්නෙම් වෙමි. ආනන්‍දයන් විසින් එය යම්සේ පවසන ලද්දේ නම් මෙය ම මෙහි අරුත ය. මෙසේ ම එය දරවු ය යි.