දුතියමාරපාසසුත්තං
1. 12. 2.
1. 12. 2.
දුතියමාරපාසසුත්තං
දුතිය මාරපාස සූත්රය
115. සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු බද්ධො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු, ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, යථාකාමකරණීයො පාපිමතො.
115. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, (එහි) ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූහි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
සන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා -පෙ- තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු බද්ධො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, යථාකාමකරණීයො පාපිමතො.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, සිතින් දත යුතු දහම් ඇත ... ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, එහි ගුණ කියන්නේ ද එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දතයුතු දහම්හි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
සන්ති ච ඛො භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු, මුත්තො චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි, න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, න යථාකාමකරණීයො පාපිමතො.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූපයන්ගෙන් මිදඳුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ.
සන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු මුත්තො මනොවිඤ්ඤෙය්යෙහි ධම්මෙහි, න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, න යථාකාමකරණීයො පාපිමතොති.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටිනේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දත යුතු දහමින් මිදුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ යි.