ඝොසිතසුත්තං
1. 13. 6.
1. 13. 6.
ඝොසිතසුත්තං
ඝෝසිත සූත්‍රය
129. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ඝොසිතො ගහපති යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ඝොසිතො ගහපති ආයස්මන්තං ආනන්දං එතදවොච: “ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ආනන්ද වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතා”ති.
129. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය සැලකෙළේ ය. වහන්ස, ආනන්දයෙනි, “ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය” යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණෙකින් “ධාතුනානාත්‍වය” වදාරන ලද්දේ දැ යි.
සංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච මනාපා, චක්ඛුවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛාවෙදනා. සංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච අමනාපා, චක්ඛුවිඤ්ඤාණඤ්ච දුක්ඛවෙදනියං. ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච උපෙඛාඨානියා, චක්ඛුවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා.
ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද උපේක්ෂාවට කරුණු වූ රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
සංවිජ්ජති ඛො ගහපති සොතධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති ඝානධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච මනාපා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච අමනාපා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච උපෙඛාඨානියා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා.
ගැහැවිය, සෝතධාතුව ඇත ... ගැහැවිය, ඝානධාතුව ඇත ... ගැහැවිය, ජිව්හාධාතුව ද මනවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මන නොවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මැදහත්බවට කරුණු වූ රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
සංවිජ්ජති ඛො ගහපති කායධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච මනාපා, මනොවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච අමනාපා, මනොවිඤ්ඤාණඤ්ච, දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච උපෙඛාඨානීයා, මනොවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. එත්තාවතා ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතාති.
ගැහැවිය, කායධාතුව ඇත ... ගැහැවිය, මනෝධාතුව ද මනවඩන දහම් ද මනෝවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මනනොවඩන දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මැදහත් බවට කරුණු වූ දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය වදාරන ලදී යි.