වජ්ජිසුත්තං
1. 13. 2.
1. 13. 2.
වජ්ජිසුත්තං
වජ්ජී සූත්‍රය
125. එකං සමයං භගවා වජ්ජීසු විහරති හත්ථිගාමෙ. අථ ඛො උග්ගො ගහපති හත්ථිගාමකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති හත්ථිගාමකො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති. (යථා පුරිමසුත්තන්තං එවං විත්ථාරෙතබ්බං) -පෙ- අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
125. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි දනව්වෙහි හත්ථිගම්හි වැඩවසන සේක. එකල්හි හත්ථිගම්වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හත්ථි ගම් වැසි උග්ග ගැහැවි භාගවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? (පළමු සුතුර මෙන් විතර කටයුතු) ... ගැහැවි, යම් හෙයකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
1. 13. 3.
1. 13. 3.
නාලන්දාසුත්තං
නාලන්දා සූත්‍රය
126. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො උපාලි ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උපාලි ගහපති භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති. (විත්ථාරෙතබ්බං) -පෙ- අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
126. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි. (විතර කට යුතු) ... ගැහැවි යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.