භාරද්වාජසුත්තං
1. 13. 4.
1. 13. 4.
භාරද්වාජසුත්තං
භාරද්වාජ සූත්‍රය
127. එකං සමයං ආයස්මා පිණ්ඩොලභාරද්වාජො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො රාජා උදෙනො යෙනායස්මා පිණ්ඩොලභාරද්වාජො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා උදෙනො ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං එතදවොච:
127. එක්කලෙක ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
කො නු ඛො භො භාරද්වාජ හෙතු කො පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු, යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති?
භවත් භාරද්වාජයෙනි, තරුණ වූ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමුවන වයසින් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ භික්ෂූහු යම්හෙයෙකින් දිවිහිමියෙන් පිරිපුන් පිරිසිදු බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
වුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන “එථ තුම්හෙ භික්ඛවෙ මාතුමත්තිසු මාතුචිත්තං උපට්ඨපෙථ, භගිනිමත්තීසු භගිනිචිත්තං උපට්ඨපෙථ, ධීතුමත්තිසු ධීතුචිත්තං උපට්ඨපෙථා”ති. අයං ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති අද්ධානඤ්ච ආපාදෙන්තීති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. මවු වැන්නවුන් කෙරෙහි මව යන සිත එළව. බුහුන වැන්නවුන් කෙරෙහි බුහුන යන සිත එළව. දූ වැන්නවුන් කෙරෙහි දුව යන සිත එළව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
ලොලං ඛො භො භාරද්වාජ චිත්තං. අප්පෙකදා මාතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති භගිනිමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, ධීතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති. අත්ථි නු ඛො භො භාරද්වාජ අඤ්ඤො ච හෙතු අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- අද්ධානඤ්ච ආපාදෙන්තීති.
භවද් භාරද්වාජයෙනි, මේ සිත ලොල් ය. මවු වැන්නවුන් කෙරෙහි දු ඇතැම් දිනෙක ලෝබසිත් උපදී. බුහුන වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. දූ වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. භවත් භාරද්වාජයෙනි, තරුණ මන කළු කෙහෙ ඇති ... මේ තරුණ භික්ෂූහු යම් හෙයෙකින් බඹසර කෙරෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවකුත් අනෙක් ප්රත්යයෙකුත් ඇද්දැ යි.
වුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන “එථ තුම්හෙ භික්ඛවෙ ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛථ. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති. අයම්පි ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි. මහණෙනි, තෙපි එවු. පතුලෙන් උඩ කෙසගින් යට (අවටින්) සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ සිරුර ම පස්විකවු. (කෙසේ ද යත්:) මේ සිරුරෙහි කෙහෙ, ලොම්, නිය, දත්, සිවිය, මස, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංසය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, පිත, සෙම, පූයා, ලේ, ඩහ, මේදස්, කඳුළු, වුරුණුතෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර, ඇතැ යි කියා යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නොසිඳ පවත්වත් නම් එයට මේ ද හේතුවෙකි, මේ ද ප්‍රත්‍යයෙකි.
යෙ තෙ භො භාරද්වාජ භික්ඛූ භාවිතකායා භාවිතසීලා භාවිතචිත්තා භාවිතපඤ්ඤා තෙසං තං න දුක්කරං හොති. යෙ ච ඛො තෙ භො භාරද්වාජ භික්ඛූ අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා තෙසං තං දුක්කරං හොති. අප්පෙකදා භො භාරද්වාජ අසුභතො මනසිකරිස්සාමාති සුභතො වා ආගච්ඡති. අත්ථි නු ඛො භො භාරද්වාජ අඤ්ඤො ච හෙතු අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
භවත් භාරද්වාජයෙනි, වැඩූ කය (කායගතා සති) ඇති වැඩූ සිල් ඇති වැඩූ සිත් ඇති වැඩූ නුවණ ඇති යම් ඒ භික්ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර නො වේ. භවද් භාරද්වාජයෙනි, නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ නුවණැති යම් ඒ භික්ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර වේ. භවත් භාරද්වාජයෙනි, ඇතැම් දිනෙක අශුභවශයෙන් මෙනෙහි කරන්නෙමු යි ශුභවශයෙන් ද මෙනෙහි කිරීමට පැමිණේ. භවද් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවෙකුත් ප්රත්යයෙකුත් ඇද්දැ යි.
වුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘එථ තුම්හෙ භික්ඛවෙ ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජථ. රක්ඛථ චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජථ. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. ඉඳුරන්හි වැසූ දොර ඇති ව වෙසෙවු. ඇසින් රූ දැක නහමක් නිමිති ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු, චක්ඛුන්ද්‍රියේ සංවරයට පැමිණෙවු. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැස ...
මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජථ. රක්ඛථ මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජථා”ති. අයම්පි ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසු කාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
සිතින් දහම් දැන නහමක් නිමිති වශයෙන් ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්‍ද්‍රිය රකිවු, මනින්ද්‍රියේ සංවරයට පැමිණෙව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට මෙ ද හේතුවෙකි. මේ ද ප්‍රත්‍යයෙකි.
අච්ඡරියං භො භාරද්වාජ, අබ්භුතං භො භාරද්වාජ. යාව සුභාසිතංමිදං භො භාරද්වාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන. එසො ව ඛො භො භාරද්වාජ හෙතු එසපච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති අද්ධානඤ්ච ආපාදෙන්තීති.
භවත් භාරද්වාජයෙනි ආශ්චර්‍ය්‍යයෙකි, භවත් භාරද්වාජයෙනි අද්භූතයෙකි, භවත් භාරද්වාජයෙනි සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කෙතරම් මැනවින් වදාරන ලද ද? භවත් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගුකලෙකුත් නො සිඳ පවත්වත් නම් එයට මෙය ම හේතු යි මෙය ම ප්‍රත්‍යය යි.
අහම්පි ඛො භො භාරද්වාජ, යස්මිං සමයෙ අරක්ඛිතෙනෙව කායෙන ආකෙඛිතාය වාචාය අකෙඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි අන්තෙපුරං පවිසාමි. අතිවිය මං තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති. යස්මිඤ්ච ඛ්වාහං භො භාරද්වාජ සමයෙ රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි අන්තෙපුරං පවිසාමි න මං තත්ථ තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති.
භවත් භාරද්වාජයෙනි, යම් කලෙක මම ද නො රක්නා ලද කයින් නො රක්නා ලද වදනින් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි ලොබසිත් මා බෙහෙවින් මැඩලයි. භවත් භාරද්වාජයෙනි, යම් කලෙකත් මා රක්නා ලද කයින් රක්නා ලද වදනින් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි එහි ලොබසිත් මා නහමක් මැඩල යි.
අභික්කන්තං භො භාරද්වාජ, අභික්කන්තං භො භාරද්වාජ, සෙය්යථාපි භො භාරද්වාජ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා භාරද්වාජෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො භාරද්වාජ තං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං භාරද්වාජො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් භාරද්වාජයෙනි, ඉතා මැනවි. භවත් භාරද්වාජයෙනි, ඉතා මැනව. භවත් භාරද්වාජයෙනි, යටිකුරු කරන ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ වැසුම් හරින්නේ ද මංමුළාවූවකුට මග හෝ කියන්නේ ද ඇස් ඇත්තෝ රූ දකිත්ව යී අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද එසෙයින් ම භවද් භාරද්වාජයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදී. භවත් භාරද්වාජයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේ ද දහම ද බික්සඟන ද සරණ කොට යෙමි. භවද් භාරද්වාජ තෙරණුවෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා යි.